Culture

තායිවාන් විදේශ අධ්‍යාපනය Taiwan Student Visa

  • このエントリーをはてなブックマークに追加

තායිවාන් විදේශ අධ්‍යාපනය

Taiwan Student Visa

 බොහෝ දෙනෙක් ජපන් අධ්‍යාපනයට යොමු වන්නේ මුදල් ඉපැයීම අරමුණ කර ගනිමින් බව අපි කවුරුත් දන්නා කරුණකි. එහෙත් එහෙත් ඒ අතරින් වීසා ලබා ගැනීමට හැකි වන්නේ සීමිත පිරිසකටය.

ඉතින් ඊට විසදුමක් ලෙස  තායිවාන් අධ්‍යපනය හදුන්වා දීම, ජපන් අධ්‍යාපනයට යොමු කරන අප ආයතනයෙන්ම මගින් සිදු කරයි.

තායිවානයේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට ඔබට අවස්ථාව ලැබෙන අතර මෙහිදී චීන බසින් ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබේ. මේ සදහා මුලීක දැනුම අවශ්‍ය නොවේ. ඇත්තෙන්ම වර්තමානය වන විට චීන සමාගම් බහුලව දක් නට ලැබෙන අතර ලොකේ කොහේ ගියත් චීන භාෂාව දැනගෙන තිබීම වැදගත් වේ. මෙහිදී ඔබට ලැබෙන තවත් විශේෂ අවස්ථාවක් නම් ජපන් භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වීමයි.ඒ අතරම ඔබගේ කැමත්ත පරිදි සංචාරක ව්‍යාපාර පිළිබදවද ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.සංචාරක ව්‍යාපාරය වර්තමානයේ ලංකාවේ ප්‍රධාන අදායම් මර්ගය බවට පත්වෙමින් පවතින අතර චීන ජාතික සංචාරකයින් බහුලව දක්නට ලැබේ. ඇත්තෙන්ම මෙම විශේෂ අවස්ථාව මගින් ඔබට ලැබෙන දේ බොහෝය. භාෂා කිහිපයක් කථා කිරීමට හැකි වීම. සංචාරක ව්‍යාපාරය පිළිබදව මනාව ඉගෙනගෙන තීබිම ඔබට මෙම වටිනා අවස්ථාවෙන් ලැබෙන එක් ප්‍රතිලාභයකි.එම නිසා නැවත ලංකාවට පැමිණීයද රැකියාවක් නොමැතිවේ යැයි බියෙන් දුක් වීමට කිසිදු හේතුවක් නොමැත.

තායිවාන විදේශ අධ්‍යාපනයේ ඇති අනෙක් විශේෂත්වය නම් අවසන් වසරේ ඇති සීමාවාසික පුහුණුව සදහා ජපනය හෝ සිංගප්පූරුව සදහා යෑමට අවස්ථාව උදා වීමයි. එමෙන්ම  මෙම පාඨමාලාව අවසන් වූ පසු රැකියා අවස්ථා සොයා දීමද විශ්වවිද්‍යාලය මගින් සිදු කරයි.

විශේෂයෙන්ම ජපානයේ මෙන්ම තායිවානයේදිද අර්ධ කාලීන රැකිය කර උපයා ගත හැකි බව කිව යුතුය. එදිනෙදා වියදම් සදහා එතරම් මුදලක් වැය නොවේ. එම නිසා උපයා ගන්නා මුදලින් යම් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමටද හැකියාව ලැබේ.

අය කිරීම්
වසරක පාසල් ගාස්තු,වසරක් සදහා වු නවාතැන් ගාස්‍තු, ගුවන් ප්‍රවේශ පත්‍රය, ලියකියවිලි සහ සේවා ගාස්තු සහ අතුලත් වීමේ ගාස්තු සහිතව ලක්‍ෂ 9.8 (980,000/=) පමණී.

අවම සුදුසු කම්

  • වයස 18-30
  • A/L විභාග සමත්වී තිබීම
  • このエントリーをはてなブックマークに追加

Views