ටැක්සියක ගමනක් යමු.
එදිනෙදා ජීවිතයේදී ගමන්බිමන් යන විටදී ටැක්සි එකක් භාවිත කරන අවස්ථා බොහොමයි. ලංකාව තුළ දී නම් ටැක්සි වෙනුවට බහුලව යොදා ගන්නේ ත්‍රී රෝද රථ. නමුත් ජපානය තුළ දී ත්‍රී රෝද රථ නොමැති නිසා සෑම විටම ටැක්සියක් භාවිතයට සිදු වෙනවා. ටැක්සියක් තුළ ගමන් කිරීමේදී රියදුරා හා මගියා අතර ඇතිවන සංවාදයක් ඉගෙන ගනිමු.
サビーナ : かんさいまで お願いします。
Sabīna : Kansai made onegaishimas(u).
සබීනා : කන්සායි (නගරයක නමක්) වලට යමු.
運転手 : はい
Untenshu : Hai.
රියදුරා : හරි
サビーナ : すみません。あの しんごうを みぎへ まがって ください。
Sabīna : Sumimasen. Ano shingou wō migi e magatte kudasai.
සබිනා : සමාවෙන්න. සිග්නල් එක තියෙන තැනින් දකුණට හරවන්න.
運転手 : みぎですね。
Untenshu : Migi des(u)ne.
රියදුරා : දකුණට නේ..
サビーナ : ええ。
Sabīna : Ee
සබීනා : ඔව්.
運転手 : まっすぐですか。
Untenshu : Massugu des(u)ka?
රියදුරා : කෙලින්ම යනවද?
サビーナ : ええ。まっすぐ いってください。
Sabīna : Ee Massugu itte kudasai.
සබීනා : ඔව් කෙලින්ම යන්න.
サビーナ : あの レストランの まえで とめてください。
Sabīna : Ano Resutoran no ma e de tomete kudasai.
සබීනා : ආ.. රෙස්ටුරන්ට් එක ඉස්සරහින් නවත්තන්න.
運転手 : はい。1500円です。
Untenshu : Hai . Sengohyaku en des(u).
රියදුරා : හරි .යෙන් එක්දහස් පන්සීයයි.
サビーナ : これで お願いします。
Sabīna : Korede onegsishimas(u).
සබීනා : මේකෙන් ගන්න. (යෙන් 2000ක් දෙයි)
運転手 : 500円の おつりです。ありがとう ございました。
Untenshu : Gohyaku en no otsuri des(u). Arigatou gozsimashita.
රියදුරා : යෙන් පන්සීයක් ඉතුරැයි. බොහොම ස්තූතියි!