ශ්‍රී ලාංකිකයින්ට නිතර වරදින ජපන් යෙදුම්.
ජපන් භාෂාව හොදින් කතා කරන්න පුළුවන් උනත් නොදැනීම අපි අතින් වරදින අවස්ථා තියෙනවා. එවැනි යෙදුම් වැරදියි යැයි පවසනවාට වඩා ජපන් භාෂාවේදී භාවිතා කරන ආකාරය වෙනස් යැයි පැවසීම වඩාත් නිවැරදියි. එහෙම වෙන්නේ ඇයි? ඒ විදිහට වරදින තැන් මොනවද ?කියල බලමු.
විශේෂයෙන්ම එනවා (kimasu) යනවා (ikimasu) වැනි වචන වැරදි ලෙස භාවිතා කරන අවස්ථා බහුලයි.
මම දැන් එනවා (ima watashi ga kimasu) වැනි යෙදුම් ලාංකිකයන් නිතර භාවිතා කරනවා. එනම්” මම දැන් එනවා, ඉක්මනින් එනවා”කියන අදහසින්. නමුත් ජපන් භාෂාවෙන් එලෙස පැවසූ විට අමුත්තක් දැනෙනවා. ජපන් ජාතිකයින්( mousugu ikimasu) , (mousugu tsukimasu) වගේ යෙදුම් ඒ වෙනුවට භාවිතා කරනවා.
Hai sensei Hai sensei…..
තවද “ගුරැතුමිය” (sensei) කියන වචනය ලාංකිකයන් නිතරම කියනවා.
විශේෂයෙන්ම ජපන් භාෂාව හදාරන්නට පටන්ගත් මුල් කාලයේදී සිසුන් “ඔව් සෙන්සෙයි” (hai sensei) කියන යෙදුම නිතර නිතර කියනවා. එනම් “ඔව් ,මට (යමක්) වැටහුනා” කියන අදහසින්.
නමුත් ජපානයේදී එලෙස තමන්ගේ ගුරැතුමියට නිතරම කතා කරන්නේ නැහැ. ඒනිසා එ්ක ලොකු වෙනසක් කියලා හිතනවා
Anou…..
තව එකක් තමයි “anou” කියන වචනය භාවිතා කරන ආකාරය.
ජපන් ජාතිකයින් එදිනෙදා කතාබහ කරන අතරතුරදී නිතරම එම යෙදුම භාවිත කරනවා. නමුත් ලාංකිකයන් ජපන් භාෂාවෙන් මේල් (e mail) යවන විටත් යොදාගන්නවා. විශේෂයෙන් ලාංකිකයන්, ජපන් භාෂාවෙන් මේල් එකක් එවන විට මුලින්ම “anou” කියන වචනය යොදනවා. එහි නොගැලපෙන බවක් දැනෙනවා.
මෙවැනි යෙදුම් ජපන් ජාතිකයින් කතාබහ කරන විට යොදාගත්තත් මේල් එකක් යවන විට එතරම් භාවිතා කරන්නේ නැහැ
“anou” කියන වචනය එලෙස යෙදීම වැරදියි කියල කියන්න බැහැ. නමුත් ජපන් ජාතිකයින් (ලිවීමේදී) එතරම් භාවිතා කරන්නේ නැහැ.
මේ විදිහට වරදින්නේ ඇයි?
සමහරවිට තමන්ගේ මව් භාෂාවේ බලපෑම නිසා මෙලෙස වැරදීම් සිදුවෙනවා යැයි සිතනවා.මෙම වැරදීම් කියවීමේදී ලිවීමේදී මෙන්ම උච්චාරණය කරන අවසිථාවලදීත් ඇතිවෙන්න පුළුවන්.
නමුත් නිතර නිතර වෙනත් භාෂාවන් පුහුණු වීම තුළින් මෙවැනි වැරදීම් මඟහරවා ගන්න පුළුවන්. අද අපි කතා කළේ ලාංකිකයන් ජපන් භාෂාව භාවිතයේදී වරදින තැන් කිහිපයක් ගැන විතරයි. මේ වගේ තවත් වැරදි ලෙස භාවිත වෙන යෙදුම් තියෙනවා. ඒ නිසා එවැනි වැරදීම් මඟහරවා ගන්න නිවරදිව භාෂාව හදාරන්න.