Culture

ලාංකික ඇසින් ජපානය!

  • このエントリーをはてなブックマークに追加

ජපානයේ සිටි කාලය තුල නෙත ගැටුන තරමක් වෙනස් සහ විශේෂ කරුණු  කිහිපයක් අපි මෙහිදී කතා කරමු..

 

  • ජපන් ජාතිකයන්ගේ හික්මීම

ජපන් ජාතිකයන් බොහෝ සංවරශීලි ගති පැවතුම් වලින් යුක්තය.ඒ අනුව කුමන දෙයක් කිරීමේදී වූවද දැඩි හික්මීමක් සහ ඉවසිලිවන්ත බවක් දක්නට ලැබේ. උදාහරණ ලෙස දුම්රියකට නැගීමේදී, බැංකුවට ගිය විටදී, රෝහලකට ගිය විටදී,තැපැල්කන්තෝරුවකට ගිය විටදී මෙන්ම සෑම අවස්ථාවදීම ක්‍රමානුකුල බවක් දක්නට ලැබේ.දුම්රියකට නැගීමේදී වූවද ඔවුන් එක පෙලකට සැදී කිසිදු කලබලයකින් තොරව සිටින බව මා අත්දැකීමෙන් දුටුමි.එමෙන්ම සෑම දෙයකටම හිස නවා ආචාර කිරීම ජපනුන්ගේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයකි.

 

  • ජපනුන්ගේ කතාව

ජපනුන් කතා බහ කිරීමේදී නිතරම අචාරශිලිය. එමෙන්ම නිතරම එකිනෙකා අගය කිරීමට සමත් ඔවුන් අනෙකාගේ සිත නොරිදෙන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමට සමත්ය. ජපන් භාෂාවට සවන්දීමට මෙන්ම ජපනුන් සමග අදහස් හුවමාරු කර ගැනීමටද මා කැමැත්තක් දක්වන්නේ මේ නිසාද යන්න නොවැටහේ.ඇත්තෙන්ම ජපන් භාෂාව රසවත්ය.ජපන්ය භාෂාව තුල මා දුටු විශේෂ දෙයක්නම් යම් අදහසක් හරියාකාරව පැවසීමට ඔවුන් සතුව ඇති වාග්මාලාවේ ප්‍රබලත්වයයි.මෙය මා හට පමණක් සිතු දෙයක්ද යන්න නොදනිමි.

  • ජපන් ජාතිකයන්ගේ විනෝදය

ජපන් ජාතිකයන් නිතරම කාර්යබහුලය. එහෙත් විනෝද වන අවස්ථාවන්හිදී ඒ විනෝදය උපරිමෙන් ලබා ගැනීමට ඔවුන් සමත්වේ. ඇත්තෙන්ම මා පුදුම වූ දෙයක් මෙහිදී සදහන් කිරීමට කැමතිය. එනම් ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රත්ක්ෂේප කරන දුම් පානය ජපනයේදීනම් ඇත්තෙන්ම සුලබ දසුනකි.බොහෝ ස්ථාන වල දුම් පානය සදහා වෙන් කෙරු ප්‍රදේශයක් පවා දක්නට ලැබේ.

ජපන් ජාතිකයන් නිරන්තරයෙන් අවන්හල් වලට ගොස් ආහාර ගැනීමට කැමැත්තක් දක්වන අතර එම බොහෝ අවස්ථාවලදී මතපැන් පානය සුලබව දක්නට ලැබේ. එපණක් නොව පැය 2ක් ඇතුලත ඕනෑම වර්ගයක බීම නැතහොත් කෑම, (Nomihodai tabehodai) ඕනෑම ප්‍රමාණයක්  ලබා ගැනීමට හැකි විනෝදකාමී අවස්ථාද ජපානයේ දක්නට ලැබේ. තවද මධ්‍යම රාත්‍රියේදී වූවද ඇත්තෙන්ම වයස් බේදයකින් තොරව විනෝද වන ජපනුන් දැක ගත හැකි අතරම සිකුරාදා වැනි දිනයක්හි බහුලය. ඇත්තෙන්ම ලාංකිකයන් වන අපට එය තරමක්න්ම දුර්ලබ දසුනක් වුවත් ජපායේදිනම් එය සාමාන්‍ය දෙයකි. ගැහැණු පිරිමි බේදයකින් තොරව කුමන රාත්‍රියක වූවද කිසිදු බියකින් තොරව ඕනෑම මගක ගමන් කිරීමේ හැකියාව ඇති බව මා අත්දැකීමෙන් දන්නා කරුණකි.

  • ජපනුන්ගේ එදිනෙදා ජීවිතය

ජපනුන්ගේ එදිනෙදා ජීවිතය ඇත්තෙන්ම බොහෝ කාර්යබහුලය. මෙහිදී කිව යුතු විශේෂ දෙයක්නම් ජපන් ජාතිකයන්ගේ උදෑසන ප්‍රමාදය රාත්‍රිය දිගුය. රාත්‍රිය දිගු නිසා උදෑසන ප්‍රමාද වනවාද නොදනිමි.එහෙත් ලාංකිකයන් බොහෝ දෙනා උදෑසන 5-6 පමණ වන විට අවදි වුවත් ජපනදීනම් එය ඇත්තෙන්ම අදහ ගත නොහැකි තරම් උදෑසනකි. ජපානයේ බොහෝ දෙනක් දවස අරභන්නේ උදෑසන 6.30-7 ට පමණය. බොහෝවිට ජපනුන් උදේ ආහාරය නිවසේදී ලබා ගනී. එය බොහෝ විට බත් සහ මිසෝ සුප් වලින් සමන්විතය. දවල් ආහාරය බොහෝ විට එළියෙන් ලබා ගන්නා ඔවුන් රාත්‍රියේදී විනෝද වෙයි. නැතහොත් නිවසේදී කෑම සාදා සියලු දෙනා එක්ව ආහාර ගනී.

  • ජපනුන් සහ coffee

ජපන් ජාතියන් බොහෝ කාර්යබහුලය එය හේතුවෙන් ඇත්තෙන්ම වැඩ කිරීමේදී දැනෙන වෙහෙස නිවා ගැනීමට ඔවුන් නිතරම coffee පානය කරයි.එමගින් යම් කිසි ප්‍රබෝදයක් ඇති වන බවක් මා ද අත්දුටු දෙයකි. සීත කාලයේදී උණුසුම් coffee පානය දක්නට ලැබෙන අතර ග්‍රීෂ්ම කාලයේදී සීතකල coffee පානය කරයි. බොහෝ විට සීනී භාවිතා නොකර coffee බීමට ජපනුන් හුරු වී ඇත.

  • ජපන් කෑම

ජපන් ආහාර ඇත්තෙන්ම අලංකාරවත්ය. එපණක් නොව  ශරීරයට ගුණදායකය මෙන්ම ඉතා රසවත් බව කිව යුතුය. ජපන් ආහාරවල ගුණාත්මක බව පිළිබදව ඇත්තන්ම දෙවරක් සිතිය යුතු නැත. ජපන් බොහෝ ආහාරයන්හි තෙල් ප්‍රමාණය,ලුණු ප්‍රමාණය ඇත්තන්ම අඩුය. ජපානයට ගිය මුල් කාලයේ ඇත්තෙන්ම ජපන් ආහාර වර්ග ගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වුවත් පසුව එයට හුරු වීමට හැකි විය. ලාංකියන් ලෙස ‘කටට සැරට’ ආහාර ගැනීමට කැමැත්තක් දැක්වීම එයට හේතුව ලෙස මා දකී.

ඇත්තෙන්ම ජපනුන් ආහාර වලට දක්වන්නේ පුදුමාකාර ගරුකිරිමකි. ඔවුන් ආහාර ගැනීමට ප්‍රථම දෙඅත් එක් කර වැඳ ‘ඉතාදකිමසු’ (ithadakimasu) යනුවෙන් ප්‍රකාශ කර ආහාර ගැනීම අරභයි. ආහාර ගත් පසුව ස්තුතියි කිරීමට ‘ගොචිසෝසමදෙශිතා'(gochisosamadeshita) යනුවෙන් ප්‍රකාශ කරයි.

  • ජපන් විලාසිතා

ජපන් විලාසිතානම් ඇත්තෙන්ම සිත් ඇද ගන්නා සුළුය. ජපන් කාන්තාවන් සෑම කෙනෙක්ම වගේ ඇත්තෙන්ම හුරුබුහුටිය. ඒ හේතුවෙන් අදින ඕනෑම ඇදුමක් ලස්සනට පෙනේද යන්න මට සිතේ. ජපානෙයේ විලාසිතා එකිනෙකට එකිනෙක වෙනස් ස්වරුපයක් ගන්නා අතර කුමන ආකාරයකින් හැඳපැළදගෙන ගියද එතරම් එකිනෙකා පිලිබදව සැලකිල්ලක් නොදක්වයි යන්න මගේ හැගීමයි.ජපන් පිරිමි ළමුන්ගේද විලාසිතා ඇත්තෙන්ම සිත් ඇද ගන්නා සුළුය. එහෙත් එයද විවිද ස්වරූප ගන්නා අතර ඇත්තෙන්ම එයද එකිනෙකට වෙනස්ය.බොහෝ විට අනුකරණය නොකරන බවක් දක්නට ලැබේ.

  • කසළ

ජපානයේ කසළ කළමනාකරණයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඇත්තෙන්ම ඒ සදහා වෙන්වෙනු දින දර්ශනයක්ද ඇත. ලංකාවේදී කිසිදු සැලකිල්ලක් නොදක්වන කසළ කළමනාකරණයට ජපානයේ දක්වන සැලකිල්ල ඇත්තෙන්ම පුදුම සහගතය. දිරපත්වන ද්‍රව්‍ය හා දිරාපත් නොවන ද්‍රව්‍ය වෙන් කිරීම කුඩා කල සිටම ඔවුන්ට හුරු වී ඇත. කිව යුතුම දෙයක්නම් විදේශකයන් වන අප ද එම රටාවට අනිවාර්යෙන් හුරු විය යුතුය. කසළ බැහැර කිරීමේදී ඒ ඒ දිනට අදාළ ද්‍රව්‍ය එදිනට බැහැර කල යුතු වේ.

ජපානයේදී ලබා ගත් බොහෝ දේ ජීවිතයේ සාර්ථකත්වයට බොහෝ ලෙස අත්වැලක් සපයයි.

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views