Culture

දෙවරක් සිතන්නට යමක්…!!!

  • このエントリーをはてなブックマークに追加

ශ්‍රී ලංකාව” – ශ්‍රී ලංකාව යනු සැබවින්ම සුන්දර රටකි.ලොව කිසිදු රටක නොදකින සුන්දරත්වයක් මා ශ්‍රී ලංකාව තුළින් දකිමි.භුමිකම්පා,ගිනිකදු,කාන්තාරවලින් තොර මෙවන් සුන්දර රටක ඉපදීමම කෙතරම් නම් වාසනාවක්ද!

නමුත් මෙම සුන්දරත්වය මේ වන විටත් නැති වෙමින් පවතින්නේ විසදිය නොහැකිව පවතින කසළ ගැටළුව හේතුකොටගෙනය.මෑත කාලීනව කසළ කන්දකට යටවී මිනිසුන් විශාල සංඛ්‍යාවක් මියයාම එයට හොදම නිදසුනකි.එම මතකය පවා ඇතිකරනුයේ ශෝකය මුසුවූ ඉමහත් ලැජ්ජාවකි.

ලංකාවේ බහුතරය ප්ලාස්ටික් බෝතල්,ටින්,පොලිතින් වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය නිතරම පාවිච්චි කරන අතරම ඒවා භාවිතයට සාපේක්ෂව පරිසරයට මුදාහරින ප්‍රතිශතයද වැඩිය.අප කිසිවෙකු කිසි විටෙකත් කඩදාසි කොලයක් හෝ බිම දැමීමට දෙවරක් සිතා නොබැලීම නිසාම  මෙලෙස ටිකෙන් ටික එකතු වන රොඩු කුණු අවසානයේ ඉතිරි කරනුයේ දරාගත නොහැකි දුර්ගන්ධයක් සහිත කසළ කදුයි.

රටම ගඳගස්වන අපේම කුණු

අද වන විට විසදාගත නොහැකි ගැටළුවක් බවට “කුණු ප්‍රශ්නය” පත්ව ඇත.මෙම කසළ ඕපපාතිකව ඇතිවුවක් නොවන බව අපි සැවොම දනිමු.නොසැලකිලිමත්කම නිසාවෙන්ම කසළ විසි කරනුයේත් කසළ කදු නිර්මාණය කරනුයේත් මිනිසුන් වන අපිමය.

වාර්තාවන්ට අනුව කොලඹ නගරයේ පමණක් දිනකට ගොඩගැසෙන කසළ ප්‍රමාණය ටොන් 1200 ක් පමණ වේ.නමුත් එසේ ගොඩගැසෙන කසළ ප්‍රතිචක්‍රීකරණයට හෝ නිසි කසළ කළමනාකරණයක් සිදු කරන්නේද යන්න ගැටළු සහගතය.ඒ ආකාරයෙන් නිසි කසළ කළමනාකරණයක් නොමැති වීම නිසාවෙන් ඉන් පිඩාවට පත්වන්නේ මිනිසුන් පමණක්ම නොවන වගද සිහිතබා ගත යුතු වේ.

මේ වන විට විවිධ විසදුම් ඉදිරිපත් කරමින් කසළ නිසි අයුරින් බැහැර කිරීමට නොයෙක් විසදුම් ඉදිරිපත් කලද ඒවා ඒ අයුරින්ම සිදු නොවීම කණගාටුවට කරුණකි.

ජපානයේ කසළ කළමනාකරණය

ජපානය” – ජපානයේ කසළ ගොඩගැසුණු මං මාවත් කිසි විටෙකත් දැකිය නොහැකිය.ජපන් ජාතිකයින් යනු එතරන්ම කසළ කළමනාකරණය පිලිබදව සැලකිලිමත් වන ජාතියක් ලෙස හැදින්විය හැකිය.ඔවුන් නිරන්තරයෙන් කසළ බැහැරකිරිමේදී නිසි අයුරින් කසළ වර්ගීකරණය කිරීමට වගබලාගනී.එනම්,නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය නිසි අයුරින් වෙන් වෙන් වශයෙන් ඉවතලීම සිදුකරන අතර සතියක් ඇතුලත අදාල දින වලට අනුව කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරේ.එහිදී පිළිස්සෙන අපද්‍රව්‍ය,පිලිස්සිය නොහැකි අපද්‍රව්‍ය,ටින්,ප්ලාස්ටික්,බෝතල් යනාදී වශයෙන් වෙන් වෙන් වශයෙන් වර්ගීකරණය කර ඉවතලීම සිදුකරනු ලබයි.එලෙසම සෙනග ගැවසෙන පොදු ස්ථාන වල කසළ වෙන වෙනම බහාලිය හැකි භාජන තබා තිබීමද සුලභ දසුනකි.

e

 

කුඩා කල පටන් ලැබෙන ආභාෂය

මෙය මේ අයුරින් සිදු කිරීමට බෙහෙවින්ම හේතු වී ඇත්තේ ඔවුන්ට කුඩා කාලයේ පටන්ම ඔවුන් ඊට හැඩගැස්වීමයි.එනම් ඉගෙනීම් කටයුතු වලට අමතරව පාසල්වල පිරිසිදුකිරීම්වල සිට නිසි කසළ කළමනාකරණය යනාදී සැම කටයුත්තක්ම තනි තනිවම සිදුකිරීමට ඔවුන් කුඩා කල සිටම හුරුවේ.මේ නිසාම ඔවුන් කුණු කසළ නිසි අයුරින් බැහැර කිරීමට නිරායාසයෙන්ම පෙළබිම සිදුවේ.මෙය නිරායාසයෙන් සිදු කිරීමට නම් යම් අයුරකින් ආකල්පමය වෙනසක් ඇතිකරගත යුතුමය.

5S සංකල්පය

අප කවුරුත් දන්නා පරිදි 5S සංකල්පය හදුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ජපන් ජාතිකයන්ටය.මෙය ඵලදායිතාවය ඉහළ නැංවීම සදහා උපක්‍රමයක් ලෙස ප්‍රචලිත වුයේ ජපානය එය ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමත් සමගය.මෙම 5S සංකල්පය ජපානයේ රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන,පාසල් වල පමණක් නොව නිවෙස් වල පවා ක්‍රියාත්මක වන්නකි.මෙය ජපන් වචන පහකින් සැදුම් ලද්දකි.එනම්,

  1. SEIRI ( සංවිධිතබව)
  2. SEITON (සුපිළිවෙල)
  3. SEISO (සුපිරිසිදුකම)
  4. SEIKETSU (සම්මිතිය)
  5. SHITSUKE (ශික්ෂණය)

SEIRI ( සංවිධිතබව)

“අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් හදුනා ගැනීම හා අනවශ්‍ය දෑ බැහැර කිරීම මෙනමින් හැදින්වේ”

අප භාවිත කරන භාණ්ඩ අතුරින් අවශ්‍ය හා අනවශ්‍ය භාණ්ඩ වර්ගීකරණය සිදුකළ හැක.එනම්,

a). අනවශ්‍ය,වටිනාකමක් නැති පහසුවෙන් වෙන්කරගත හැකි භාණ්ඩ

පැරණි ලිපි ද්‍රව්‍ය,දිරාපත් වූ යකඩ,ලී,රෙදි යනාදිය මේ යටතේ ගත හැකිය.මෙවැනි ද්‍රව්‍ය ගිනි තැබීම වළලා දැමීම සිදුකළ හැකිය.

b). අනවශ්‍ය නමුත් වටිනාකමක් ඇති ද්‍රව්‍ය

පත්තර,ටින් කැබලි ,යකඩ යනාදිය මේ ගණයට ගත හැක.එවන් ද්‍රව්‍ය මිලකට විකුණා දැමීම මගින් ඉඩකඩ ඇහිරීමද වලක්වා ගත හැකිය.

c). වටිනාකමක් නැති නමුත් ඉවත් කිරීමට අපහසු ද්‍රව්‍ය

පරම්පරාවෙන් ලැබුණු ගෘහ භාණ්ඩ,කාර්යාලීය,පැරණි ලිපිගොනු,ගෙවීම් පත් යනාදිය ඉවත්කිරීමට අවශ්‍ය නමුත් ඉවත් කිරීමට නොහැකි අවස්ථා සුලභය.එවන් දෑ වෙනම ගබඩා කාමරයක අහුරා තැබීම ඕනෑම ස්ථානයක් පිරිසිදුව පිළිවෙලට තබාගැනීමට හේතු වනු ඇත.

d). නිරන්තරයෙන් භාවිත කරන ද්‍රව්‍ය

මෙවන් ද්‍රව්‍ය හදුනාගෙන ඒවා නිරන්තරයෙන් පාවිච්චි කිරීමට හැකි පරිදි පහසු ස්ථානයක තබා තිබීම කාර්යන් පහසු කිරීමට සමත් වනු ඇත.

e). නිතර භාවිත නොකරන ද්‍රව්‍ය

නිරන්තරයෙන් භාවිත නොකරන ද්‍රව්‍ය තරමක් දුරින් ගබඩා කොට තැබීම ඉඩකඩ ඇහිරීම වලක්වා ගැනීමට ගත හැකි පියවරකි.

SEITON (සුපිළිවෙල)

අවශ්‍ය දෑ පහසුවෙන් පරිහරණය කළහැකි පරිදි පිළිවෙලට සැකසීම මෙයින් අදහස් වේ.මෙහිදී සිදුවන්නේ SEIRI හි හදුනා ගත්දෑ පිළිවෙලකට සකස් කිරීමයි.මෙමගින් කාලය ඉතිරි කර ගැනීමට මෙන්ම සම්පත් නාස්තියද වලකා ගත හැක.

a). කලින් තැබූ ද්‍රව්‍ය කලින් ගැනීමට හැකි වන සේ ඇසිරීම.

b). සෑම දෙයක් සදහම නිශ්චිත ස්ථානයක් වෙනකොට තැබීම.

c). ගබඩා කල පසු පහසුවෙන් හදුනාගත හැකි වන පරිදි ලේබල් කිරීම.

d). අවශ්‍ය දෑ පහසුවෙන් ගත හැකි වන පරිදි ගබඩා කිරීම.

SEISO (සුපිරිසිදුකම)

දූවිලි බිදක් හෝ නොමැති වන ලෙස පිරිසිදු කිරීම මෙනමින් හැදින්වේ.සෑම විටම දිනකට පිරිසිදු කිරීම සදහා නිශ්චිත වෙලාවක් වෙන්කර ගැනීම සිදු කල යුතුවේ.එලෙසම අදාළ ස්ථානයේ පිරිසිදුකම වරින් වර පරික්ෂා කර බැලීම සිදු කල යුතුවේ.හැකි සෑම විටම සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පිරිසිදු කිරීම් කටයුතු වල නිරත වීම වඩාත් සාර්ථක ප්‍රථිපල ලබා දෙනු ඇත.

SEIKETSU (සම්මිතිය)

SEIRI ( සංවිධිතබව),SEITON (සුපිළිවෙල),SEISO (සුපිරිසිදුකම) අඛණ්ඩව වැඩි දියුණු කිරීම මෙනමින් හදුන්වයි.කිසියම් ස්ථානයක් පිළිවෙලට පිරිසිදුව තබා ගැනීමෙන් අනතුරුව වුවද එය අඛන්ඩව වැඩි දියුණු කල හැකිවේ.එනම් ස්ථානයක් ගත හොත් මල් පැළ තැබීම ,ප්‍රවේශ මාර්ග සටහන් කිරීම වැනි දේ මගින් වඩාත් ප්‍රසන්න බවක් ලබා දිය හැකිය.එලෙසම මෙම පියවරේදී 5S සංකල්පය ක්‍රියාත්මක කරන්නන් කිසියම් ආකාරයකින් ප්‍රශංසාවට ලක්කිරීම,දිරිගැන්වීම සිදු කරනු ලබයි.

SHITSUKE (ශික්ෂණය)

මෙහිදී සිදුවන්නේ 5S සංකල්පය ක්‍රියාත්මක කිරීමත් එය පුරුදු පුහුණු කිරීමත්ය.මෙහිදී වඩාත්ම වැදගත්කොට සලකනු ලබන්නේ තමන්ගේ අවට පිසිසිදුව පිළිවෙලට තබා ගැනීමයි.

මේ අයුරින් තනි තනි වශයෙන් ඇතිකරගන්නා ශික්ෂණය පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම වඩාත් පිරිසිදු වටපිටාවක් ගොඩ නැගීම සදහා මුලික අඩිතාලම වනු නොඅනුමානය.ලාංකිකයින් ලෙස අපටද අවශ්‍ය වන්නේ කුඩා කල සිට ආකල්පමය වර්ධනය හා ශික්ෂණයයි.එසේ වූ කල නිසි දේ නිසි අයුරින් පිරිසිදුව තබාගැනීමට උත්සහ දරනු ඇත.එසේ වූ කළ අද වන විට  විසදිය නොහැකි බොහෝ ගැටළු විසදීමේ මාර්ගය උදාකරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views