Culture

ජපන් ඇසින් දුටු ලංකාව….

  • このエントリーをはてなブックマークに追加

ලාංකිකයන්ගේ සැබෑ තතු….

මා බොහෝ විට ගමන්බිමන් යන්නේ බසයෙනි.ඒ සෑම අවස්ථාවකදීම මාගේ අවදානයට ලක්වුවකි පාසල් යන සෑම ගැහැණු ළමයෙකුම කොන්ඩය කොටස් තුනකින්,දෙකකට ගොතා සිටීම.කෙසේ වුවත් එය හුදෙක් පාසල් නීතියක් ලෙස පෙනුනත් රජයෙ පාසල්වල සාමාන්‍ය රීතිය එය බව පසුව මට දැනගන්නට ලැබිණි.

 

දැනටමත් ලංකාවේ ජිවිතයට හුරුවී මාස හයක් ගතවුනත් තවමත් පුද්ගලයින් පිළිබද හරියාකාර අවබෝධයක් මා හට නැත.ඒ නිසාම මම ඔවුන් ගැන මතුපිටින් දකින දේ පමණක් මෙහි සටහන් කීරීමට අදහස් කරමි.

එසේම මෙය මා ලැබූ අත්දැකීම් මත පදනම්ව ලියන ලද්දක් නිසාම බොරුවක් නොවන බව තහවුරු කරමි.

අන්තර්ගතය

  1. කාන්තාවන්ට දක්වන ආශාව
  2. දිගු පා
  3. විවිධ විලාසිතා
  4. පිරිසිදුකමට මුල් තැන
  5. අසීමිත ලෙස කුඩා දරුවන්ට දක්වන ආදරය
  6. ඕනෑම දෙයකට සරිලන නිදහසට කරුණු
  7. කරුණු දෙකකට වඩා එකවර මතක තබාගැනීමේ නොහැකියාව
  8. තරුණ තරුණියන් මිත්‍රශීලී වුවත් අවරුදු 40 ට වැඩි බහුතරයක් පිරිමි නරක පුද්ගලයන්
  9. සාරාංශය

    කාන්තාවන්ට දක්වන ආශාව

    මෙය ජපන් ජාතිකයෙකු ලෙස නොකියයුතු දෙයක් වුවත් ලංකාවේ පිරිමි පුද්ගලයින් වඩාත් ආස කරන දෙයකි!මෙය මා දිනක් හෝටලයක උදෑසන ආහාරය ගනිමින් සිටින අතරතුර අත්දැකපු දෙයකි.මා අසල මේසයෙහි රූමත් යුරෝපීය තරුණියන් දෙදෙනෙක් වූ අතර එම තරුණියන් දෙදෙනාට හෝටල් සේවකයෙකු දිගින් දිගටම කරදරකාරී ලෙස හැසිරෙනු මා දුටුවේය.ඔහු ඉංග්‍රීසි බසින් අසමින් සිටියේ ‘ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද? ’, ‘ලංකාවේ පාරවල් මගපෙන්වන්නද?’ වැනි දේවල්ය.

    තවත් දිනක් මා ත්‍රීවිලයක යමින් සිටින විට ලැබූ අද්දැකිමකි මේ.පිටුපසින් බැලුබැල්මට සුන්දර තරුණියක් ඇවිද යනු දුටු මා‘ලංකාවේ තරුණියන්ගේ විලාසිතා හරිම ලස්සනයි’යැයි සිතමින් සිටින විට, රියදුරා එම තරුණියගේ මුහුණ බැලීමට උවමනාවෙන් ඇය පහුකරගෙන ගොස් ඔහුගේ ඇගම පිටතට දමා ආපහු හැරී බැලීය.මෙය මෙම රියදුරු පමණක් නොව, බහුතරයක් රියදුරන් මෙවැනි යැයි හිතනවිටත් සිනායනවා.මේ නිසාම මම දැන් ලස්සන තරුණියක් පහුවන විටම ක්ෂණිකවම බලන්නේ රියදුරාගේ මුහුණ!

    දිගු පා !

    ලංකාවේ මිනිසුන්ට ඇත්තේ දිග කකුල්!!කෙට්ටුයි නම් විලාසිතා ගොඩක් ලස්සනයි.නමුත් බහුතරයක් උදරය ඉදිරියට නෙරපු පුද්ගලයන්.දිනක් මා හදුනන පුද්ගලයෙකුගෙන් එලෙස උදරය ඉදිරියට නෙරා ඇති හේතුව විමසා බැලුවත් ඔහුගෙන් නිසි පිළිතුරක් නොලැබුණි.නමුත් නිසැකවම එයට නිශ්චිත හේතුවක් තිබිය යුතුය යන්න මගේ අදහසයි.මා සිතන ආකාරයට නම් බොහෝ විට ලංකාවේ බහුතරයක් පුද්ගලයින් සීනි, පිටි තියෙන ආහාර නිතරම ආහාරයටගන්නා නිසාවෙන් විය හැකියි.

    විවිධ විලාසිතා !

    මා තායිවානයේ අවරුදු 5 ක් සිටි නමුත්,පිරිමි පුද්ගලයන් ගැන කියනවනම් ලංකාවේ තරුණයන් ගොඩක් කඩවසම් වගේම විලාසිතා වලට කැමැති අයයි.මා එසේ කියන්න හේතුව, ලංකාවේ තරුණයින් ඇදුම් පිළිවෙලට අදිනවා වගේම කකුල් දිග නිසා ලස්සනට පෙනෙන බැවිනි.

    තරුණියන්ද ඒ විදියටම සිත් ඇදගන්නා සුළු පාට වලින් විලාසිතාවන් කරති.විලාසිතාවන් හොද නිසාම අදින ඕනෑම ඇදුමක් හොදින් ගැලපේ යන්න මගේ අදහසයි.

    ලංකාවේ සාප්පු ගත්තත් සිත් ඇදගන්නා සුළුයි වගේම පිටතට පෙනෙන ලෙස භාණ්ඩ තබා ඇති ආකාරයත් සිත් ඇදගන්නා සුළුය.

    පිරිසිදුකමට මුල් තැන

    මෙය මගේ නිවසේ අයිතිකරු පමණක් හිතන දෙයක් විය හැකි වුවත් එය ඇත්තෙන්ම ලස්සන කැමතියි කියන දේද,එහෙමත් නැතිනම් නිතරම පිරිසිදුකම ගැන සිතීමද?ලංකාවේ වෙනත් නිවෙස් වලට ගිය අවස්ථා ඇති නමුත් මාහට දැනුණු දෙයක් නම් සාමාන්‍යයෙන් කොයි නිවසත් පිරිසිදුයි වගේම බඩු බාහිරාදිය ගොඩක් අඩුබව.

    අසීමිත ලෙස කුඩා දරුවන්ට දක්වන ආදරය

    ලංකාවේ මිනිසුන් ළමයින්ට අසීමිත ලෙස ආදරය කරයි.එක්වරක් මගේ යහළුවෙකු ඇයගේ කුඩා දරුවා සමග ලංකාවට පැමිණි අවස්ථාවක මගපෙන්වීම් සිදුකලෙමි.ජපන් බබා දුටු ලංකාවෙ අය ගොඩක් ආස වුනත් එයට බය වූ දරුවා එක්වරම හඩන්නට පටන් ගත්තේය.ආසියාතික අයට වඩා ගොඩක් වෙනස් ස්වරුපයක් ගන්න නිසාවෙන් කුඩා ළමුන් ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා විය හැකියි.කනගාටුදායක අවස්ථාවක්!!:-D

    ඕනෑම දෙයකට සරිලන නිදහසට කරුණු

    ප්‍රමාද වීම සාමාන්‍යයි.එලෙසම නියමිත වේලාවට වැඩකිරීම ජපන් ජාතිකයන් හා සමානව සිදුකළ නොහැකිවගද වැටහෙන කරුණකි.ඒ ජපානයේ මෙන්ම ලොව සෑම රටක්ම සමාන නොවන නිසාවෙනි.ප්‍රමාද කෙසේවෙතත්,නොපැමිණීම පිලිබදව එක්වරම හදිසියේ පැවසීම ඇත්තෙන්ම පුදුමසහගතය.ලාංකිකයන් පොරොන්දු ඒ අයුරින් ඉටුනොකරනවා නම් මාද එය පොරොන්දුවක් යැයි නොසිතීම වඩාත් සුදුසු යැයි සිතේ.

    එලෙසම නොපැමිණීමට හේතුව විමසීමද කාලය කා දැමීමකි.තමන් කොතරම් නරක දෙයක් සිදුකලත් ලංකාවේ පුද්ගලයින්ට ඊට නිදහසට කරුණක් තිබීම එයට හේතුවයි.

    කරුණු දෙකකට වඩා එකපාර මතක තබාගැනීමේ නොහැකියාව

    ආහාර ගැනීමට ගියද ඇනවුම් කරන ආහාර මොනවාදැයි සටහන් කර ගැනීමක් සිදු නොකරයි.වේටර්වරුන් ආහාර ඇනවුම් කරන විට එය කටවචනයෙන් පමණක් පැවසීමෙන් සෑහීමට පත්වන බව හගවයි.නමුත් ඇතැම් අවස්ථාවලදී ඇනවුම් කල දේවල් අතපසු කරන අවස්ථා බොහොමයි!එලෙසම ඔවුන්ට කොතරම් කතා කලද සැලකීමක් නොදක්වයි.බොහෝ වෙලාවක් ගතවූ පසු පැමිණෙන්නේ දෙතුන් වරක් කතා කල පසුවයි.පැමිණියත් ඇනවුම් කළ දෑ අමතක වන අවස්ථා බහුලය.

    තරුණ තරුණියන් මිත්‍රශීලී වුවත් අවරුදු 40 ට වැඩි බහුතරයක් පිරිමි නරක පුද්ගලයින්

    මෑතකදී සිතුනු දෙයක් වුනත්,ඕනෑම රටක පරම්පරාවන්හි විවිධ යුගවල පුද්ගලයන් නරකයි යන්න අදහසයි.ජපානයේ වුවත් වයස අවරුදු 21 පමණ අයට නොයෙක් දේ කිවත් එසේ කීමට පෙර එවන් යුගයක්,සමාජයක් බිහිකල කලින් සමාජයේ ගැටළු ඇති බවට  සිතන අතර,ඔවුන් යුද්දයෙන් පසු බොහෝ වෙහෙසමහන්සිවූ ජපන් ජාතිකයින් ගුණාංග උකහාගනිති.ලංකාවේ වුනත් අවිවාදයෙන්ම මේ යුගය වෙහෙසමහන්සියක් නොමැතිව ජීවත්වීමට පුරුදුව සිටිනු දැකිය හැකියි.ඒ ආකාරයේ සමාජයක් බිහිවී ඇත්තේ මේ යුගයේය.එලෙසම ඔවුනගේ හුරුපුරුදු වඩාත් නරක යැයි සිතේ.

    නමුත් තරුණ තරුණියන් නොකළ යුතු දේ උදාහරණයට ගෙන හොදින් හැසිරීම සතුටුදායකය.

    සාරාංශය

    තවමත් ලංකාවේ පුද්ගලයින්ගේ සැබෑ ස්වරුපය පිළිබද හරිහැටි අවබෝධයක් නැතත් මෙම ලිපිය මේ දක්වා මා ලද අද්දැකීම්වල කැටිවූවක් බව කිවයුතුය.සිංහල භාෂාව මතක තබා ගතහොත් මීට වඩා වැඩි අද්දැකීම් ප්‍රමාණයක් ලැබිය හැකි වග මගේ විශ්වාසයයි.විවිධාකාර මිනිසුන් පිළිබද හැදෑරීමට මා තුළ ඇති පෙලඹවීම ඊට රුකුලක් වනු නොඅනුමානය.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views