Japanese

How to learn Japanese easily – Lesson 18

  • このエントリーをはてなブックマークに追加

පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි දහහත්වන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . දහඅටවන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන නැත අර්ථය හඟවන ක්‍රියාපද හා එවා භාවිත කරන ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් දහඅටවන පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
                            දහඅටවන පාඩම
මෙම පාඩම තුළින්  යම් ක්‍රියාවක්  සිදුනොකරන ලෙස ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න ඉගෙන ගතහැකි වේ . එහිදී ,පහළොස්වන පාඩමේදී අප ඉගෙනගත් ~  て ください  ( Te kudasai  ) ස්වරූපය   සහ  ないform  ( Nai form ) භාවිතා වන්නේ කෙසේද යන්න පිළිබඳව දැන සිටිය යුතු වේ .
  1. ~ないForm

     ~nai  Form 

මෙහි අර්ථය වන්නේ  “  නැත”  යන්නයි . මෙය ජපන් භාෂාවේ ません ( Masen ) ස්වරූපයට සමාන වේ . එහෙත් ,ません ( Masen )  ස්වරූපය මෙන් ශිෂ්ට  සම්පන්න නොවේ. බොහෝවිට  කතා ව්‍යවහාරයේදී භාවිතා කරයි.ないform  සාදා ගැනීමේදී එය  ක්‍රියාපදවල  කාණ්ඩ අනුව  සෑදෙන ආකාරය වෙනස්  වේ .

 1 වන කාණ්ඩයේ ක්‍රියා පද

මෙහිදී ක්‍රියා පදයේ අග ඇති  ( u ) “ උ” ශබ්දය ඉවත් කර  あ( a ) “ අ” ශබ්දය එකතු වී  ない( Nai  ) ශබ්දය  සෑදේ .

~ Basic form  of the Verb  ( U )  sound   +   ない( Nai )

 

ක්‍රියා පදයේ මුලික ස්වරූපය උච්චාරණය Nai Form ( නැත ස්වරූපය ) උච්චාරණය අර්ථය
あう Au あわない Awani හමුවෙන්නේ නෑ
かう Kau かわない Kawanai මිලදී ගන්නේ නෑ
いう Iu いわない Iwanai කියන්නේ නෑ
はなす Hanasu はなさない Hanasanai කතා කරන්නේ නෑ
よむ Yomu よまない Yomanai කියවන්නේ නෑ
もつ Motsu もたない Motanai රැගෙන යන්නේ නෑ
あそぶ Asobu あそばない Asobanai විනෝද වෙන්නේනෑ
およぐ oyogu およがない oyoganai පිහිනන්නේ නෑ

2 වන කාණ්ඩයේ ක්‍රියාපද

මෙහිදී ක්‍රියා පදයේ අග ඇති   ( ru )  ශබ්දය ඉවත් කර  ない( Nai  ) ශබ්දය එකතු වේ.

Base Form Of the Verb ( Ru ) Sound    +      ない  (  Nai  )

 

ක්‍රියා පදයේ මුලික ස්වරූපය උච්චාරණය Nai Form ( නැත ස්වරූපය ) උච්චාරණය අර්ථය
たべる Taberu たべない Tabenai කන්නේ නෑ
ねる Neru ねない Nenai නිදා ගන්නේ නෑ
でる deru でない Denai පිට වෙන්නේ නෑ
おきる okiru おきない okinai අවදි වෙන්නේ නෑ

 

3 වන කාණ්ඩයේ  ක්‍රියා පද

ක්‍රියා පදයේ මුලික ස්වරූපය උච්චාරණය Nai Form ( නැත ස්වරූපය ) උච්චාරණය අර්ථය
する Suru しない Shinai කරන්නේ නෑ
くる kuru こない konai පැමිණෙන්නේ නෑ

 

  1. ~ないで ください。

      ~(Verb ) Nai      +   de  kudasai 

යම් ක්‍රියාවක් සිදුනොකරන ලෙස පැවසීමේදී  ~ないで ください    ( ~  naide  kudasai)  යන ස්වරූපය භාවිත කරනු ලබයි .මෙය සාදා ගනු ලබන්නේ , ක්‍රියා පදයේ  Nai  ස්වරූපය සාදා එයට  でください    (de kudasai)   යන්න එකතු කර ගැනීමෙනි .

 としょかんで はなさないで ください。

Toshokan de hanasanaide kudasai.

කරැණාකර පුස්තකාලය තුළදී කතා කරන්න එපා.

 

 

3. ~ なければなりません。

      ~  nakereba narimasen .

මෙම ව්‍යාකරණය මගින් කියවෙන්නේ යම් ක්‍රියාවක් සිදුකළ යුතු බවයි . මෙම  ස්වරූපය සාදා ගනු ලබන්නේ  ,  ක්‍රියා පදයේ  Nai  ස්වරූපය  සාදා  ,  එහි  い ( ii  )  ඉවත් කර ,  ければなりません (kereba narimasen)  එකතු කිරීමෙනි .

まいにち ジョギングを しなければ なりません。

Mainichi jogingu wō shinakereba narimasen.

දිනපතා ව්‍යායාම කළ යුතුයි.

  • このエントリーをはてなブックマークに追加

Views