ජපානයේ ඉගෙන ගැනීමට බලාපොරොත්තුව වන ඔබට නිතරම සිතට නැගෙන දෙයක් ගැන කතා කිරීමට මෙහිදී බලාපොරොත්තු වේ. එනම් ජපන් ජීවිතයේදී වැදගත්ම දෙයක් වන වියදම් පිලිබදව ලද අත්දැකීම් ඇසුරෙන් කතා කරමු.
-
නිවාස
ජපානයේ මහල් නිවාස සදහා නියමිත මුදල ඇත්තෙන්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් බව කිව හැකිය. නිවාසයේ විශාලත්වයද තරමක් වෙනස් යැයි හැගේ. මා ජීවත් වූ ප්‍රදේශය තරමක් ග්‍රාම්‍ය ස්වරුපයක් සහිත kyushu හි kumamoto නගරයයි. kumamoto නගරයේ මහල් නිවාසයක් සදහා මාසිකව රු. 24000-27000 ප්‍රමාණයක් වන අතරම fukouka නගරයේද එතරම් වෙනසක් නොමැත යන්න මගේ අදහසයි. එහෙත් tokyo, osaka වැනි කාර්යබහුල නගර වල මෙය තරමක් වෙනස්ය. එවැනි නගර වල මාසිකව රු. 40000-45000 මුදල් ප්‍රමාණයක් වැය වේ.
-
ආහාර පාන
ආහාර පාන සදහාද ප්‍රදේශ අනුව සුළු සුළු වෙනස්ම් තිබුනද සාමාන්‍යයක් ලෙස රු. 25000-30000 අතර ප්‍රමාණයක් වැය වේ යැයි සිතේ. fukouka, kumamoto වැනි ප්‍රදේශ වල ඇත්තෙන්ම එළවලු වර්ග සදහා වැයවන මුදල් ප්‍රමාණය අඩුය. එයට සාපේක්ෂව tokyo, osaka වැනි නගර වල ඒ සහදහා වූ වියදම වැඩිය. මෙහිදී කිව යුතුම දෙයක්නම් ජාපනයේදී ආහාර මිලදී ගැනීමේදී ගුණාත්මක බාවය පිලිබදව දෙවරක් සිතීමට අවශ්‍ය වන්නේ නැත.අනෙක්දෙයනම් පැය 24 ක්‍රියාත්මක වන mini super mart(konbini)හදිසිඅවශ්‍ය තාවයක් මත ඕනෑම දෙයක් මිලදී ගත හැකි නමුත් ඇත්තෙන්ම මිල තරමක් අධිකය. මස් මළු පිලිබදව කතා කිරීමේදී මාළු වල මිල තරමක් අධික බවක් හැගුණි.
-
ජල විදුලිය
මෙවැනි දේ නම් ඇත්තෙන්ම කුමන ප්‍රදේශයක වූවද එකම ස්වරුපයක් ගනී. විදුලි ගාස්තු රු. 4000-6000 අතරද, ජල ගාස්තු රු.4000-5000 අතරද වේ.
සැලකිය යුතු වැදගත් කරුණනම් භාවිතා කරන ආකාරය පිලිබදවයි. එයට හේතුවනම් උදේ පාසල් යන ඔබ නැවත නිවසට පැමිණෙන්නේ රාත්‍රියේදීය එහිදී පාසල් යාමට ප්‍රථම නැවත වරක් පරීක්ෂාකර බැලිය යුතුය.
-
ගෑස්
ගෑස් භාවිතය ලංකාව හා සැසදීමේදී තරමක් වෙනස් වේ. ලංකාවේ බොහෝ දෙන භාවිතා කරන්නේ gas cylinder වන අතර ජපානයේ ගෑස් ලැබෙන්නේ නල අශ්‍රිතවය. මේ සදහා මුදලක් අය කරන අතර එය මාසිකව රු. 4000-6000 අතර අගයක් ගනී.
-
දුරකථන ගාස්තු
විදේශ ශිෂ්‍යන්ට දුරකතනයක් මිලදී ගැනීමේදී තරමක් අපහසු වේ. මෙහිදී දුරකතනයක් මිලදී ගැනීමට හෝ දුරකතනයක් මාසික ගෙවීමේ පදනමට ලබා ගැනීමේදී වූවද ශිෂ්‍යයන් සතුව පාසල් අයදුම් පත හා විදේශ ගමන් බලපත්‍රය තිබීම අනිවාර්ය වේ. වසර 2ක් සදහා visa ලබා ඇත්නම් මාසික ගෙවීමේ පදනමට දුරකතනයක් මිලදී ගත හැකිය.ඒ සදහා මාසිකව රු. 8000-9000(දුරකථනය සදහාවූ මුදල සහ ඇමතුම් ගාස්තු) වැය වේ. නමුත් මුලික ගාස්තු ගෙවා දුරකථනයක් මිලදී ගත හොත් වැය වන්නේ මසකට රු. 4000-5000 වැනි මුදලකි.
-
ගමනාගමනය
ජපානයට ගිය විගස ඔබ කල යුතු දෙයක්නම් පාපැදියක් මිලදී ගැනීමයි. ඒ සදහා රු. 12000-15000 පමණ වැය වේ. මග වියදම අඩුකරන බැවින් ඇත්තෙන්ම ඉතා පහසුය. ජපන් ජාතිකයන් බහුතරය පවා භාවිතා කරන්නේ පාපැදියයි. පෙර පාසල් ළමුන්ගේ සිට වැඩිහිටියන් පවා පාපැදිය භාවිතා කරයි. පාපැදියෙන් යාමට බිය වීමට කිසිදු හේතුවක් නොමැත. එයට හේතුව නම් පාපැදි සදහා වෙනම මං තීරුවක් වෙන් කර තිබීමයි.
මෙහිදී පැවසිය යුතු අනෙක් දෙයක්නම් ජපන් දුම්රිය සේවවායි. ඒ සදහාද විදේශ ශිෂ්‍යයන් හට විශේෂ හැදුනුම් පතක් ලබා ගතහැකි අතරම එමගින් සියයට ප්‍රමාණයක අඩු කිරීමක් ලැබෙන බව ම දන්නා කරුණකි. ඇත්තෙන්ම ජපන් දුම්රිය සේවය ඉතා කාර්යක්ෂමය. නියමිත වේලාවට පැමිණෙයි.එහිදී කිසියම් ආකාරයකින් ප්‍රමාද දෝෂයක් වාර්තා වන්නේ නැත. ලංකාවේ බහුල දෙයක් වන බස් රථ ප්‍රවාහනය ජපනයේනම් එතරම් දක්නට නොමැත.බස් ගස්තු ඇත්තෙන්ම මිල අධිකය. එමපනක් නොවන බස් රථ ගමන් මාර්ගද තරමක් අපැහැදිලිය.
taxi ගැන විමසා බැලීමේදී හැදින්විය හැක්කේ ඉතාමත් මිල අධිකම මාධ්‍යය ලෙසටය. ඇත්තෙන්ම හදිසි අවස්ථාවක් හැරුනුකොට taxiක ගමන් කිරීම ඇත්තෙන්ම සිත බැලිය යුතුය.