Culture

ජපානයේ ආදරවන්තයින්ගේ දිනය සමරන්නෙ මෙහෙමයි..

  • このエントリーをはてなブックマークに追加

Valentine’s Day


තරුණ තරුණියන් අතර වඩාත්ම ප්‍රිය කරන මාසයක් විදියට පෙබරවාරි මාසය හදුන්වන්න පුළුවන්.මොකද ,ආදරවන්තයින්ගේ දිනය යෙදෙන්නේ පෙබරවාරි මාසයේ නිසා.සාමාන්‍යයෙන් මේ දවසට ආදරවන්තයින් එකිනෙකා හමුවෙලා තෑගි හුවමාරු කරගන්නවා වුනත් ජපානේ නම් මේ දවස සමරන්නේ ටිකක් වෙනස් විදියකට.

ජපානයේ ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ කොහොමද?

අනිත් රටවල් එක්ක සසදලා බලනකොට ජපානයේ ආදරවන්තයින්ගේ දවස සමරන විදිය වෙනස්.ගොඩක් වෙලාවට ලංකාවේ නම් ආදරවන්තයා එයාගේ ආදරවන්තියට චොක්ලට් එකක් නැත්නම් කැමති තෑග්ගක් අරන් දෙනව වුනත් ජපානේ වෙන්නේ මේකේ අනිත් පැත්ත.ඒ කියන්නේ,ජපානේ තරුණියන් තමයි එයාගේ හිතගිය තරුණයට තෑගි දෙන්නේ.තෑගි විදියට දෙන්නේ චොක්ලට් හෝ  රසවත් විස්කෝතු.

චොක්ලට් වර්ග

තරුණියන්දෙන චොක්ලට් වර්ග 2 ක් තිබෙන අතර ඒවායින් එක් වර්ගයක් තමයි Giri-choco කියන්නෙ.අනිත් වර්ගය හැදින්වෙන්නේ Honmei choco කියල.සාමාන්‍යයෙන් Giri-choco පාසලේ යාළු හිතමිතුරන්ට වගේම හිතවත් පිරිමි ළමුන්ට ලබාදෙනවා.නමුත් Honmei choco ලබාදෙන්නේ තමන්ගේ ආදරවන්තයට.මේකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ මේ චොකලට් හදන්නේ ආදරවන්තියගේ අතින්ම වීම.මොකද තමන්ගේම අතින් හදන චොක්ලට්වල ආදරයත් මිශ්‍රව තිබෙන නිසා.

White day

මේ විදියට තරුණියන්ගෙන් චොකලට් ලබාගන්න තරුණයින්ට එකට ප්‍රතිඋපකාර දක්වන්නත් දවසක් තියෙනවා.ඒ ආදරවන්තයින්ගේ දවසට හරියටම මාසෙකට පසුව.ඒ අනුව  තරුණයන් විසින් තරුණියන්ට චොකලට් ලබාදෙන්නේ මාර්තු 14.පෙබරවාරි 14 ආදරය ප්‍රකාශ කරපු තරුණියගේ ආදරය පිළිගන්න බවට හැගවිමට නම් ඒ තරුණියට චොකලට් එකක් ලබාදීම මෙහිදී සිදුවෙනවා.ලබාදෙන චොක්ලට් White Chocolate වීම තමයි මේකෙ තියෙන විශේෂත්වය වෙන්නෙ.

 

  • このエントリーをはてなブックマークに追加

Views