ජපානය ගැන සඳහන් කරන විට , ලංකාව හා සසඳා බැලීමේදී බොහෝ පුදුමසහගත දේ කෙරෙහි අප අවදානය යොමු වනු නියතය . එවැනි දේවල් කිහිපයක් පිලිබඳ විමසා බලමු .
ජපානයේ දුම්රිය සහ දුම්රිය නැවතුම්පළ දැක තිබේද ?
ජපානයේ දුම්රිය ගැන සඳහන් කිරීමේදී අපේ රටට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයකට එහි දුම්රිය ධාවනය සිදු වන බව ඔබ දන්නවාද ? එසේම දුම්රිය වර්ග කීපයක් ජපානය තුළ දක්නට ලැබේ . එනම් , දෙන්ෂ ( සාමාන්‍ය දුම්රිය ) , චිකතෙත්සු ( උමං දුම්රිය ) , ශින්කන්සෙන් ( අධිවේගී දුම්රිය ) වේ .
තවද , දුම්රිය තුළ ගමන් කිරීමට නම් ගමනාගමන කාඩ් පතක් ලබාගෙන එය රිචාර්ජ් කරගත යුතුය . එසේම , ලංකාවේ මෙන් නොව යායුතු දුම්රිය ස්ථානයට අදාළව ගෙවිය යුතු මුදල අය කර ගන්නේ ගමනාගමන කාඩ්පත යන්ත්‍රයක් මත තැබීමෙනි .
දුම්රියපොළ ද , ඉතාම පිරිසිදු වන අතර දුම්රියට නැගීමේදී ජපන් ජාතිකයින් ඉතාම සංවර ලෙස පේළියකට හිද , දුම්රියට නගිනු ලබයි . එසේම , දුම්රිය තුළ ස්වන්ක්රීය දොරටුවක් තිබීම ඉතාම ආරක්ෂිත පිළිවෙතකි .
අලෙවි යන්ත්‍ර ( Vending Machines )
ජපානය තුළ බොහෝ විට මෙම අලෙවි යන්ත්‍ර දක්නට ලැබේ . ඒ අතර විවිධ බීම වර්ග ප්‍රධාන වේ . තවද , අහාර සඳහා , අයිස්ක්‍රීම් , පත්තර , කුඩ වැනි දේ සඳහාද මෙම අලෙවි යන්ත්‍ර දක්නට ලැබේ. මෙය ඉතාම කාර්ය බහුල ජීවිත ගත කරන පුද්ගලයන් සඳහා ඉතාම වැදගත් දෙයක් ලෙස හඳුන්වා දිය හැකිය .
මෙම අලෙවි යන්ත්‍ර වලින් බඩු මිලට ගැනීමේ දී අවශ්‍ය දෙය තෝරා මුදල් ගෙවූ පසු ඉතිරි මුදලද ලබා ගත හැකිය .මේවා බොහෝ විට පොදු ස්ථාන වල දක්නට ලැබේ . අප රට තුලද මෙවන් දේ තිබුණා නම් යයි සිතේ.
ජපානයේ ඔතෙඅරයි/ තොඉරෙ ( Toilet / Washroom )
ජපානයේ තිබෙන පිරිසිදුතාව සේම සනීපාරක්ෂාව ගැන සඳහන් කිරීමේදී එම අංශය ද , ඉතාම පිරිසිදු ලෙස තිබීම සතුටට කරුණකි . තාක්ෂණය අතින් මහත් දියුණුවක් ඇති ජපන් ජාතිකයින් Toilet වැනිදේ නිර්මාණයේදී ද , එම තාක්ෂණික දියුණුව උපයෝගී කරගෙන තිබීම වර්තමානයේ දක්නට ලැබෙන උපාංග මගින් තහවුරු කරගත හැකිවේ .
ජපානයේ ඇති bath tub ( ඔෆුරෝ නි හයිරු )
ජපානයේ ඇති ඔෆුරෝ සුවිශේෂී වේ . අනිත් රට වලද මෙම bath tub දක්නට ලැබුනද , ජපානයේ ඇති bath tub අනිත් රට වලට වඩා තරමක් වෙනස් වේ . bath tub කිවූ විට ලාංකිකයින් වන අපට යම් ලැජ්ජාශීලී හැගීමක් ඇතිවුවද , විදීශිකයින්ට එසේ නොවනු ඇත .
මෙම bath tub වලට යාමට හේතුව කුමක්ද යන්න ජපන් ජාතිකයින්ගෙන් විමසූ විට , තම කාර්යබහුල ජීවිතයෙන් මදකට මිදී , සිත සැහැල්ලු කර ගැනීම සඳහා , මානසික පීඩනයෙන් මිදීම ආදී පිළිතුරු ලබාදෙනු ලබයි . එසේම , සෞක්‍ය සම්පන්න ජීවිතයක් සඳහාද මෙය කදිම තෝතැන්නක් වශයෙන්ද සඳහන් කල හැකිය .
සුෂී දුම්රිය
මෙම ආපනශාලා තුලින් සුෂී; දුම්රියක් තුලින් සුෂී මිලදී ගත හැකිය . එය ඉතාම අද්විතීය වේ. එසේම නියමිත වෙලාවට මෙම සුෂී දුම්රිය තුලින් සුෂී මිලදී ගත හැකිය . එයද ලාංකිකයින් වන අපට පුදුමය හගවන දෙයක් වනු ඇත .