තායිවානයේ බුදුදහම ගැන ඔබ දන්නවාද ?
තායිවානයේ ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් 3 වන්නේ බෞද්ධාගම , ටාඕවාදය සහ කොන්ෆියුෂන්වාදයයි. එසේ වුවත් තායිවානයේ මෙම සම්ප්‍රදායන් තුනම එකිනෙකට සම්බන්ධවී ඇත. මෙය ඇත්තටම ජපාන අභාෂයෙන් පැමිණ ඇති අතර තායිවානය බෞද්ධාගම සහ ටාඕවාදයේ මිශ්‍රණයකි. එය ජනගහනයෙන් 93% වේ. කිතුනුවන් එයින් 4.5% වේ.
බෞද්ධාගමේ ආගමික හා දාර්ශනික සම්ප්‍රදාය බුදුන්ගේ ඉගැන්වීම් වලින් උපුටා ඇත. එහෙත් තායිවානයේ අනුගමනය කරන්නේ මහායාන බුද්ධාගමයි. එය බෞද්ධාගමේ ප්‍රධාන සම්ප්‍රදාය වන ථේරවාද ආගමෙන් තරමක් වෙනස් වේ.
ලංකාවේ බොහෝ දෙනා බෞද්ධයන් වන නිසා ආගමික පැත්තෙන් කිසිදු බලපෑමක් තායිවානේදී ඇති වන්නේ නැත. එම නිසාම ආගමික නිදහස උපරිමයෙන් ලැබෙන බව කිව යුතුයි.
තායිවානය භික්ෂූන්වහන්සේලාට ඉතා ඉහලින් ගරු කරන රටක් වන අතර තයිවනයේදී භික්ෂූන් වහන්සේලා සදහා වූ විවිධ පහසුම් ඇති බව කිව යුතුය. බෞද්ධයන් සදහා වූ විවිධ සංගම් ආදියද තායිවානයේ බොහෝ තිබේ.