සෙට්සුබන් හැදින්වීම හා එහි ඉතිහාසය
1300 දශකයේ පටන් ජපානයේ සෙට්සුබන සමරනු ලැබ ඇත. 8 වන ශතවර්ෂයේ දී චීනයේ ටුයිනා විසින් ජපානයට Setsuban හඳුන්වා දෙන ලදි.සෙට්සුබන්(setsuban) උත්සවය වසන්ත සාමය ආරම්භයේදී පැවැත්වේ. සෑම වසරකම වසන්ත උත්සවය පවතින දිනයේදී සෙට්සුබන් උත්සවයද පැවැත්වේ. එය පෙබරවාරි 3 වන දින බොහෝ විට පැවැත්වේ.
සෙට්සුබන් ලෙස හදුන්වන්නේ නව ආරම්භයකි. නරක ආත්මයන්ගෙන් වන බලපෑම් එනම් ලෙඩ දුක් කරදර නැති වී නව වසර ආරම්භ කිරීම මෙහි අරමුණ වේ. පවුලේ කැමැත්තෙන් ඉදිරිපත් වන සාමාජිකයෙක් මගින් වෙස් මුහුණු පැළදගෙන නිවස දෙසට ඇතුළු වේ. එවිට අනෙක් සාමාජිකයන් පිලිස්සු සොයා බෝංචි විසි කරයි.එයින් නරක ආත්ම නිවසින් පලව හැරීම සංකේතවත් කරයි.
ජපානයේ සමහර ප්‍රදේශවල මෙය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වයි.

.
සොයා බෝංචි ආහාරයටද ගනී. එමෙන්ම රුපවාහිනිය හරහාද ප්‍රචලිත කරයි.අතීතයේ සම්ප්‍රදායික චාරිත්‍රයක් වූ මෙය වර්තමානයේ වනිජාකරණට පත්ව ඇත. වර්ණවත් වෙස්මුහුණු මෙන්ම අලංකාරවත් ලෙස ඇසුරුම් කර ඇති සොයා බෝංචිද දක්නට ලැබේ.
සෙට්සුබන් යනු කුමක්ද?
ජපනයේ බෝංචි විසිකිරීමේ උත්සවය(සෙට්සුබන්) රට පුරා බොහෝ වෙනස්කම් වලින් සමරනු ලැබුවද, උත්සවය නිල වශයෙන් ජාතික නිවාඩු දිනයක් ලෙස පිළිගනු නොලැබේ. තවමත්, ගෝල්ඩන් සතිය සහ අධිරාජයාගේ උපන් දිනය මෙන්ම ජපානයේ වැදගත් උත්සවයක් ලෙස නොසැලකේ. ජනතාවගේ බෞද්ධ විහාරස්ථානවල හා ෂින්ටෝ සිද්ධස්ථානයන්හි රැස් කරගත් සෝයා බෝංචි ලබාදීම හා විසිකිරීමට අවස්ථාව සැලසෙයි.
සෙට්සුබන් උත්සවය ප්‍රසිද්ධියේ ආචාරශීලීව සමරනු ලබයි. එහෙත් තනි තනිව පවුල සමග නිවෙස්වල සම්ප්‍රදනුකුලව සමරනු ලබයි.අවම වශයෙන් එක් පවුලක් සාමාජිකයෙකු නරක ආත්මය ලෙසට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වේ. නරක ආත්මය පලවා හැරීම සදහා පවුලේ අනෙක් සාමාජිකයන් “oniwa soto” (නරක ආත්ම එලියට) ලෙසද “fuku wa uchi” (සතුට පැමිණෙන) ලෙසද තරමක් ඉහල ස්වරයෙන් පවසයි. යෞවනයන් බොහෝවිට යක්ෂයාගේ මුහුණු හෝ අං පැළඳීම මගින් විනෝදාස්වාදයක් ලබයි.
රටකජු සමහරවිට ඉසිනු ලැබුවත්, සම්ප්‍රදායිකව සෝයා බෝංචි භාවිතා කරයි. චාරිත්‍රයන්හි එක් කොටසක් ලෙස, එක් වසරක් සඳහා එක් බෝංචියක් ආහාරයට ගැනීමෙන්, සුවදායී නව වසර සංකේත කිරීම සිදු කරයි.
වර්තමානයේ රුපවාහිනි වැඩසටහනක් ලෙසද දක්නට ලැබෙන අතර කුඩා තෑගි(ටොෆී, කුඩා සල්ලි) විසි කිරීමද සිදු කරයි.වර්තනමාන ජපන් වැසියාගේ කාර්යබහුලත්වයත් සමග ඇතැම් අය සෙට්සුබන් උත්සවය සැමරීම සිදු නොකරයි.
සෙට්සුබන් සාම්ප්‍රදාය
සමහර පවුල්වල බෝංචි විසි කිරීම පමණක් නොව නරක ආත්ම අධෛර්යමත් කිරීම සඳහා දොරවල් වලය ඉහලින් සාර්ඩීන් හිස් සහ හොලි කොළ එල්ල තිබේ.
Eho-maki sushi රෝල්ස් (සාමාන්‍ය සුෂී ලෙස මෙය කපා නොතිබේ) සම්ප්‍රදායිකව සෙට්සුබන් දියේදී ආහාරයට ගැනීමෙන් වාසනාව ගෙන එන අතර උණුසුම් ඉඟුරු පානය සෞඛ්‍ය සම්පන්න බව ඇති කරයි. දැඩිලෙස සම්ප්‍රදනුකුලව නිරීක්ෂණය කළහොත්, අලුත් අවුරුද්ද තුළ වාසනාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන දිශාවට මුහුණ දෙමින් පවුලේ සියලු දෙන එක්ව නිශ්ශබ්දව ආහාරයට ගනී. දිශාව තීරණය කරනු ලබන්නේ වසරේ රාශි සංකේතය අනුව ය. පැරණි සම්ප්‍රදායට අනුවනම් නිරාආහාරව සිටීමද සිදු කරයි.