Culture

ලාංකිකයින් තම දරුවන්ට ලබා දෙන්නාවූ අසීමාන්තික ආරක්ෂාව !

  • このエントリーをはてなブックマークに追加

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ සිටින ජපන් ජාතිකයෙකු ශ්‍රී ලාංකික දෙමාපියන් තම දරුවන්ට ලබා දෙන්නාවූ අසීමිත වූ රැකවරණය පිළිබඳව සිතන ආකාරය පිළිබඳව ලියන ලද්දකි .

ශ්‍රී ලාංකික දෙමාපියන් විසින් තම දරුවන් පෝෂණය කරනවා සේම තම දරුවන් සුරක්ෂිත කිරීමත් කරයි . මගේ මෙම ලිපිය කියවන සැමට අර්ථවත් වේ යි සිතා , මා හට සිතෙන දේ අවංකව මගේ ලිපිය තුලින් ඔබ හට ගෙනහැර දැක්වීමට අදහස් කරනවා . මෙවරද , මා ලංකාවෙදි පුදුමයට පත්වූ අවස්ථාවක් පිලිබදව සදහන් කරනු ලබනවා .

 

 

  ශ්‍රී ලාංකිකයින් තම දරුවන්ට දැඩි සේ රැකවරණයක් ලබා දෙන්නන් වේ ….

තායිවානයේ ද ; ශ්‍රී ලංකාවේ ලෙසින් සමානයි සිතුවද , ලාංකික දෙමාපියන් , ජපන් ජාතිකයින් හා සැසදීමේදී අවශ්‍ය පමණට වඩා දරුවන්ව ආරක්ෂා කිරීම , රැකවරණය ලබ දෙනවා යි සිතමි . කුමන රටක දෙමව්පියන් වුවද , තම දරුවන් වැදගත් යි කියන හැගීම සැම දෙනාටම එක හා සමානව තිබෙනවා යි සිතුවද ලාංකියින් එය අභිභවා ගොස් රැකවරණය අවශ්‍ය පමණට වඩා ලබා දෙන බවක් සිතු අවස්ථාද තිබේ .

 

 

                

 

 

 රැකියාවට යන විට මාපියන් සමග යාම….

මෙය ඇත්තටම මගේ පෞද්ගලික අත්දැකීමක් වුවත් , වර්තමානයේ ශ්‍රී ලාංකිකයින්ද අර්ධකාලීන රැකියා සිදු කරන අතර එම ළමුන් පළමු දින රැකියාවට පැමිණෙන්නේ තම පවුලේ කව්රුන් හෝ සමග වේ . බොහෝ විට මව සමග පැමිණේ . දොර අරින අවස්ථාවේදී මව සමග එකට පැමිණ සිටිනු දැකිය හැකිය . මෙය මහත් වූ පුදුමය කැටිවූ දසුනකි ! මීට අමතරව තාත්තා , අක්කා , වැනි පව්ලේ අය සමග එක‍ට පැමිණෙන අවස්ථාද ඇත .

සමහරවිටක , “ මා “ පිළිබදව සැක සහිත නිසාවෙන් එසේ විය හැකි නමුත් , එසේ පැමිණෙනවා නම් , කලින් පැවසීම හොදයි නේද ? මගේ කාර්යාලය නිවසේ තිබෙන නිසා එසේ දෙමව්පියන් කැටුව පැමිණෙනවා විය හැකිය .

 

 

               

 

 

 ආපසු යාම සාමාන්‍ය වේ ….

මෙය අනිකුත් විදේශ රටවල තත්වයත් මෙසේම විය හැකිය . ශ්‍රිලංකාවේ පාසල් වෙලාව උදේ 7 සිට 8 වෙනතුරු හා පාසල් අවසන් වන වෙලාව දවල් 1 සිට 2 දක්වා වේ . මෙම වේලාව තුල මහත් වූ තදබදයක් ඇති වනු දැකිය හැකිය .

ඇයිද කියල කිව්වොත් , මාපියන් වාහන වලින් තම දරුවන් රැගෙන යාමට පැමිණෙන නිසාය . තවද , පාසල ඉදිරිපිට හෝ රථ ගාල තුළ වාහන නවත්වා ඇත . තවද එම පාරවල් ජනයාගෙන් පිරී පවති .

පොලිසිය සිටියා වුවත් , ඇත්තටම ඇතිවී ඇති ගැටළු අවම කිරිමට අපහසු ඇයිද යන්න ප්‍රබල ප්‍රශ්නයකි .

තවද , ශ්‍රිලංකාව තුළ බලෙන් පැහැරගෙන යාම බොහෝසේ තිබෙන බව සිතෙන නිසා මාපියන් කනගාටුවෙන් කරදරෙන් සිටියි ! ජපානයේ ප්‍රාථමික පාසල් ශිෂ්‍යයින් තනිව දුම්රියට නැගීමත් , රාත්‍රී ප්‍රමාද වී පෞද්ගලික පන්තියට යාමත් පිලිබදව ශ්‍රී ලාංකිකයින්ට පැවසුවොත් එය විශ්වාස කල නොහැකි වීම පුදුමයක් නොවේද ?

 

 

 

දෙමව්පියන් විසින් දරුවන් පෝෂණය කිරීම….

මුලින්ම මේ පිලිබදව ඇසූවිට මේ අර්ථය මා හට නොවැටහුණි . ඇත්තටම දැන් වුවද මෙහි අර්ථය තේරුම් ගැනීම අපහසු වේ .

සරලව කියනවානම් , ලංකාවේ දෙමාපියන් හා දරුවන් අතර ඇති ආදරය ක්‍රියාවන් තුලින් ප්‍රකාශ වෙනවා මෙන් වුවත් , [ අම්මා ] යන වචනය පැවසීම පමණක්ද ? අපි සැවොම ජපන් ජාතිකයින්ද , කුඩා කාලයේ එසේ ඇසීමට බලා සිටිනවා වුවත් , එය ඇත්තටම කුඩා අවදියට පමණක් සීමා වේ .

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ සිට මාපිය දුදරු සම්බන්දය දැඩිව ඉදිරියටබ් ගෙනයයි . මගේ කාර්යාලයේ අර්ධකාලීන රැකියාව කරන ළමයාත් සතියකට එක්වතාවක්වත් දෙමව්පියන්ගෙන් පෝෂණය වේ .

ලංකාවේ ව්‍යංජන අතින් මිශ්‍ර කර ආහාරයට ගත්තද , [ තමුන් විසින් අනලා කනවාට වඩා මාපියන් අනලා කවන එකට අර්ථයක් තිබෙනවා ] යි ලාංකිකයින් පැවසීමට හේතුව නොදනී . එහි අර්ථය නොවටහෙයි .

 

 සාරාංශය….

විදේශ රටවල ජීවත් වන විවිධ පවුල් වල ආදරය ප්‍රකාශ කිරීම පිලිබදව අසා සිටියා වුවත් නිතරම සිතට නැගෙන දෙය තමයි ; ජපන් ජාතිකයින්ගේ මාපිය දුදරු සම්බන්දය දුරස් යන හැගීම .

දිනෙන් දින වැඩිහිටියන් බවට පත්වී , වසර ගණනාවක් ගත වුවද , තම උපන් නිවසට ගියේ නැතයි කියන පුද්ගලයන් බහුල වේ .රැකියාව ප්‍රධානත්වයෙන් සලකනවා යි කීම පිළිබඳව නැවත වරක් සිතා බැලීම හොඳ යි සිතමි .

ශ්‍රී ලාංකිකයින් දරුවන් දැඩිසේ රැකබලා ගැනීමට හේතුව , එම රටේ ආරක්ෂාව ස්ථිර නොවීම විය හැකිය . ජපානයේ පැහැර ගැනීම් වැනි දේ කොහෙත්ම අසන්නට ලැබී නැත . එසේ හෙයින් එවැනි දේ නැත කියා පැවසීමට එය සාක්ෂියකි .

 

 

  • このエントリーをはてなブックマークに追加

Views