Japanese

How to learn Japanese easily

  • このエントリーをはてなブックマークに追加

පහසුවෙන් ජපන් ඉගෙනගන්න කැමතිද….

වර්තමානය වනවිට බොහෝ පිරිසක් විදේශ භාෂා අධ්‍යනයට යොමු වී තිබෙනවා. ඒ අතරින් ජපන් භාෂාවට ප්‍රමුඛ ස්ථානක් හිමිවෙනවා.

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස්   අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන අයට අවශ්‍ය ජපන්  මූලික ව්‍යාකරණමය දැනුම අන්තර්ගත පොතක් හදුන්වා දී තිබෙනවා. “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” ලෙසින් එම පොත නම්කර තිබෙනවා.  JLPT N5 විභාගයට පෙනී සිටීමට බලාපෙරොත්තු වන අයට වඩාත් වැදගත්. ව්‍යාකරණ රටාව සරල නිදසුන් මගින් ඉදිරිපත් කර තිබෙන නිසා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. එ් නිදසුන් ජපන් භාෂාවෙන්ද, ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයත් එහි සිංහල තේරැමද ඇතුලත්ව තියෙනවා. එ්වගේම සෑම පාඩමක් ආරම්භයේදීම පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම වැඩිකර ගන්නටත් හැකියි.

         මුලින්ම අන්තර්ගතය ගැන විමසා බලමු.

ජපන් ජාතිකයින් බොහොම ආචාරශීීලී බව අපි හැමෝම හොදින් දන්නා දෙයක්. ඒ නිසා ජපන් ජාතිකයින් එදිනෙදා භාවිතා කරන යෙදුම් හා පංතිකාමරය තුළ භාවිතා වන යෙදුම්  දැන සිටීම වැදගත්. එනිසා පොතෙහි මුලින්ම එවැනි යෙදුම් ඇතුලත් කරලා තියෙනවා.

1.පළමු පාඩම (නිපාත)

ජපන් භාෂාව තුළ දක්නට ලැබෙන නිපාත ගැන පළමු පාඩමෙන් ඉගෙන ගන්න පුළුන්. මෙහිදී සරල හැදින්වීමක් තමයි තියෙන්නෙ. නමුත් පොතෙහි වඩාත් විස්තරාක්මකව නිදසුන් සහිතව ඉදිරිපත් කරලා තියෙනවා.

  1. は (Wā) නිපාතය                                                                                                                                                                       “Wā” නිපාතය ජපන් භාෂාවේ ප්‍රධාන උක්තය වෙන්කිරීම සඳහා භාවිතා කරයි.ඉංග්‍රීසි භාෂාවේ [am,is,are]වලට සමානය.
  2. も (Mo) නිපාතය                                                                                                                                                           “Mo”නිපාතය සිංහල භාෂාවේ “ද /ත් “යන අර්ථයට සමාන අර්ථයක් ගෙන දේ.
  3. わたしは~です。watashi wā ~ des(u).

පුද්ගලයෙක් මුලින්ම මුණගැසුනුවිට තමන්ගේ  නම කියා හඳුන්වාදීම සාමාන්‍ය දෙයක්. එය ජපන් භාෂාවෙන්  කියන ආකාරය ඉහත               දැක්වේ.

4.~は~じゃ(では)ありません。~  wā ~ jā (dewa)arimasen.

යම් පුද්ගලයයෙක් යම්කිසි දෙයක් සිදු නොකරන බව/ නිරත නොවන බව ඉහත ආකාරයෙන් පැවසිය හැක.

5.~は~でした。~ wā ~ desh(i)ta.

ですdes(u) අතීත කාලයでした  desh(i)ta වේ.

  1. ~は~じゃ(では)ありませんでした。~ wā ~ jā (dewa) arimasen desh(i)ta.

අතීතකාල නැත අර්ථය මෙමගින් කියවේ.

  1. ~は~ですか。~  wā ~ des(u)ka?

ජපන් භාෂාවෙන් ප්‍රශ්නාර්ථ පදයක් හැඟවීමට වාක්‍යයේ අගට か(ka) නිපාතය  යොදයි.

  1. ~さんも~です。~ San mo ~ des(u).

ජපන් භාෂාව වඩාත්  ආචාරශීලි භාෂාවක් නිසා  පුද්ගලයෙකුගේ නමට පසු “සන් “යන වචනය යොදා ආමන්ත්‍රණය කරයි.mo නිපාතය         මගින්”ද / ත් “යන අර්ථය හඟවයි.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views