experience

Couple වලට තායිවානය​!

  • このエントリーをはてなブックマークに追加

couple වලට තායිවනය?

තකහෂි ජපන් භාෂා මධ්‍යස්ථානය තායිවාන් ශිෂ්‍ය වීසා හදුන්වාදෙනු ලබනවා. ඒ සදහා බොහෝ දුරකථන ඇමතුම් ලැබෙන අතර ඒ අතරින් මෑතක සිට අප අයතනයට ලැබෙන දුරකථන  තායිවනය සඳහා Depend වීසා ලබා දෙනවාද?Couple එකක් විදියට යන්න පුළුවන් ද? ලෙස විමසන දුරකථන ප්‍රමාණය වැඩි බව අපට හැගුන නිසා ඒ සඳහා ලිපයක් මගින් ඔබව දැනුවත් කිරීමට සිතුවා. සාරංශයක් ලෙස “එසේ යෑමට හැකියාව ඇත”. ඇත්තෙන්ම මෙවර වීසා ලබාගත් දෙදෙනාද විවිහා වී සිටින දෙපලකි.දෙදෙනාගේ වයස 26කි.

කෙසේ වෙතත්, මේ සදහා විවිධ කොන් දේසි තිබේ,

ප්‍රායෝගික ලෙස ගත් විට තායිවාන් තනාපති කර්‍යාලය මෙන්ම තායිවන් විශ්වව්ද්‍යාලය Couple ලෙස තායිවනයට පැමිණෙනවා යැයි සිතන්නෙ නැත.මෙය මා තායිවනයෙන් කෙලින්ම අසා නොමැති වුවත්, ජපන් ශිෂ්‍ය වීසා සමග සැසදීමේදි එසේ විය යුතුය. එසේ කීමට හෙතුවනම් ජපන් වීසා අයදුම් කිරීමේදි විව්හකද අවිවාහකද යන්නත් නම් ගම් සදහන් කිරීමත් අවශ්‍ය වේ. එහෙත් තායිවන් අයදුම් කිරීමෙදී එසේ සදහන් කිරීමට අවශ්‍ය වන්නෙ නැත.

එකට ඉන්න පුලුවන් ද?

තායිවනයේ විශ්වව්ද්‍යාලයේ සිසුන්හට නවා තැන් පසුකම් ලබා දෙන අතර එහි එක් නවාතැනක 4ක් පමණ සිටියි. එයද පිරිමි ළමුන්, ගැහැණු ළමුන් වෙන්කර ඇත. එමෙන්ම ඔබ මේ සියල්ල සදහා පාසලට ගෙවා ඇති බවද මතක තබා ගත යුතුය. එම මුදල ආපසු ගෙවන්නේද නැත. එහෙත් ඔබගේ දැඩි අවශ්‍යතාවය මත එම මුදල පසෙකලා වෙනම සිටිය හැකිය. එහෙත් මාගේ පෞද්ගලික මතය අනුව එසේ සිටීමට නිර්දේශ කරන්නේ නැත. මෙය අදාල වන්නේ මුල් වසර සදහා පමණයි. ඉන් පසු ඔබට කැමති ලෙස විශ්වවිද්‍යාලයේ හෝ ඉන් පිටත නවාතැනකට යාමට හැකිය. මෙසේ පැවසීමට හේතුවනම් තායිවාන් භාෂාව (චීන) කිසිසේත්ම නොදැන තනියම නවාතැනක් සොයා ගැනීමට අපහසු නිසයි, එමණක් නොව නවාතැනක් සොය ගත්තද එහි අයතිකරු සමග මෙන්ම ගිවිසුම් අත්සන් කිරීමේදි භාෂා දැනුම අනිවර්‍ය වේ. එහිදී ඔබ අපහසුතාවයට පත්වීමට ඉඩ ඇත. මාගේ නිර්දේශය අනුවන්ම් අවම වශයෙන් මුල් මාස 6 හෝ වසර අවසානයේ එසේ වෙන්ව ජීවත් වීම සුදුසුය.

එක් අයෙකුට පමණක් වීසා ලැබුනොත්!

අපි කෙසේ ලියකියවිලි සකස්කර ලබා දුන්නත්, වීසා ලබා දීම හෝ නොදීම තීරණය කරන්නේ තානාපති කර්‍යලයෙන්‍ ය. එය අපහට පාලනය කල නොහැක. මෙහෙදී ප්‍රශ්නයක් නැගෙන්නේනම් එය වන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුට විසා ලැබී අනෙක් කෙනාට වීසා නොලැබුන හොත් යන්නයි! මෙහිදී විවහා වී ඉන්නෙනම් දෙදෙනාටම යානොහැකිනම් තේරුමක් නෑ යනන් හැගීමක් එන බව මාහට තේරුනු නමුත්. අපි එක් අයෙකු වෙනුවෙන් වීසා සදහා සැලකිය යුතු වියදමක් ධාරා සිතින නිසා අපට ඒ සදහා වියදම් වු මුදල නැවත ලබා දීමට හැකි වන්නේ නැත.

වරදවා වටහා නොහත යුතුයි. අප සදහන් කරන්නෙ Couple වශයෙන් යාමට නොහැකි බව නොවේ. අප සදහන් කරන්නේ ඉහත සදහන් කරුණු වලට යටත්ව එසේ යාමට හැකි බවයි.

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views