Japanese

How to learn Japanese easily – Lesson 16

  • このエントリーをはてなブックマークに追加

    පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි පහළොස්වන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . දහසයවන පාඩමේ ඇතුළත් වන්නේ මෙම පාඩම මගින් යම්කිසි දෙයකට අවසර දෙන  ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දහසයවන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
                                                         දහසයවන පාඩම
  1. ~ても いいです。

     ~ temo īdes(u).

මෙහිදී ක්‍රියා පදයේ て( te form) ස්වරූපය යොදා ගනියි. සිංහල භාෂාවේදී “කමක්නැහැ/ කිරීමට අවසර තිබේ”  යන තේරුමින් යෙදේ.

この じしょを つかって もいいですか。

Kono jisho wō tsukattemo iides(u)ka?

මෙම ශබ්දකෝෂය පාවිච්චිකළාට කමක්නැද්ද?

この えいがを みても かまいません。

Kono eiga wō mitemo kamaimasen.

මෙම චිත්‍රපටිය බැලුවට කමක්නැහැ/බැලීමට අවසර තිබේ.

 

 

  1. ~ては いけません。

     ~ te  wā ikemasen.

යම්කිසි දෙයක් කිරීම තහනම් බව ප්‍රකාශ කරන ආකාරය  විස්තර  කෙරේ. මෙහිදී ක්‍රියා පදයේ て (te form) ස්වරූපයට はいけません ( wā ikemasen) කොටස එක් කර තිබේ.

びょういんの なかで けいたいでんわ をつかっては いけません。

Byōin no naka de keitaidenwa wō tsukattewa wā ikemasen.

රෝහල තුළදී ජංගම දුරකතන භාවිත කිරීම තහනම්.

 

 

 

  1. ~て います。

      ~ te imas(u).

~て います (~  te imas(u) ) යන ව්‍යාකරණ රටාව යොදාගන්නා ප්‍රධාන අවස්ථා තුනක් පිළිබඳව ඉගෙන ගනිමු.

 

  • යම් ක්‍රියාවක් නොකඩවා එක දිගට සිදුකරන අවස්ථා වලදී

かのじょは ほんを よんでいます。

Kanojo wā hon wō yonde imas(u).

ඇය පොතක් කියවමින් සිටියි.

 

 

  • එදිනෙදා ජීවිතයේදී පුරුද්දක් ලෙස යම් ක්‍රියාවක් සිදුකරන අවස්ථා වලදී

カスンさんは まいあさ ジョギングを しています。

Kasun san  wā maiasa jogingu wō shite imas(u).

කසුන් සෑම උදයකම ව්‍යායාම කරමින් සිටියි.

 

 

 

  • යම් ක්‍රියාවක ප්‍රතිඵලයක් දැක්වීමේදී

かれは サングラスを かけています。

Kare wā sangarasu wō kakete imas(u).

ඔහු අව්කණ්ණාඩි පැළඳගෙන සිටියි

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views