කොලයක් ගනිමු ඔරිගමි හදමු.
අපි පුංචි කාලෙ වැස්ස වහින වෙලාවට කඩදාසි ඔරැ හදල වතුරෙ පා කරල ඇරපු හැටි ඔයාට මතකද? කඩදාසි ඔරැවක් හදනව කියන්නෙත් කලාවක්. එහෙමත් නැතිනම් කලාවකට අයිති දෙයක් කියල ඔයාල දැනගෙන හිටියද.. මොකක්ද මේ කලාව? ඒ ගැන දැනගන්න කැමතිද..
ඒ තමයි ඔරිගමි..
ජපානයෙ තියෙන විවිධ කලාවන් අතරින් “ඔරිගමි” කියන්නෙත් එක කලාවක්. ජපන් බසින් “ඔරි”(Orimasu) කියන්නෙ නවනවා කියන අදහසයි. “කමි” කියන්නෙ කඩදාසි කොලයට. උච්චාරණයේ පහසුව සඳහා කමි ⇒ ගමි ලෙසින් භාවිත කරනවා. ඒ කියන්නෙ “කොලයක් නවනවා” කියන අදහසයි. මෙලෙසින් ඔරිගමි නිර්මාණය සඳහා විවිධ ප්‍රමාණවල කඩදාසි භාවිත කලත්, 15 cm × 15 cm ප්‍රමාණයේ සමචතුරස්‍රාකාර කඩදාසි බහුලව යොදා ගන්නවා. කඩදාසියේ එක් පැත්තක් සුදු පැහැයෙන් යුක්තවන අතර අනෙක් පස තනි වර්ණයකින් හෝ වර්ණවත් මෝස්තර වලින් සමන්විතයි. මෙවැනි කඩදාසි සියයක් අඩංගු බන්ඩලයක් ජපානයේදී නම් ඉතා සුළු මුදලකට මිලදී ගත හැකියි. එසේ නැත්නම් වර්ණවත් කඩදාසි නිසි ප්‍රමාණයට සකසා ගැනීමෙන් උනත් නිර්මාණය කරගන්න පුළුවන්.
ඔරිගමි අතරින් වඩාත් ජනප්‍රිය නිර්මාණය ලෙසින් tsuru (Crane) හදුන්වන්න පුළුවන්. එය කොකෙකුගේ හැඩයට සමානයි. මෙලෙස suru (Crane) දහසක් සෑදිමෙන් තමාගේ ප්‍රාර්ථනා ඉටුවන බව ඔවුන් විශ්වාස කරනවා. විශේෂයෙන්ම කුඩා දරැවන්. මෙලෙස tsuru (Crane) දහසක් සෑදීම Senbazuru ලෙසින් හදුන්වනවා. ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් නිර්මාණය කළ දහස් ගණනක් වූ Senbazuru නිර්මාණ හිරෝෂිමාවේ Sasaki sadako ප්‍රතිමාව අසල හා හිරෝෂිමාවට න්‍යෂ්ටික බෝම්බය හෙලන ලද ස්ථානයේ ඉදිකර ඇති අනුස්මරණ ස්මාරක අසලදී දැකගන්න පුළුවන්.
එක පුංචි කොළයකින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේද..
තව මොනවද හදන්න පුළුවන්?
මේ ආකාරයට සමනලයින්, පූසන්, මාළුන් වගේම අලින්, සිංහයින්, වලසුන් වගේ සතුන් ඇතුළු විවිධ වර්ගවල සත්වයින්, ලස්සන ලස්සන මල් වර්ග, පුංචි දේවල් රදවන්න පුළුවන් පෙට්ටි ආදී නොයෙකුත් දේවල් නිර්මාණය කරන්න හැකියාව තියෙනවා
ඉතින්ල යාළුවො ටිකත් එකතු කරගෙන ඔරිගමි හදමුද.. ඔයත් උත්සාහ කරල බලන්න. පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ ගේම් එකක් ප්ලේ කරනවට වඩා ඔරිගමි එකක් හදල ඉවර වුනාම හිතට දැනෙන සතුට අත්විදල බලන්න…