Culture

දෙනෙත් අදහා ගත නොහැකි තරම් වූ ජපන් විස්කම්

  • このエントリーをはてなブックマークに追加

ජපානය කිවූ සැනින් සකුරා මල් පිපි හිමෙන් පිරි දේශයක් අප කාගේත් සිතට නැගෙන්නේ නිරායාශයෙනි .  ඉතා කුඩා දේ  පවා සිත්ගන්නාසුළු අයුරින් නිමවීමට ජපන් ජාතිකයින් හට ඇති දක්ෂතාවය විටෙක සිතා ගන්නටත් නොහැකි තරම්ය . වර්තමානය වනවිට  ජපානයේ  නොයෙකුත් විසිතුරු දේ දක්නට ලැබේ . ඒ  අතරින්  ජංගම දුරකථන ,  ඇඳුම් විලාසිතා , සෙරෙප්පු යනාදියට පවා අමුතුම අලංකරණයක් එක්කිරීමට හැකි වී තිබේ .

කතා කරන බෝනික්කෝ

කතා කරන බෝනික්කන් යැයි කිවූ විට ලාංකිකයන් වශයෙන් නුපුරුදු බවක් දැනීම් සාමාන්‍ය  දෙයකි . එහෙත් ජපානයේ නම් එවැනි දේ සඳහාම වෙන්වූ  වෙනම කඩ පවා දක්නට ලැබේ. දුකක් දැනුණු විට , පාළුවක් දැනුණු විට අපේ වෙහෙස නැති කර ගැනීමට මෙවැනි විසිතුරු දේ තුලින් ලැබෙන පිටුවහල කියා නිමකිරීමට නොහැකි තරම්ය .   නිදසුනක් ලෙස අප දෙමව්පියන්ගෙන් වෙන්වී වෙනත් ස්ථානයක සිටිනවා යි සිතමු . අප බොහෝවිට අපේ පාළුව , තනිකම නැති කර ගන්නේ කෙසේද ? අපේ සිත් තුල ඇති දේ පැවසීමට මෙවැනි දේ මහත් උපකාරි වනු ඇත.

නටන බෝනික්කෝ

අප බොහෝ දෙනා කලබලකාරී ජීවිත ගත කරනු ලබයි . ජපානයද ඊට නොදෙවෙනි යි සිතමි. ඔවුන් ගත කරන්නාවූ  කලබලකාරී ජීවිත වලට තිතක් තැබීම සඳහා;  විනෝදාස්වාදය ලැබීම සඳහා ජපන් ජාතිකයින් යොදාගනු ලබන විනෝදජනක දෙයක් ලෙසින් නටන බෝනික්කන්  හඳුන්වා හඳුන්වා දිය හැකිය

        

 

විසිතුරු ජංගම දුරකථන

ජංගම දුරකථනයක් කියූ විට අද වන විට විවිධ මාදිලියේ ජංගම දුරකථන බොහොමයක් දක්නට ලැබේ. ජපානය නම්වූ සුන්දර දිවයින තුල විවිධ ආකාරයෙන් නිර්මාණය කරන ලද  , සිත්ගන්නාසුළු  ජංගම දුරකථන රාශියක් දක්නට ලැබේ. ඒවා දුටු සැනින් අප වෙනත් ලොවක් වෙත කැඳවාගෙන යනබව දැනෙනවා වැනිය. ජපන් ජාතිකයින් ඉතා කුඩා දේ පවා මිනිස් චිත්තකර්ශනයට නතුවන අයුරින් නිර්මාණය කිරීමෙහි ලා  මහත් දක්ෂතාවයක් දක්වනු ලබයි . මිනිස් නෙතට ඇදහිය නොහැකි තරම් පුදුම සහගත දේවල් වලින් එය සමන්විත වේ.

 

 

සුන්දර වූ ඇඳුම් විලාසිතාවන්

ඇඳුම් විලාසිතාවන් ගැන කතා කරන විට බොහෝ වශයෙන් කාන්තාවන් විවිධ ඇඳුම් විලාසිතාවන්ට ප්‍රිය කරනු ලබයි . ජපානයේද පාසල් ශිෂ්‍යාවන් , ශිෂයින් , රැකියාවන්හි නියුතුවන පිරිස් , එසේම  පිරිමි පක්ෂයද ඇඳුම් විලාසිතාවන්ට ප්‍රමුක  ස්ථානයක් , දක්වන බව කිව හැකිය .ඔවුන් විවිධ ආකාරයේ ඇඳුම් විලාසිතාවන් මිලදී ගනු ලබයි. ඒ සඳහා මුදල්ද වියදම් කරනු ලබයි. වෙනත් රටක් හා සැසදීමේදී ජපානයේ ඇති ඇඳුම් විලාසිතාවන් සුවිශේෂී ලෙසම කැපී පෙනෙයි .එම සුන්දර බව නිසාම සියලු දෙනා එම ඇඳුම් මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දක්වනු ලබයි .

 

 

            

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views