Rent

ටෝකියෝවේ ඇති share house පිලිබදව හදුන්වාදීම

  • このエントリーをはてなブックマークに追加

share house නමින් ටෝකියෝවේ  ඇති ස්ථානය පිලිබදව ඔබ අසා තිබේද ? සමහරවිට  ඔබ නොදන්නවා විය හැකිය . එනම් , share house යි කියනු ලබන්නේ , විදේෂිකයින්  හට ජපානයට ගිය විට , එම නුපුරුදු භාවය මග හරවා ගැනීමට උපකාරී වන පිලියමක් ලෙස සඳහන් කල හැකිය . එසේනම්  share house යන්න කුමක්ද යන්න විමසා බලමු .

share house කියන්නේ මොකද්ද ? share house    වල සිටින්නේ කව්ද ?

මෙම share house   තිබෙන්නේ විදේශිකයින්ගේ පහසුව සඳහාය . විදීශිකයෙක් ජපානයට මුල් වතාවට පැමිණි විට ඔහු ඇය යම් හෙයකින් අතරමන් වන බව පැවසුවොත් එහි වරදක් නැත . මක්නිසාද  මුල් වතාවට ආගනතුක දේශයකට පැමිණි කව්රුන් වුවද එලෙස අතරමන් වන්නට බැරි නැත .

මෙලෙස  මුලින්ම ජපානයට පැමිණෙන විට , තමන් යායුතු කොහිද ? කුමන දිශාවකට යායුතුද  , තමන් ඉගෙන ගන්නා පාසැල  ආසන්නයේ නැවතීමට  ස්ථානයක් සොයා ගන්නේ කෙසේද , මිල අධික නොවන තමන්ට හැකි පමණින් ස්ථානයක් සොයා ගන්නේ කෙසේද යනාදී වශයෙන් ගැටළු රැසක් මතුවේ .  මෙහිදී මේ අතිවී තිබෙන බොහොමයක් ප්‍රශ්න වලට  විසදුම  share house  තුලින් ලබාගත හැකිය .

දැනට ටෝකියෝව අසල  ඇති share house තුල විදීශිකයින් 2000ක් පමණ සිටියි.  මෙය  විදේශිකයින්ට ඉතාම පහසු මිලට නවාතැන් පහසුකම් ලබාගතහැකි ස්ථානයකි . මෙම share house  තුලින්  ඔවුන්ට විවිධ දැනුවත්වීම් කරනු ලබයි .  එහිදී   ජපන් භාෂාව එතරම් නොදන්නවා වුවද  ඉංග්‍රීසි බසින්ද  , සරල ලෙස පැහැදිලි කිරීම් කටයුතු සිදු කරන නිසා  share house තුල සිටින විදීශිකයින්ට එය මහත් සැනසිල්ලක් මෙන්ම පහසුවක්ද වේ . එහිදී  ජපානයේ කසල බැහැර කලයුතු ආකාරය , ජපානය  තුල ජීවත් විය යුතු ආකාරය , නීති රිති  වැනි දේ පිලිබදව අවශ්‍ය  දැනුවත්වීම්  සරල ලෙස සිදු කිරීම නිසා මෙය ඉතාමත් පහසුවකි .

 

 

 

        

 

 

share house   තුල ඇපකරුවෙක් නොමැති වීම හා සැලසෙන වාසිසහගත තත්වයන්  ….

ඇප කරුවෙක් සිටින විට , එය අප හට මහත් වූ  කරදරකාරී  හැගීමක් ලෙස දැනෙන්නට ඇත . එසේ හෙයින් මෙම  share house ක්‍රමවේදය තුල ඇප කරුවෙක් නොසිටීම නිසා එය  තමන්ගේ කටයුතු වලට පහසුවක් සේම සිතට සැනසිල්ලකි . එසේම  පහසු මිලට  මෙහි නැවතීමටත් අනිකුත් කටයුතු සදහාද  මෙය පහසුවක්  වනු ඇත .

තවද , මෙය share house  නිසාවෙන්  එහි නවාතැන් ගාස්තු ගෙවනු ලබන්නේ  share house තුල සිටිනා  විවිධ රටවල විදේශිකයින් සියලු දෙනාගේ එකතුවෙනි . එනිසාවෙන් පහසු මිලකට නවාතැන් පහසුකම් ලබාගැනීමට හැකිය .    මෙහි ගාස්තුවට   අමතර අනෙකුත් ගාස්තු වියදම් නොවන නිසා  මෙය විදේශිකයකුට නැවතීමට සුදුසුම ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය .

 

 

 

 

 

 

share house හි පවත්වනු ලබන විවිධ ඉසව්

share house  තුල මසකට එක් වතාවක්  විවිධ උත්සව වැනි දේ පවත්වනු ලබයි . එම උත්සව පවත්වනු ලබන්නේ  ජපන් සංස්කෘතිය පිළිබද   විදේශිකයන්ට යම් අවබෝධයක් ලබාදීම සඳහාය.  මෙහිදී , ජපන් තේ පැන් උත්සවය , බාබික්යූ , සුෂී වැනි දේ සැදීම සඳහා විවිද ඉසව් සංවිධානය  කරනු ලබයී . මේ තුලින් විදීශිකයින්ට එම සංස්කෘතියේ ඇති විවිධ දේ හදුනාගැනීමටද හැකි සේම විනෝදවීමට ද අවස්ථාව ලැබේ.

 

 

 

දැනට ලංකාවේ සිටින , විදේශ අධ්‍යාපනය සඳහා ජපානයට යාමට සිටින  ඔබට මෙම share house තුල නවාතැන් පහසුකම් ගන්නට සිතා සිටින්නේ නම්  ඒ පිලිබදව  දන්වන්න …. එසේම දැනටමත් ජපානය තුල සිටින කෙනෙක් නම් , ඔබටද  share house  තුලට පැමිණීමට අවශ්‍ය නම් ඒ පිළිබදවද  දන්වන්වන්න…..

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views