Culture

සුන්දර ජපානය..

  • このエントリーをはてなブックマークに追加

ජපානය පළාත් 47කට බෙදා තිබේ.භූගෝලීය හා ඓතිහාසික කරුණු සලකා බලා මේ පළාත් 47 ප්‍රදේශ 9කට බෙදේ. මේවා හොක්කයිදෝ, තෝහොකු,කන්තෝ,චුබු,කින්කි,චුගොකු,ෂිකොකු,කියුෂු, සහ ඔකිනවා වේ.මේ එක් එක් පළාතකට අවේනික වූ ප්‍රාදේශීය භාෂාවක්, සිරිත් විරිත් සංස්කෘතියක් ද තිබේ.නිදර්ශනයක් වශයෙන් තෝකියෝ නගරය ඇතලත් වන කන්තෝ ප්‍රදේශයේත් ඔසකා නගරය තිබෙන කන්සයි ප්‍රදේශයේත් ආහාර පාන සිරිත් විරිත් හාත් පස වෙනස් නිසා ඒවා සසදා බලා විනෝද වීම සමහරුන්ගේ සිරිතයි.ජපානයේ පුර්ණ ජනගහනය මිලියන 128කි.මෙය ලෝක ජනගහයන අතුරින් දසවන්නය.ජපානයේ භුමි ප්‍රමාණයෙන් 70% ක් කදුකර ප්‍රදේශය බැවින් ඉතිරි 30% තැනිතලා ප්‍රදේශයි.

මිලියනකට වඩා වැඩි ජනගහනයක් ජීවත් වන ප්‍රාදේශීය නගරයනම් හොක්කයිදෝ හි සප්පොරෝ, තෝහොකු හි සෙන්ද්‍රයි, කන්තෝ කලාපයේ කවාසකි,සියිතමා තොකිටෝ හා යොකොහමා, චුබු ප්‍රදේශයේ නගොයා, කින්කි පළාතේ ඔසකා, කියෝතෝ හා කෝබේ,චුගොකු පළාතේ හිරෝෂිමා, හා කියුෂු හි ෆුකුඔකා යි. ජපානයේ ප්‍රධාන නගරය වන තෝකියෝ සෑම අංශයකම ප්‍රධාන මධ්‍යස්ථානය වුවද, ඒ ඒ ප්‍රදේශ වල ප්‍රධාන නගර, ප්‍රාදේශීය දේශපාලන, ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස කටයුතු කරයි. 

මෙහිදී ජපානයේ ඇති විශේෂ නගර කිහිපයක් ගැන සරලව කතා කිරීමට බලාපොරොත්තු වේ.

  • තෝකියෝ 

1603 දී දේශපාලන මධ්‍යස්ථානයක්  වූ තොකියෝව අද ජපානයේ අගනුවර මෙන්ම එහි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ද වේ.පෙර එදෝ මාලිගය වූ, දැන් රජපලිගය පිහිටා තිබෙන්නේ නගර මධ්‍යයේ යි. මාලිගය අවට ඩයට් නම් පර්ලිමෙන්තු ගොඩනැගිල්ල හා රජයේ ඇමති කාර්යාල මෙන්ම වාණිජ මධ්‍යස්ථානයද වේ.ජපානයේ මුළු ජනගහනයෙන්  හතරෙන් එකක් වන මිලියන තිහක් පමණ වූ ජනයා තොකියෝ අවට ප්‍රදේශයේ ජීවත්වෙති.

සංචාරක ස්ථාන: ටෝකයෝ කුළුණ(tokyo skytree)

 චිබා හි ඩිස්නිලන්තය (Tokyo Disneyland)

The Giant Buddha statue ibaraki (විශාල බුදු පිළිමය) 

අවේනික ආහාර: මොන්ජයකි(monjayaki)සොබා(Soba)

  • නගෝයා

චුබු පළාතේ ප්‍රධාන නගරයයි නගෝයා.නගොයා අවට ප්‍රදේශයේ මෝටර් රථ නිෂ්පාදනය හා වෙනත් කර්මාන්ත ශාලා වල මනා සංවර්ධනයක් ඇත.උදාහරණයක් ලෙස ටොයෝටා වැනි විශාල මෝටර්ර රථ කර්මාන්ත ශාලාද පිහිට ඇත්තේ මේ නගරයේය. එමෙන්ම වැඩිම ජනගහනයක් ජීවත් වන 4 වෙනි නගරයයි. නගෝයා සංකේතවත් කරන නගෝයා හි රජමාලිගය  අවුරුදු 270 ක් තුළ රාජ්‍ය පාලනය කල එදෝ රාජ්‍යයේ පළමු ශෝගුන් වූ තොකුගාවා ඉයේසු විසින් ඉදිකරන ලද්දකි.

සංචාරක ස්ථාන:

ටොයෝටා (Toyota related sights)දුම්රිය කෞතුකාගාරය (Railway museum) විද්‍යා කෞතුකාගාරය (science museum)

අවේනික ආහාර:

මිසෝ කාට්සු (Miso Katsu)තෙබුසකි (Tebasaki)   

  • ඔසකා

හත්වන ශතවර්ෂයේ ඔසකා නගරය පිහිට වූ දා සිට ඔසකා නගරය පිටරට සමග වෙළද මධ්‍යස්ථානයක් විය. තොකියෝවට පමණක් දෙවන වන ඔසකාවට අගනගර අතර දෙවෙනි තැන හිමිවේ. ආහාර පාන, විටකඅංග හේතුවෙන්ද ඔසකාව ප්‍රසිද්ධය. එමෙන්ම කෘතීම දුපතක් ලෙස ඉදිකෙරුණු කන්සයි ජාත්‍යන්තර ගුවන් තොටුපල, ජපානයේ අමුත්තන් පැමිණෙන ප්‍රධාන ද්වාරයයි.

සංචාරක ස්ථාන:

ඔසකා රජමාලිගය (Osaka castle) කයියුකාන් මින්මැදුර (kaiyukan aquarium)
යුනිවර්සල් ස්ටුඩියෝ (universal studio)      

අවේනික ආහාර: ඔකොනොමියකි(okonomiyaki)

  • සප්පොරෝ

හොක්කිදෝ හි ප්‍රධාන නගරය සප්පොරෝය.හොන්ෂු වැනි ප්‍රධාන නගර අවුරුදු ගණනනාවක් තුළ සෙමෙන් ගොඩනැගුණු නමුත් සප්පොරෝ නගරය දහනව වන ශතවර්ෂයේ අග භාගයේදී ක්‍රමානුකුල සැලැස්මක් අනුව ගොඩනැගන ලදී. එහි වීදි මන සැලැස්මකට සැකසී ඇත.හොක්කිදෝ හි උෂ්ණ කාලයේ ස්වභාවික සොන්දර්ය භුක්ති විදීමට විනෝදකාමීන් සප්පොරෝවට පැමිණෙන අතර ශිත කාලයේ ඔවුන් පැමිණෙන්නේ හිම පුවරු මත නැගී හිම මත ලිස්සා යෑම වැනි ක්‍රීඩා සදහා ය.සෑම අවුරුද්දකම ලොක ප්‍රසිද්ධ සප්පොරෝ හිම උත්සවය මෙහි පැවැත්වේ.

සංචාරක ස්ථාන: සප්පොරෝ හිම උත්සවය (Sapporo snow festival)මොඑරෙනුමා උද්ධ්‍යනය (Moerenuma park) 
අවේනික ආහාර:

කකුලුවන්ගෙන් සාදන කෑම වර්ග (Crab food Items)

  • කියෝතෝ

8 වැනි ශත වර්ෂයේ ජපානයේ අගනුවර වූ කියෝතෝ නගරයට අවුරුදු 1200 කටත් වඩා ඈත දිවෙන ඉතිහාසයක් ඇති අතර පැරණි පුජනීය ස්ථාන හා උද්‍යාන නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත. කියෝතෝ, උජි, සහ ඕත්සු යන නගරවල පන්සල් හා පුජනීය ස්ථාන හා පැරණි ප්‍රභූ මාලිගා 17ක් යුනෙස්කෝව මගින් 1994 දී ලෝක උරුමයක් සේ පිළිගෙන තිබේ.

සංචාරක ස්ථාන:

කින්කකුජි පන්සල (Kinkakuji temple)නාරා පන්සල (Nara temple)කවයුකා/කවදෝකෝ ආපනශාලාව (Kawayuka/kawadoko)

  

අවේනික ආහාර:

කෙයිසෙකි රියෝරි (Kaiseki ryori)

ශෝජින් රියෝරි (Shojin ryori)

  • ෆුකුඔකා

ෆුකඔකා ජපන් කියුෂු දුපතේ උතුරු වෙරළ  තිරයේ පිහිටා තිබේ.ජපානයේ ඇති විශාලම 6 වන නගරය වන අතර මිලියන 1.5 ක ජනගහනයක් දක්නට දක්නට ලැබේ.චීනය හා කොරියාවට සමිපත බැවින් මෙම රටවල් සමග සංස්කෘතික සබදතා රාශියක් ඇත.ජපානය සම්පුර්ණයෙන්ම පහේ හුදෙකලා වූ අවස්ථාවන් වලදී බටහිර රටවල් සමග සම්බන්ධතා පැවැත්වීමෙන්ද දිගු ඉතිහාසයකට මෙම නගරය බලපා ඇත. ජපනුන් ෆුකුඔකා හදුන්වනු ලබන්නේ ලෝකය හා සම්බන්ධ කරන පාලම ලෙසය.

සංචාරක ස්ථාන:

කැනල් නගරය(canal city) Nanzoin temple and reclining buddha

කියුෂු ජාතික කෞතුගාරය (kiyushu national museum)         

අවේනික ආහාර:

හකතා රාමෙන් (Hakata ramen)මෙන්තයිකො (Mentaiko)

මොට්සුනබේ (Motsunabe)

 

  • කුමමොතෝ

17 වන ශත වර්ෂයේ මුල් භාගයේ සිට 19 ශත වර්ෂයේ මුල් භාගය වන විට කුමමොතෝ නගරය බලකොටුවක් ලෙස සමෘද්ධිමත් විය. ශිරකවා ගඟ සහ එහි ශාඛාවන් කුමමොතෝ මාලිගය වටා නගර මධ්‍යයේ දිව යයි.කුමමොතෝ මාලිගයට ජපානයේ හිමි වන්නේද ප්‍රධාන ස්ථානයකි. කුමමොතෝ නගරය තරමක් ග්‍රාම්‍ය ස්වරුවපයක් ගන්න අතරම කදු වලින් වටවී ඇත.

සංචාරක ස්ථාන:

කුමමොතෝ රජමාලිගය(kumamoto castle)සුයිසේන්ජි උද්‍යානය (Suizenji Garden)ස්වභාවික උණුවතුර (Kurakawa Onsen)අසෝ ගිනිකන්ද (Mount aso)

අවේනික ආහාර: අශ්ව මස් වලින් සාදන ආහාර- Horse sashimi platter   

  • ඔකිනවා

ජපානයේ දකුණටත් බටහිරටත් පිහිටි ඔකිනාව පළාතේ ප්‍රධාන නගරයයි නාහා.කියුෂු පළාතේ නිරිත දිගින් පිහිටි ඔකිනාව ප්‍රදේශයට විශාල මෙන්ම කුඩා දුපත් 160ක් ඇතුලත් වේ. එය ඝර්ම කලාපයේ පිහිටා ඇති නිසා ස්වාභාවික සොන්දර්යයෙන් හා උණුසුම් දේශගුනයෙකින් යුක්තයි. ඇත්තන්ම තරමක් ලංකාවට සමානකම් දක්වන ප්‍රදේශයක් ලෙසද හැදින්විය හැකිය.ඔකිනව අවට නිල් මුහුද ස්කුබා ඩයිවින් හා වෙනත් ක්‍රීඩා හා විනෝදාංශ වලට ලෝකයේ තිබෙන හොදම ස්ථානයකි.ඔකිනවා හි තරමක් ඇමෙරිකන් අභාශයද දක්නට ලැබේ.

සංචාරක ස්ථාන:

Okinawa world American Villageනගෝ අන්නාසි උද්‍යානය (Nago pineapple park)caves to kitsch 

අවේනික ආහාර:

කරවිල වලින් සාදන කෑමකි (Champuru)ඔකිනවා සොබා (Okinawa Soba)

 

ඇත්තෙන්ම ජපානයේ සෑම ස්ථානයක්ම වගේ සුන්දරත්වය අතින් ඉහලය. එහිදී සුන්දර ස්ථාන මෙය යැයි වෙන්කළ නොහැකි තරම්ය.

 

 

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views