Culture

ජපානයේ පැතිකඩක්…

  • このエントリーをはてなブックマークに追加

හොඳ පුරැදු………..

ශ්‍රී ලාංකිකයන් වගේම ජපන් ජාතිකයන් ද බොහොම ආචාරශීලි බව අප දන්නා කරැණක්. ආචාරශීලි  බව වගේම ජපන් ජාතිකයන් තුළ දක්නට  ලැබෙන යහපත් ගතිගුණ  ගැනත් ඔයාල දන්නවද………..

කෙනෙක්ව පළමුවරට මුණගැසුන විට, සමුගන්නා විට සුභපතන විට හා විශේෂිත අවස්ථා වලදි හිස නමා  ආචාර කිරීමට ඔවුන් පුරැදුව සිටියි.

මෙහෙමත් ඉවසීමක්………

දුම්රියට  ගොඩවීමට සිටින විට තමන්ගේ වාරය පැමිනෙන තුරැ පෝළිමට සිටගෙන සිටිමද,  සන්සුන් ලෙස විදුලි පඩිපෙළ භාවිතා කරන ආකාරය මගින්ද ජපන් ජාතිකයන් තුළ පවතින ඉවසීමේ හැකියාව මනාව දැකගත හකිය.

නිවරදි බඳුන තෝරා ගනිමු…..

වර්තමානයේ ඉවතලන අපද්‍රව්‍ය නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණයට ලෝකයේ බොහෝ රටවල් යොමු වී තිබේ.  ජපන් ජාතිකයින් මෙම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වඩාත් ක්‍රමවත් ලෙස සිදුකරනු ලබයි.

එහිදී මූලික වශයෙන් දිරන අපද්‍රව්‍ය හා නොදිරන අපද්‍රව්‍ය  ලෙස වෙන් කර නොදිරන අපද්‍රව්‍ය නැවත් වීදුරැ, ප්ලාස්ටික් ආදී ලෙස බෙදා ප්‍රතිචක්‍රීකරණයට  යොමු කරයි. ඔවුන් සෑමවිටම තමන් ඉවතලන දේ නියමිත කසල බදුනටම දැමිිමට උනන්දු වෙති. එනිසා ජපානයේ පාරවල් දෙපස හා අවට පරිසරය ඉතාමත් පිරිසිදුය.

මේ ජපන්  ජාතිනයන් තුළ දක්නට ලැබෙන යහපත් ගතිගුණ වලින් කිහිපයක් පමණි. සංවර්ධිත රටක්  ලෙස ඉදිරියට ඒමට ,මෙවැනි යහපත් ගුණාංග ඉවහල් වී ඇති බව නොහැ‍‍ඟේද………

 

  • このエントリーをはてなブックマークに追加

Views