Culture

Green colour chocolates?

  • このエントリーをはてなブックマークに追加

කොළපාට චොකලට් කමුද?

වර්තමානයේ කතාබහ අතරතුරදී නිතරම ඇහෙන මාතෘකාවක් තමයි ග්‍රීන් ටී කියන්නෙ. ලංකාව තුළ නම් ග්‍රීන් ටී පානයක් ලෙස පමණයි දක්නට ලැබෙන්නෙ. නමුත් ඔබ දන්නවාද, ජපානය තුළ ග්‍රීන් ටී යොදා ගනිමින් විවිධාකාර ආහාර පාන රැසක් නිෂ්පාදනය කරන බව?  ජපන් වැසියන් උණුසුම් කාල වලදී ග්‍රීන් ටී ශීතකළ පානයක් ලෙසින් හා හිම වැටෙන සීතල කාලවලදී උණුසුම් පානයක් ලෙසත් භාවිතයට ගන්නවා. ලංකිකයන් නම් පුරැදු වෙලා  තියෙන්නෙ හොඳට සීනි දාලා රස්නෙන් තේ බොන්න. එහෙම නේද? හැබැයි ජපන් ජාතිනයින් නම් තේ බොන්නෙ සීනි දාන්නෙ නැතුව.   බොහෝ ජපන් ජාතිකයන් තේ පානය කරන ගමන්ම පොඩි රසකැවිල්ලක්  කන්න නම් කැමතියි.

ඒවගේම තමයි ජපානයේ සෑම තැනකම වගේ ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර හෙවත් Vending machines දැකගන්න පුළුවන්. මෙම යන්ත්‍ර තුළින්ද  ග්‍රීන් ටී සහිත බෝතල් දවසේ ඕනෑම වේලාවක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නෙ ජපානයේදි නම් තේ බොන්න කඩයකට හෝ අවන්හලකටම යන්න ඕන වෙන්නෙ නැහැ…

තව මොනවද තියෙන්නෙ?

ග්‍රීන් ටී වලින් හදන නිෂ්පාදන වලින් ග්‍රීන් ටී අයිස්ක්‍රීම් (Matcha Ice cream) ප්‍රධාන තැනක් ගන්නවා. Matcha (Powdered green tea) යනුවෙන් හදුන්වන්නේ  කුඩු  බවට පත් කළ තේ කොළවලටයි. අයිස්ක්‍රීම් එක දැක්ක ගමන් කන්න හිතෙනවා…  ඒ රස නම් අපිට ටිකක් නුහුරැයි. හැබැයි ඔබ අනිවාර්යයෙන් ඒ රසට කැමති වෙයි. සීනි අධික පාට පාට අයිස්ක්‍රීම් කනවා වෙනුවට පැණිරස අඩු  ගුණයෙන් වැඩි  මච්චා අයිස්ක්‍රීම් කන්න පුුුළුවන් නම්….

කොළපාට චොකලට් කන්න ආසද?

කොළපාට අයිස්ක්‍රීම් වගේම තමයි කොළපාට චොකලට් කන්නත් පුළුවන් ජපානයේදි නම්… රතුපාට කොලයකින් ඔතපු KitKat  කන්න අපි හැමෝම කැමතියි.  Matcha KitKat ,ඒ කියන්නෙ මච්චා වලින් හදපු කොළපාට KitKat ජපානයේ  බොහොම ජනප්‍රියයි.

අයිස්ක්‍රීම් හා චොකලට් වලට අමතරව මච්චා යොදා ගනිමින් සාදන ලද  පෑන් කේක්, අල පෙති ( Matcha potato chips) ,පොරි (Matcha popcorn)  විවිධ බිස්කට් හා කේක් වර්ග ආදි බොහෝ දේවල්  ජපානයේදී  රසවිදින්න පුළුවන්,   ග්‍රීන් ටී වලින් නතර නොවී  ඒ ආශ්‍රිත විවිධ නිෂ්පාදන සඳහා යොමුවීම තුළින් ජපාන් වැසියන් පෙන්නුම් කරන  නිර්මාණශීලී බව අගය කළ යුතුයි.

                 

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views