Culture

ලොවට පිළිගන්වමු ජපානයේ උත්සව

  • このエントリーをはてなブックマークに追加

ලංකාවේ මෙන්ම ජපානයේද එම රටේ සංස්කෘතියට අවේණික වූ උත්සව වසරක් පාසා පවත්වනු ලබයි . එම උත්සව තුළින් නියෝජනය වන්නේ ජපානය නම්වූ  සුන්දර දිවයිනේ සංස්කෘතික විවිධත්වයයී . එසේනම් ජපානයේ පවත්වනු ලබන උත්සව කීපයක් පිළිබඳව හඳුනා ගනිමු .

 

අලුත් අවුරුද්ද

වසරක ආරම්භය සනිටුහන් කරනු ලබන විටදී  අලුත් අවුරුදු උත්සවය  පවත්වනු ලැබයි . ජපානයේ අලුත් අවුරුද්ද වසර මුලදී  දෙවියන් හමුවීම සංකේතවත් කරනු ලබන අතර නිශ්චිතව ම  දෙවියන් වසර මුලදී හමුවීමට නොහැකි වුවහොත්  වසර අවාසනාවන්ත වනවා යන්න ජපන් ජාතිකයින්ගේ විශ්වාසය විය .

නිවසෙහි ගේට්ටුව ඉදිරිපිට කදොමත්සු නම්වූ  සැරසිලි වලින් සැරසීමත් , නිවසට ඇතුළුවන තැන  ඉදිරිපිට  කගමිමොචි  නම් වූ  ආහාරය තැබීමත් සිදු කරයී . මේ සියල්ල සිදු කරනු ලබන්නේ  මුළු වසරම  දෙවියන් හමුවීම  සංකේතවත්  කිරීම සඳහාය . ඔසේචි නම්වූ ආහාරයද  සාදනු ලබයි .

 

                              

 

 

සෙත්සුබුන්

මෙම උත්සවය  පෙබරවාරි මාසයේ 3 වෙනි දින පවත්වනු ලබයි . එනම් වසරේ පලවන වසන්ත ඍතුවට පෙර පෙර දින රාත්‍රිය සෙත්සුබුන් යි පවසනු ලබයි . එසේම යකුන් පලවා හැර වාසනාව නිවසට උදා කරගන්නවා යන විශ්වාසය ඇතුව වේලූ සෝයා බෝංචි ඇට නිවස වටේ ඉසීම කරනු ලබයි . මෙසේ සිදු කරනු ලබන්නේ වසන්තය පිළිගැනීමට පෙර නරක දේවල් පලවා හැර  වාසනාව නිවසට ලග කරගන්නවා යන අර්ථය ඇතුවය . තවද , ජපානයේ උත්සව අතුරින් වසන්තයේ සෙත්සුබුන් උත්සවය පමණක් වසර පුරාවටම ඉතිරි වී ඇති උත්සවයක් වශයෙන් සලකනු ලබයී .

 

 

      

 

 

හින උත්සවය  (හිනමත්සුරි )

මෙම උත්සවය මාර්තු මාසයේ 3 වන දින පවත්වනු ලබයී . මෙය පවත්වනු ලබන්නේ නිවසේ සිටින ගැහැණු ළමුන්ගේ සෞක්‍ය තත්වය හොඳින් පවත්වාගැනීම සඳහාය . එසේම මේ තුලින් ගැහැණු ළමුන්ගේ නීරූගි කමද  අපේක්ෂා කරනු ලබයී . නිවස තුල රතු පැහැති පඩිපෙලක් සාදා , එම පඩිපෙළ අලංකාර බෝනික්කන්ගෙන් සරසනු ලබයී .

මෙය මුලදී චීනයෙන් හඳුන්වාදෙනු ලැබු උත්සවයක් ලෙස පිලිගනු ලබුවත්  ,  හින බෝනික්කන් සරසනු ලැබීම සිදුවූයේ ජපන් එදො යුගයේ බව පවසෙයි . තවද , අලංකාර බෝනික්කන්ගෙන් සැරසූ මෙම පඩිපෙළ නියමිත වෙලාවට හැකි ඉක්මනින් සරසනු ලබයී . මෙය සැරසීමට ප්‍රමාද වුවහොත් නිවසේ ගැහැණු ළමයා විවාහ වීමට ප්‍රමාද වනවා යි කියනු ලබයි .

           

තන්ගොනො සෙක්කු (ළමුන්ගේ දිනය )

මෙම ජපන් උත්සවය  ළමුන්ගේ දිනය ලෙසද හඳුන්වනු ලබයි . විශේෂයෙන්ම පිරිමි ළමුන් සඳහා මෙම උත්සවය පවත්වනු  ලබයි . මෙය පවත්වනු ලබන්නේ මැයි මාසයේ 5 වෙනි දිනය . මෙහිදී ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් සඳහා පවත්වන දිනයක් වුවද තන්ගොනො සෙක්කු යි කියනු ලබන්නේ පිරිමි ළමුන්ගේ වර්ධනය එසේත් නැතිනම් ඔවුන්ගේ ශරීර සෞක්‍ය යහපත් වීම සඳහා පවත්වනු ලබන දිනය වේ.

එදිනට කොයි නොබොරි නම් සරුංගල් සාදා ලෙළදීමට සැලැස්වීමත් , පිරිමි ළමුන් සිටින නිවෙස් වල  සමුරායි බෝනික්කන්ගෙන් සරසීමත් සිදු කරනු ලබයි .

 

 
            
 

ඔබොන් උත්සවය

මෙම උත්සවය ජපන් ජාතිකයින් පවත්වනු ලබන්නේ අගෝස්තු මාසයේ 15 වෙනිදාය . මෙය බෞද්ධාගමික උත්සවයක් ලෙස සලකනු ලබයි. තම නිවෙස්වල  මියගිය මුතුන් මිත්තන් හමුවී , ජීවිතයේ සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලබයි.

ඔබොන් උත්සවයේදී තම උපන් ගමට යන පිරිස කනත්තට යාමද සිදු කරනු ලබයි . එසේම , කනත්තේ ඇති සොහොන් මල් වලින් සරසනු ලබන අතර මියගිය මුතුන් මිත්තන්ට ගෞරව කරමින් ඔවුන් සිහි කරනු ලබයි . එසේම  ගිම්හාන ඍතුව නිසා  සෑම පළාතකම යුකත නම්වූ  ඇඳුම් විශේෂය ඇඳ , උස අට්ටාලයක් සාදා , රවුම් කැරකෙමින්  බොන් ඔදොරි නම් නැටුම් විශේෂය සිදු කරනු දැකිය හැකියි .

 

          

753 ( ශිචිගොසන් )

මෙම උත්සවය නොවැම්බර් මාසයේ 15 වන දින පවත්වනු ලබයී . අවුරුදු 3ක් , අවුරුදු 4ක් පමණ වන ගැහැණු ළමුන් සඳහා මෙන්ම අවුරුදු 3ක්, අවුරුදු 5ක් පමණ වයස පිරිමි ළමුන්ව තම දෙමාපියන් විසින් දේවාලවල වැඳුම් පිදුම් කටයුතු සඳහා රැගෙන යාම සිදු කරනු ලබයි . එහිදී , දේවාලයේ වතාවන් සිදු කරන්නාවූ පුජකයා ලවා ශරීර සෞක්‍ය යහපත් වීම සඳහා වතාවන් කරවගනු ලබයී .

මෙම උත්සවය පවත්වනු ලබන්නේ ආගමික සම්බන්දයක් නොමැති අතර  ආගමික වතාවන් සඳහා පූජනීය ස්ථානයට යාම එම දිනයේදී  සාමාන්යෙන් සිදු කරනු ලබන ක්‍රියාවකි .

 

          

 

  • このエントリーをはてなブックマークに追加

Views