සාමාන්‍යයෙන් ජපානය වැසි අධික රටකි. ජපානයේ ව්‍යාප්ත භූගෝලීය පිහිටීම හේතුවෙන් ජපානයේ දේශගුණ විපර්යාසය සෘජුව දක්නට ලැබේ.ජපානයේ දිගු ආක්ෂිප්ත ස්වරූපය හේතුවෙන් එක්සත් ජනපදයට සමාන දේශගුණික තත්ත්වයන්ට මුහුණ දෙයි.ජපානය වසරක් පුරා විවිධාකාර දේශගුණ ලක්ෂණ සතරකට මුහුණ දෙයි.එනම් වසන්තය, ගිම්හානය, සරත් ඍතුව සහ ශීත ඍතුවයි. මෙහිදී අපි මේ ඍතු සතර පිලිබදව කෙටියෙන් කතා කරමු.
වසන්ත ඍතුව
වර්ෂයේ මාර්තු සිට මැයි කාලය ජපානයේ හොදම කාලය ලෙස හැදින්විය හැකිය. සංචාරය කිරීමටද ඉතා උචිත කාලය මෙම කාල සීමාව ලෙස කිව හැකිය.මෙම කාලයේ වර්ශපතයේ පහත මට්ටමක් දක්නට ලැබෙන අතර උණුසුම් නමුත් උණුසුම් නොවන සෞම්‍යය කාලගුණයක් පවතියි.ලොව පුරා ප්‍රසිද්ධ සකුරා මල් නැතහොත් චෙරී මල් විකසිත වන්නේද මේ කාලය තුලය. එහි ප්‍රතිපලයක් වශයෙන් සංචාරකයන් බොහෝ පිරිසක් මේ කාලය තුල දක්නට ලැබීම විශේෂත්වයකි. සංචරකයන් පමණක් නොව ජපන් ජාතිකයන් පවා මේ කාලය තුල සකුරා බැලීමට පැමිණෙයි. සකුරා ගස් යටට වී විනෝදයෙන් කාලය ගත කරයි.මෙම කාලය හනමි (hanami- 花見) ලෙස හදුන්වයි. එහි තේරුමනම් hana – 花 යනු මලය. mi-見 යන්නෙහි අදහස බලනවා යන්නයි. සරලව කිවහොත් මල් බලනවා යන්නයි.
මේ කාලය තුල සංචාරය කරන්නේනම් සැලකිලිමත් විය යුතු කරුණක් මෙහිදී සහන කිරීමට කැමතිය. එනම් අප්‍රේල් 27 සිට මැයි 6 කාලය තුල ජපානයේ සෑම කෙනෙකුටම පාහේ ලැබෙන Golden week නිවාඩු කාලය සෑම ස්ථානයක්ම ජනයාගෙන් පිරි පවතියි.
ගිම්හානය
ජුනි සිට අගෝස්තු දක්වා ගිම්හාන සමය ආරම්භ වේ.එය ආරම්භ වන්නේ ජුනි මාසයේ වැසි සහිත කලයෙනි.ජපානයේ වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 75 පමණ ප්‍රමාණයක් ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල සිදු වේ.එවිට උෂ්ණත්වය සහ ආර්දතාවය අගෝස්තු මාසයේදී ෆැරන්හයිට් අංශක 90 ක් හෝ සෙල්සියස් අංශක 40 ක් පමණ ඉහළට නගිනු ඇත.අගෝස්තු ජපන් ටයිෆූන් කන්නය ආරම්භ වේ. අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා මෙම කාල සීමාව වඩා වැඩි වර්ෂාපතනයක් සහ දැඩි සුළං දිනපතා වාර්තා වන අතර ජපානයේ සිටින විට නිතරම කාලගුණ අනාවැකි පිලිබදව විමසිල්ලෙන් සිටිය යුතුය.වැසි සහිත කාලගුණයක් දක්නට ලැබුනද මෙම කාලය තුල වපතින්නේ දැඩ් උණුසුම් ස්වභාවයකි. ඇත්තන්ම තරමක් අපහසුය.
ගිම්හානයේ බොහෝ ජපන් වැසියන් මුහුදු යාමට කැමැත්තක් දක්වන අතරම මල් වෙඩි සංදර්ශනද දක්නට ලැබේ.
සරත් කාලය
මෙම කාලය තුල උණුසුම් තෙතමනයක් සහිත කලගුයක් දක්නට ලැබෙන අතර මේ කාලය වඩාත් සුවදායි විනෝදජනක කාලයක් ලෙස හැදින්විය හැකිය.ජපානයේ සංචාරය කිරීමට වඩාත් යෝග්‍ය කාලයක් ලෙසද හැදින්විය හැකිය. සැප්තැම්බර් සිට නොවැම්බර් කාලය තුල සිසිල් සුළං හමන ප්‍රබෝදමත් කාලයක් ලෙස හැදින්විය හැකිය.මේ කාලය තුල ශාක පත්‍ර අලංකාරවත් රතු පැහැති වර්ණයන්ට හැරීම දක්නට ලැබෙන තර එය ඉතා සුන්දර දසුනකි.සරත් කාලය වියලි මෘදු ස්වභාවයකින් යුක්තය.
ශීත ඍතුව
හිම වැටෙන කාලය ජපානයේ සුන්දරම දසුන් මවන්නේ උතුරු ප්‍රදේශයේය. ඇත්තෙන්ම පරදීසයකි.ජපානයේ උතුරු හා බටහිර වෙරළ තීරය ශීත ඍතු ක්‍රීඩා සඳහා වඩාත් යෝග්‍ය වේ.පෙබරවාරි මාසයේදී වාර්ෂික ස Sapporo Snow Festival එක පැවැත්වේ. මෙම උත්සවය ජපානයේ විශාලතම ශීත ඍතු සිදුවීම් අතරින් එකක් වන අතර, එහි හිම සහ අයිස් වලින් සෑදු අලංකාරවත් මුර්ති දක්නට ලැබෙයි. ෆුජි ගිනිකන්ද වඩාත් සුන්දරව දිස්වන කාලය ලෙසද හැදින්විය හැකිය.දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඉතා කෙටි කාලයක් පවතින සීත කාලයේ සවස 5.00 පමණ වන විට ඉර බැසීම සිදුවේ.දැඩි සීතලක් වපතින අතර එය සෙල්සියස් අංශක ඍණ අගයක වර්ධනයක් දක්නට ලැබේ. සීත කාලය තුල හොදින් ඇග වැසෙන පරිදි ඇද සීටීම ඉතාම වැදගත් දෙයක් ලෙස හැදින්විය හැකිය.