Japanese

Lets learn Japanese dialogues .

  • このエントリーをはてなブックマークに追加

   දවල් කෑමට වෙලාව හරි…

රැකියා ස්ථානයේ මිතුරෙක් සමඟ දහවල් ආහාර ගැනීමට අවන්හලකට යෑමේදී  හා අවන්හල තුළදී ආහාර ඇනවුම් කිරීමේදී  සංවාදයක් සිදුවන ආකාරය ඉගෙන ගනිමු.

仲村                  : もう12時半 ですよ。ひるごはんを たべに いきませんか。

Nakamura       : mou jū han des(u)yo. Hirugohan wō tabeni ikimasenka?

නකමුරා             : දැනටමත් 12.30 දවල් කෑම කන්න යන්නෙ නැද්ද?

リリー              : ええ。

Lilii                   : Ehh

ලලී                     : ඒහ්

中村                  : どこへ いきますか。

Nakamura       : Doko e ikimas(u)ka?

නකමුරා              : කොහෙද යන්නෙ?

リリー              : そうですね。きょうは にほんりょうりが たべたいですね。

Lilii                   : Sōdes(u)ne.  Kyō wā nihon ryōri gā tabetai des(u)ne.

ලලී                    : ඒක තමයි. අදනම් ජපන් කෑමක් කන්න ඕනෙ.

中村                 : じゃ、「さくらㇾストラン」へ いきましょう。

Nakamura      : Jā , ( Sakura Resutoran) e ikimashō.

නකමුරා            :  එහෙනම් සකුරා රෙස්ටුරන්ට් එකට යමු.

……………………………………………………………………………………….

(සකුරා රෙස්ටුරන්ට් එකට පැමිණීමෙන් පසු)

ウェイター    : ごちゅういは?

Weita-             : Gochūi wa ?

වේටර්                :  මොනවද  ඕන? (ඕඩර් කරන්නෙ?) 

リリー              : わたしは おこのみやき。

Lilii                   : Watashi wā Okonomiyaki.

ලලී                    : මට ඔකොනොමියකි ගේන්න.

中村                 : わたしは うどん。

Nakamura      : Watashi wā Udon.

නකමුරා            : මට උදොන් ගේන්න.

ウェイター    :  おこのみやきと うどんですね。しょうしょう おまちください。

Weita-            : Okonomiyaki to Udon des(u)ne. Shosho omachi kudasai.

වේටර්              : ඔකොනොමියකියි උදොනුයි නේ.. පොඩ්ඩක් ඉන්න.

…………………………………………………………………………………………….

( ආහාර ගැනීමෙන් පසු )

ウェイター   : 1750 円で ございます。

Weita-           : 1750 Yen des(u).

වේටර්              : ඔක්කොම යෙන් 1750 යි.

リリー            :すみません。べつべつに おねがいします。

Lilii                 : Sumimasen. Betsubetsu ni onegaishimas(u).

ලලී                  : සමාවෙන්න. වෙනවෙනම ගාන කියන්න පුළුවන්ද?

ウェイター   :はい、おこのみやきは900 円、うどんは850円です。

Weita-            : Hai ,Okonomiyaki wā 900 Yen, Udon 850 Yen des(u).

වේටර්              : ඔව්.. ඔකොනොමියකි වලට ‍යෙන්900 යි. උදොන් වලට යෙන්850 යි.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views