Japanese

How to learn Japanese easily – Lesson 08

  • このエントリーをはてなブックマークに追加

                                      පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු…

  තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි හත්වන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . “දෙනවා, ලැබෙනවා” යන ක්‍රියාපද ජපන් භාෂාවේදී භාවිත වන ආකාරය පුද්ගලයා අනුව වෙනස් වේ.එම වෙනස සරලව අටවන පාඩමේ පළමු හා දෙවන කොටස් මගින් විස්තර කොට ඇත. ඒ වගේම තමයි තුන්වන කොටස මගින් නිපාත දෙකක් පිළිබඳවත් හදුන්වා දී තිබෙනවා.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් අටවෙනි පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

                                                    අටවන පාඩම

 

1.わたし(かぞくの ひと)/ さん / あなたは さん / あなた /(かぞくの ひと)に を あげます。

Watashi(kazoku no hito) /~ san/anata  wā ~ san /anata / (kazoku no hito) ni ~ wō agemas(u).

 

[ageru] කියන ක්‍රියාපදය ජපන් භාෂාවේදී භාවිතා කළහැකි  නියමයක් තිබේ.එනම්,

 

මම හෝ මගේ පවුලේ කෙනෙක් (අම්මා,තාත්තා ,මල්ලී,නංගී …….)

මගේ පවුලේ කෙනෙක්ට ,  ප්‍රථම පුරුෂ හෝ මධ්‍යම පුරුෂ භේදයට අයත්  පුද්ගලයෙකුට යමක් දෙනවා නම්

                                        හෝ

ප්‍රථම පුරුෂ හෝ මධ්‍යම පුරුෂ භේදයට අයත්  පුද්ගලයෙක්

 

 

ප්‍රථම පුරුෂ භේදයට අයත් පුද්ගලයෙකුට යමක් දෙනවා නම්

මේ [ageru ]ක්‍රියාපදය භාවිත කළ හැක.

 

  1. ~さん / あなた /(かぞくの ひと)は わたしに をくれます。

    ~ san/anata/(kazoku no hito) wā watashi ni ~ wō kuremas(u).

 

මට කවුරුන් හෝ යමක් දෙනවා නම් [kureru] ක්‍රියාපදය භාවිත කළ හැක.එනම්,

 

මගේ පවුලේ කෙනෙක් (අම්මා,තාත්තා ,මල්ලී,නංගී …….) ,ප්‍රථම පුරුෂ හෝ මධ්‍යම පුරුෂ භේදයට අයත්  පුද්ගලයෙක්

 

 

මට යමක් දෙනවා නම්

එහිදී යෙදෙන ක්‍රියාපදය [kureru]වේ .

  1. わたし / さんは さんに / から を もらいました。

    Watashi/~ san wā  ~ san ni/kara ~ wō moraimash(i)ta.

ඕනෑම පුද්ගලයෙකුට  ඕනෑම පුද්ගලකුගෙන් දෙයක් ලැබෙනවා නම්,එහිදී මේ ක්‍රියාපදය භාවිත කරයි.

         4.~て あげる /~て  くれる / ~て  もらう

             ~ te ageru /~ te kureru / ~ te morau

 

යමක් දෙන හෝ ලබන බව ප්‍රකාශ කරන ආකාරය මෙම පාඩමේ විස්තර කෙරේ. එහිදි ක්‍රියාපදයේて(te form) ස්වරූපයට くれる / もらう / あげるයනපද එකතු කරනු ලබයි .

 

  • ~て くれる
  • ~て もらう
  • ~て あげる

 

1.  (de) නිපාතය

මෙම නිපාතය  යෙදෙන අවස්ථා පිළිබඳව විමසා බලමු.

1.මේ වාක්‍යයේදී “de”නිපාතය භාවිත වෙන්නේ “යමක් භාවිතයෙන් යම් ක්‍රියාවක් කරනවා”කියන අර්ථය ගෙනදීමටයි.සරලව දැක්වුවහොත් “පින්සලෙන් අඳිනවා,”හැන්දෙන් කනවා”කියන අර්ථයයි.

2.ගමනාගමනයේදී උපකාරීවන දේවල් ගැන කීමේදී

3.යම්කිසි ක්‍රියාවක් සිදුකරනු ලබන ස්ථානය කීමේදී

4.යම්කිසි ක්‍රියාවක් කිසියම් කාලසීමාවක් තුලදී සිදුකරන බව පැවසීමේදී

5.වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කිරීමේදී de නිපාතය භාවිත කල හැක. නමුත් මෙහිදී පළමු වාක්‍ය です[des(u)] වලින් අවසන් වනවා නම් පමණක් de නිපාතය භාවිත කලහැක.

6.යම්කිසි දෙයක් සාදන අමුද්‍රව්‍ය ප්‍රකාශ කිරීමේදී de නිපාතය භාවිත කල හැකිය. එසේ වුවද de නිපාතය භාවිත කල හැක්කේ සාදනු ලබන දෙය හා අමුද්‍රව්‍ය අතර එතරම් වෙනසක් නොමැති විටකදී පමණි.

 

  1. もう (Mō)                                                                                                                                                                                                                     සිංහල භාෂාවේදී Mō යන නිපාතයේ අර්ථය  “දැනටමත්” යන්නයි.

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views