Japanese

How to learn Japanese easily – Lesson 17

  • このエントリーをはてなブックマークに追加

 පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි දහසයවන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා .දහහත්වන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන ව්‍යාකරණ කිහිපයක් හා එවා භාවිත කරන ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දහහත්වෙනි පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

   දහහත්වන පාඩම

     ~ te ~ te ~te

සිංහල භාෂාවේ පුර්වක්‍රියා හා සමානය.

ක්‍රියාපදයක ~te  ස්වරෑපය සාදා ගන්නා ආකාරය පීළිබඳව මීට පෙර පාඩමකින් අපි ඉදිරිපත් කළා ඔබට මතක ඇති. එලෙස සාදාගත් ~te ස්වරෑපයේ ක්‍රියාපද සමඟ වාක්‍ය ගොඩනගන ආකාරය ඉගෙන ගනිමු.

එහිදී යම්කිසි ක්‍රියාවන් කිහිපයක් එකදිගට සිදු කරන ආකාරය ප්‍රකාශ වේ.

かのじょは しんぶんを よんで ひるごはんを たべて かいものに いきました。

Kanojo wā shinbun wō yonde hirugohan wō tabete kaimono ni ikimash(i)ta.

ඇය පත්තරය කියවා දහවල් ආහාර ගෙන බඩු මිලදී ගැනීමට ගියාය.

 

 

  1. てから

     ~te kara

 යම්කිසි ක්‍රියාවක්  “කළ පසු” යන අරුත ගෙනදෙයි.මෙහිදී සෑමවිටම පෙර ඇති ක්‍රියාපදයට ගැළපෙන , එසේම එහි දිගුවක් ලෙස ක්‍රියාකරන ක්‍රියාපදයක් දෙවනුව යෙදෙයි.

しゅくだいを してから あそびに いきます。

Shukudai  wō  shitekara asobini ikimas(u).

ගෙදරවැඩ (පාසලෙන් දුන්)  අවසන් කිරීමෙන් පසු සෙල්ලම් කිරීමට යනවා.

 

 

            දෙවන කොටස

1. ~にくい

ます + にくい

~  Masu     +    Nikui

යම් ක්‍රියාවක් කිරීමට අපහසු බව ප්‍රකාශ වේ මෙහිදී ක්‍රියාපදයේ masu කොටස ඉවත් කර nikui කොටස එක් කරනු ලබයි.

かんじは おぼえにくい。

Kanji wā ob0enikui.

කන්ජි මතක තියාගන්න අමාරැයි.

 

 

 

2.~やすい

ます + やすい

~Masu     +    Yasui

යම් ක්‍රියාවක් කිරීමට පහසු බව ප්‍රකාශ වේ මෙහිදී ක්‍රියාපදයේ masu කොටස ඉවත් කර Yasu කොටස එක් කරනු ලබයි.

かんじはおぼえやすい。

Kanji wā ob0eyasui.

කන්ජි මතකතියාගන්න ලේසියි/පහසුයි.

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views