Culture

ලාංකිකයින් ජපානයට ආදරය කිරීමේ රහස දන්නවාද ?

  • このエントリーをはてなブックマークに追加

ජපානය ; එසේත් නැතිනම් සකුරා මලින් සුවඳවත් වූ දේශය අප කාගේත් සිත්ගත් මනරම් වූ භූමියකි .  එහි ඇති සුන්දරත්වය නිසාම අප කාගේත් දෙනෙත් ඒ වෙතට ඇදීයන්නේ නිරායාශයෙනි .

රුවට රුවේ සකුරා ඉවුරේ ……..

හිම වැටෙනා සුදු කන්ද දිගේ …..

පාසැල වෙත යන සුදු කුමාරියේ……

 

ජපන් ජාතික කාන්තාවන්ගේ චිත්තාකර්ශනීය බව

ජපන් ජාතිකයින් උපතින්ම පැහැපත් වූ රූප සොභාවකට උරුමකම් කියන්නාවූ ජාතියක් වේ . ඒ නිසාවෙන්ම ඔවුන් දෙස බලන කෙනෙක් හට නැවත වරක් හැරී ඒ දෙස බැලීමට සිතෙන්නේ ඔවුන් තුල ඇති සිත් ඇදගන්නාසුළු භාවය නිසාය .  ජපන් කියූ සැනින් අප ලාංකීය සිත දිව යන්නේ ඔෂීන් නම්වූ සුරුපී කාන්තාව දෙසටය . මෑතකදී විකාශය නොවුනද ජපානය පිලිබද අප මතක ඇදී යන්නේ,   අතීතයේ රූපවහිනියේ විකාශය වූ ඒ අභිමනවත් , ගුණදම්වලින් පිරි කාන්තාව වෙතටය. ඒ තුලින් අප මුලින්ම ජපානයට ආදරය කිරීමට පටන් ගන්නට ඇත . ඔබද , මාද , එසේමය .

 

        

ජපන් ජාතිකයින් ලාංකිකයින්ට මිත්‍රශීලී වීම

ලාංකිකයින් වන අපද ජපන් වැසියන්ද ආසියානු  ජාතිකයින් වීම සමානත්වයක් ලෙස සඳහන් කල හැකි වුවද , අප සංස්කෘතීන් එකිනෙකට වෙනස් වේ . එහෙත් , ලෝක යුද්ධය කාලයේ  ජපානයට අන් කිසිදු රටකින්  සහයෝගයක් නොලැබුණු අවස්ථාවේදී ලාංකිකයින්ගේ ලෙන්ගතු භාවය කදිමට ඉස්මතු වන්නට විය . එතැන් පටන් ලාංකිකයින් හා ජපන් ජාතිකයින්  අතර තිබෙන්නා වූ  සබැදියාව  දිනින් දින ඉහල යන්නට විය.

 

 

කිසිදු රටකට දෙවනි නොවන පිරිසිදුතාවය

ජපානය වූ කලී නාමය ඇසුණු විටම සුන්දර දිවයිනක හැඩයක් චිත්ත රූපයේ මැවෙනු නොඅනුමානය . එත් සමගම ජපානයේ සුවඳ මෙවැනි ආකාරයේ වන්නට ඇති යි සිතට නැගේන්නේ නැති නම් අරුමයකි. එතරමටම ජපානය අප ජීවිත වලට සමීප වීමට හේතුවක් වී ඇත්තේ ජපන් රටේ ඇති පිරිසිදු භාවය නිසාවෙනි . පාවහන් නොමතිව පවා  ගමන් කිරීමට හැකි සේ එම භුමිය පිවිතුරුය .

කසල බැහැර කිරීම සඳහා ජපන් ජාතිකයින් අනුගමනය  කරන්නාවූ 5s  සංකල්පයද අප රටටද ආදර්ශයක් කර ගැනීමට හැකි නම් අප රටද ජපානය මෙන්  කිරීමට අපහසු නොවනු ඇත .

 

            

 

 

ජපානයේ ඇති විසිතුරු දේ

ජපානය ගැන කතා කිරීමේදී එහි ඇති විසිතුරු දේ ගැන අමතක කිරීමට නොහැකිය . මන්දයත් එහි ඇති විසිතුරු දේවල් වල අලංකාරත්වය එකිනෙකට ආවේණික වේ . එනම් , බෝනික්කන් ගත්තද , විවිධ ඇඳුම් ආයිත්තම් ගත්තද එහි ඇති සුවිශේෂී වටිනාකම ලගන්නාසුළු වේ . ලාංකික අප ජපානයට ආදරය කිරීමට එය නිසැකවම හේතුවක් වනු ඇත .

 

                    

 

 

ජපන් ජාතිකයින් වඩාත් ආචාරශීලී වීම

ලංකාවේ සිටින අප සැමට ආචාර කරනු ලබන්නේ අත් දෙක එකතු කර අයුබෝවන් යන්න පැවසීමෙනි . ජපන් ජාතිකයින් නම් එය කරනු ලබන්නේ උරහිස පහත් කර ; ඔහයෝ ගොසයිමසු යන්න පැවසීමෙනි . උදෑසන හමු වන කව්රුන් හට වුවද , සිනා මුසු මුහුණින් යුතුව එසේ ආචාර කිරීම තුලින් දවසම  ප්‍රබෝදමත් වීමට හේතුවක් වේ .    කුමන අවස්ථවකදී වුවද එසේ ආචර කිරීම ; ඔවු පිළිබද පහන් සිතක් ඇති වීමට හේතු වේ .

 

 

           

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views