Japanese

තායිවානයෙත් අර්ධ කාලීන රැකියා (part time) කරන්න පුලුවන්ද? කියක් උපයන්න පුලුවන්ද? කියක් ඉතුරු කරන්න පුලුවන්ද? Part Time හොයලා දෙනවද?

  • このエントリーをはてなブックマークに追加

තායිවානයෙත් අර් ධ කාලීන රැකියා (part time) කරන්න පුලුවන්ද? කියක් උපයන්න පුලුවන්ද?
කියක් ඉතුරු කරන්න පුලුවන්ද? (Part time) හොයලා දෙනවද?

අපි අද කතා කරන්නේ මේ දින වල අප ආයතනයට නිතර පැමිණෙන දුරකථන ඇමතුම් මගින් අසන ලබන ප්‍රශ්න කිහිපයක් පිලිබදවයි.

තායිවානයෙත් අර්ධ කාලීන රැකියා කරන්න පුලුවන්ද? කියක් උපයන්න පුලුවන්ද?
කියක් ඉතුරු කරන්න පුලුවන්ද? (Part time) හොයලා දෙනවද?

පිළිතුර: අර් ධ කාලීන රැකියා කිරීමට හැක. දවසකට පැය 8ක් Part Time කිරීමට හැකියාව ඇති අතර උදේවරුව පමණක් විශ්වවිද්‍යාලයට යාමට සිදුවේ. දහවල් කාලයේ සිට රාත්‍රිය වන තුරු ඔබට රැකියාව කිරීමට හැකියාව ඇත. එහිදී වසරක් තුල ඔබට ලක්‍ෂ 1,500,000/¬- උපාය ගත හැකි අතර එයින් ලක්‍ෂ 800,000/- පමණ සියලු වියදම් සදහා වැය වූ පසු ලක්‍ෂ 700,000/- පමණ වසරකට ඉතිරි කර ගත හැකිය.

(Part time) හොයලා දෙනවද?
පිළිතුර: ඔව්! ඔබ ඇතුලත් වන විශ්වවිද්‍යාලය හරහා රැකියා අවස්ථා සොයා දීමට බැදී සිටියි. ඒ සදහා මාසයක කාලයක් ගතවන බව කිව යුතුය. එයට හේතුව රැකියා සදහා වූ visa බලපත්‍රය සහ පදිංචිය සනාත කිරිම සදහා වූ visa ලබා ගැනීමට මාසයක කාලයක් ගත වන බැවිනි.

බැංකු ශේෂය පෙන්විය යුත්තේ කොහොමද?

බැංකු ශේෂය අවම ලක්ෂ 6ක් පෙන්විය යුතුය. එය වසරක කාලයකය බැංකු ශේෂය විය යුතුය.

ඒ සදහා අවශ්‍ය උපදෙස් අප අයතනය විසින් ලබා දෙනු ඇත.

තායිවාන් යන්න සම්පුර් ණ මුදල කියද? එයට ඇතුලත් වන්නේ මොනවද?

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, ලියාපදිංචි ගාස්තු, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණී.

තායිවානයේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වී ඉගෙන ගැනීමට ලැබෙන්නේ මොනවාද? තායිවානය විදේශ අධ්‍යාපනයෙන් ලැබෙන ප්‍රතිලාබ මොනවාද?

තායිවානයේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට ඔබට අවස්ථාව ලැබෙන අතර මෙහිදී චීන බසින් ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. මේ සදහා මුලීක දැනුම අවශ්‍ය නොවේ. ඇත්තෙන්ම වර්තමානය වන විට චීන සමාගම් බහුලව දක් නට ලැබෙන අතර ලොකේ කොහේ ගියත් චීන භාෂාව දැනගෙන තිබීම වැදගත් වේ. මෙහිදී ඔබට ලැබෙන තවත් විශේෂ අවස්ථාවක් නම් ජපන් භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වීමයි.ඒ අතරම ඔබගේ කැමත්ත පරිදි සංචාරක ව්‍යාපාර පිළිබදවද ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.සංචාරක ව්‍යාපාරය වර්තමානයේ ලංකාවේ ප්‍රධාන අදායම් මර්ගය බවට පත්වෙමින් පවතින අතර චීන ජාතික සංචාරකයින් බහුලව දක්නට ලැබේ. ඇත්තෙන්ම මෙම විශේෂ අවස්ථාව මගින් ඔබට ලැබෙන දේ බොහෝය. භාෂා කිහිපයක් කථා කිරීමට හැකි වීම. සංචාරක ව්‍යාපාරය පිළිබදව මනාව ඉගෙනගෙන තීබිම ඔබට මෙම වටිනා අවස්ථාවෙන් ලැබෙන එක් ප්‍රතිලාභයකි.එම නිසා නැවත ලංකාවට පැමිණීයද රැකියාවක් නොමැතිවේ යැයි බියෙන් දුක් වීමට කිසිදු හේතුවක් නොමැත.
තායිවාන විදේශ අධ්‍යාපනයේ ඇති අනෙක් විශේෂත්වය නම් අවසන් වසරේ ඇති සීමාවාසික පුහුණුව සදහා ජපනය හෝ සිංගප්පූරුව සදහා යෑමට අවස්ථාව උදා වීමයි. එමෙන්ම මෙම පාඨමාලාව අවසන් වූ පසු රැකියා අවස්ථා  සොයා දීමද විශ්වවිද්‍යාලය මගින් සිදු කරයි. එමගින් Working Visa ලබා ගැනීමටද අවස්ථාව ලැබේ.

For more details:
Takahashi Japanese Language Centre
No. 51
Carmel Road
Colombo 03
Tel: 077-8862384
Email: info@serenseed.com
  • このエントリーをはてなブックマークに追加

Views