Japanese

මෙවර ජපන් විසා ප්‍රතික්ශේප​ වුණාද​? හේතුව කුමක්ද​?

  • このエントリーをはてなブックマークに追加

මෙවර ජපන් විසා ප්‍රතික්ශේප වුණාද? හේතුව කුමක්ද?

When you rejected by Japan student Visa, I highly recommend you to choose  Taiwan student Visa!

අද දින ටෝකියෝ ජපන් පාසල් වලට අයදුම් කරපු බොහෝ දෙනෙකුගේ ප්‍රතිපල නිකුත් වුණා කනගාටුවට කරුණනම් අයදුම් කල බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ විසා ප්‍රතික්ෂේප වී තිබීමයි. මට දැනගන්නට ලැබුණු කරුණනම් ජපානය විසින් ශ්‍රී ලාංකිකයන්හට විසා ලබා දීමේ ප්‍රතිශතය විශාල ලෙස පහල දමා ඇති බවයි. ලාංකිකයන් පමණක්ම නොවේ වියට්නාම් ශිෂ්‍යයන්, මියන්මාර ශිෂ්‍යයන්ගේද විසා බොහෝ ප්‍රමාණයක් ජපානය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ජපන් ශිෂ්‍ය විසා ප්‍රතික්‍ෂේප වීමට හේතු!

ජපානයේ ආගමන විගමන දෙපාර්තුමේන්තුව ශිෂ්‍යන්ගේ තේරීම් කරන්නේ කෙසේදැයි ඒජන්සි කරුවන් වන අපත් නිසැකවම දන්නේ නැත. බැංකු වාර්තා සහ බැංකු ගිණුම් පොතෙහි සදහන් ඇති තොරතුරු වල සත්‍ය බාවය තහවුරු කර ගැනීම සදහා ජපානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔබගේ ලියකියවිලි වල සදහන් දුරකථන අංක සදහා ඇමතුම් ලබා දී විමසීම් කරනු ලබන අතර ලියකියවිලි වල  සදහන් තොරතුරු නිවැරදිව ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඔවුන් ඔබගේ ලියකියවිලි ප්‍රතික්ෂේප කරන බව

එක්වරක් විසා ප්‍රතික්ෂේප වු විට?

බැංකු වාර්තා සත්‍ය තොරතුරු ලබා දී විසා ප්‍රතික්‍ෂේප වූ අයෙක්නම් එම වාර්තා සියල්ල සත්‍ය බවට පෙන්විය හැකි ලියකියවිල්ලක් නැවත ඉදිරිපත් කර නැවත ඉල්ලුම් කිරීමේ අවස්තාව ඇත. ඇත්තන්ම සත්‍ය තොරතුරු ලබා දී ඇත්නම් පමණක් මෙය ක්‍රියාත්මක කර බලමු.

අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර ප්‍රතික්ෂේප වුවහොත්

ජපානයේ ආගමන විගමන දෙපාර්තුමේන්තුව විසින් අසත්‍ය තොරතුරුමත ප්‍රතික්ෂේප වූ ඔබගේ නම Black List කරනු ලබනවා.  මාත් සමග සම්බන්ධ වී ඇති ජපන් භාෂා පාසල් වල ගිවිසුම් පත්වල ප්‍රතික්ෂේප වූ සිසුන් නැවත ඇතුලත් කිරීමෙන් වලකින්න, එසේ ඇතුලත් කළහොත් මා හට දඩමුදලක් ගෙවිමට සිදුවන බව සදහන් වී තිබෙනවා.

ප්‍රදේශය අනුව විසා ලැබීමේ අනුපාතය වෙනස්වේ

කලින් කිව්වා වගේම ජපන් ආගමන විගමන දෙපාර්තුමේන්තුව කුමන පදනමක් මත සිසුන් තෝරාගන්නේ දැයි අපටත් නොවැටගේ. JLPT N4 ඇති (ජපන් ප්‍රවීණතා විභාගය) සමත් හොද ශිෂ්‍යන් ප්‍රතික්ෂේප වීමත්, ජපන් භාෂාව පිළිබද කිසිදු දැනුමක් නොමැති සිසුන් හට විසා ලැබිමත් යන අවස්ථා ඇත. විසා ලැබීමේ ප්‍රතිශතය බොහෝ විට පාසලේ ප්‍රදේශය අනුව වෙනස් වන බවත් කිව යුතුය. මේ වන විට ජපානයේ විසා ලැබීමේ ප්‍රතිශතය අඩුම ප්‍රදේශ ලෙස ප්‍රධාන නගරයවන ටෝකියෝව, ඕසකා සහ  ෆුකෝකා ලෙස කව හැකිය.මෙම ප්‍රදේශ වලට ඇතුලත් කල සියලු දෙනාම ප්‍රතික්ෂේප වී ඇති අතර, අනෙක් අතට ග්‍රාමීය ප්‍රදේශ වල ඇති පාසල් සදහා අයදුම් කල සිසුන්ගේ විසා ලැබීමේ ප්‍රතිශතය ඉහල අගයක් ගනී. එයට හේතුව ලෙස ග්‍රාමීය ප්‍රදේශවල ජනගනය අඩුවී ඇති නිසා විදේශිකයන්ගේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙන නිසා විය හැකිය.

තායිවාන් ශිෂ්‍ය විසා තෝරා ගැනීම

දැන් ඔබට තේරෙනවා ඇති ජපන් ශිෂ්‍ය විසා අයදුම් කිරීමට ඇති අසීරුතාවය? කලින් සදහන් කළාසේම ජපන් විසා ප්‍රතික්ෂේප වූ අයෙක්නම් නැවත ජපන් ශිෂ්‍ය විසා අයදුම් කිරීම අපහසුය.

 එසේ ප්‍රතික්ෂේප වී සිටින ඔබ සියලු දෙනාට මම ඉතා වගකීමෙන් තායිවාන් ශිෂ්‍ය විසා නිර්දේශ කරනු ලබනවා.

තායිවානයේ උපත් අනුපාතය කඩා වැටී ඇති අතර සිසුන් සහ කම්කරුවන් ප්‍රමාණවත් නැති හෙයින් තායිවාන රජය විදේශකයන් තම රට තුලට පිළිගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. අවිශ්වාසයෙන් ජපන් ශිෂ්‍ය විසා අයදුම් කරනවාට වඩා විශ්වාසවන්ත ලෙස ඇති තායිවාන් ශිෂ්‍ය විසා අයදුම් කිරීමෙන් කිසිදු ප්‍රශ්නයක් ඇති වන්නේ නැත.

තායිවාන් ශිෂ්‍ය විසා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේනම් හැකි ඉක්මනින් අප හා සම්බන්ධවන්න

ඔබ තායිවානයට යන්නේ නම් කොපමණ මුදලක් උපයා ගත හැකිද?

අර් ධ කාලීන රැකියා කිරීමට හැක. සතියකටපැය 36ක් Part Time කිරීමට හැකියාව ඇති අතර උදේවරුව පමණක් විශ්වවිද්‍යාලයට යාමට සිදුවේ. දහවල් කාලයේ සිට රාත්‍රිය වන තුරු ඔබට රැකියාව කිරීමට හැකියාව ඇත. එහිදී මසකට 120,000/= වැනි මුදලක් උපයා ගත හැකිය.

ඔබ ඇතුලත් වන විශ්වවිද්‍යාලය හරහා රැකියා අවස්ථා සොයා දීමට බැදී සිටියි. ඒ සදහා මාසයක කාලයක් ගතවන බව කිව යුතුය. එයට හේතුව රැකියා සදහා වූ visa බලපත්‍රය සහ පදිංචිය සනාත කිරිම සදහා වූ visa ලබා ගැනීමට මාසයක කාලයක් ගත වන බැවිනි.

තායිවාන ශිෂ්‍ය විසා සදහා කොපමණ මුදලක් වැය වන්නේද?

වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණයි.
මාස 6ක් සදහා පාසල් ගාස්තු සහ මාස 6ක් සදහා නවාතැන් පහසුකම් සහිතව ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි, සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 7.4 (740,000/=) පමණයි.
  • このエントリーをはてなブックマークに追加

Views