Japanese

ලාංකිකයින් ජපන් භාෂාව ඉගෙන ගන්නේ ඇයි …..? හේතුව දන්නවාද ?

  • このエントリーをはてなブックマークに追加

ජපානය කෙතරම් සුන්දර රටක් බව ඔබටත් මටත් නොරහසකි . ඒ නිසාවෙන්ම බොහෝ ලාංකිකයින්  ජපානයට යාමට උත්සාහ කරනවා සේම  ජපන් භාෂාව ඉගෙනීමටද  දැඩි උනන්දුවක් දක්වනු ලබයි . එසේම දැඩි ආශාවක් දක්වනු ලබයි . එයට හේතුන් මොනවා දැයි විමසා බලමු .

         

 

ජපන් භාෂාව , සිංහල භාෂාව හා  සමාන වීම නිසා ඉගෙන ගැනීමට කැමැත්තක් ඇති වීම ….

ජපන් භාෂාව තුළ ඇති ව්‍යාකරණ බොහොමයක් සෑදී  ඇත්තේ  සිංහල  ව්‍යාකරණයට බොහෝ සෙයින් සමාන ලෙසිනි . එබැවින් ඉංග්‍රීසි භාෂාවේ මෙන් නොව  සිංහල භාෂාව හා සමාන වන නිසාවෙන්  ලාංකිකයින් අනිකුත් භාෂාවන් ඉගෙනීමට වඩා  ජපන් භාෂාව ඉගෙනීමට වැඩි කැමැත්තක් දක්වන බව සිතිය හැකිය .

           

 

ජපානයේ රැකියාවක් කිරීමට කැමති පිරිස වැඩි වීම …

අප ලාංකිකයින් බොහෝ දෙනෙක් මා සිතනා අන්දමට ජපන් භාෂාව ඉගෙන ගනු ලබන්නේ ජපානයට ගොස් රැකියාවක් කිරීමේ අරමුණ නිසාය . තවද , ජපානයට යාම සඳහා  ජපන් භාෂා විභාගය සමත් වීම අනිවාර්ය නිසාවෙන් ඔවුන් ජපන් භාෂාව ඉගෙන ගනු ලබයි  .

 

ජපන් භාෂාව උසස්පෙළ කලා විෂයට තෝරා ගතහැකි විෂයක් වීම නිසා….

ජපන් භාෂාව උසස් පෙළ  කලා විෂය ධාරාව යටතේ තෝරා  ගත හැකි විෂයක් වීම නිසා ඇතැම් ශිෂ්‍යයින්  ජපන් භාෂාව ප්‍රධාන විෂයක් ලෙස හදාරනු ලබයි .  එහිදී  බොහෝ දෙනෙකු කියනු ලබන්නේ   ජපන් භාෂාව z අගය වැඩි විෂයක් බවත් , එය විෂයක් වශයෙන් තෝරා ගැනීමෙන්  පහසුවෙන් විශ්ව විද්‍යාලයට ඇතුලත් විය හැකි බවයි .

එනිසාවෙන් ජපන් භාෂාව  ඉගෙන ගන්නා පිරිසද සිටියි. එහිද , සත්‍යක් නැතුවාම නොවෙයි .  එහෙත්  , ජපන් භාෂාව විෂයක් ලෙස  හැදෑරු පමණින් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට හැකි යයි සිතුවොත් එය නිවැරදි නොවේ . ඒ සඳහා මහන්සි වී , ඇපකැප වී  පාඩම් කටයුතු සිදු කිරීම අනිවාර්ය වේ .

 

      

 

අලුත් භාෂාවක් ඉගෙනීමට ඇති කැමැත්ත හේතුවෙන් …..

අප ජීවත්ව සිටින කාලදී  නිරතුරුවම  විවිධ දේ ඉගෙනීමට කැමැත්තක් දක්වනු ලබයි . එසේ හෙයින් භාෂාවක් ඉගෙනීම ඉතා වටිනා දෙයක් යයි සිතන පිරිස ඒ අතර බහුල වේ . මෙම හේතුවෙන් නව භාෂාවක් ඉගෙන ගැනීමේ  ආශාව හේතුවෙන්  ඉගෙන ගන්නා පිරිසද සිටියි .

ජපන් භාෂාව ගත්  කල , එහි උච්චාරණයන්  අසා සිටීමට කැමැත්තක් දක්වන නිසාත්  , ඇතැම් ලාංකිකයින් ජපන් භාෂාව ඉගෙනීමට කැමැත්තක් දක්වනු ලබයි . ඒ හේතුවෙන් ජපන් භාෂාව ඉගෙන ගනු ලබයි .

 

               

 

ජපන් භාෂා විදේශ අධ්‍යාපනයක්  ලැබීමට බලාපොරොත්තු වීම ….

ජපානයේදී උසස් අධ්‍යාපන කටයුතු කිරීමට බලාපොරොත්තු වන නිසාවෙන් ඇතැම් ලාංකිකයින්  ජපන් භාෂාව ඉගෙන ගනු ලබයි . පශ්චාත් උපාධිය , මහාචාර්ය උපාධිය වැනි උසස් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන ලාංකිකයින්ද වේ . එනිසාවෙන්  ජපන් භාෂාව ඉගෙන ගනු ලබයි .

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views