පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.
තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි අටවන පාඩම දක්වා අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . නවවන පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන නාම විශේෂණ පිළිබඳවයි. ජපන් භාෂාවේ නාම විශේෂණ කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය . එනම්,
いけいようし (” i ” keiyōshi ) සහ なけいようし (” Na ” keiyōshi) වේ .
එනම් , ‘ ඉ ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ සහ ‘ න’ අකුරෙන් අවසන් වන නාම විශේෂණයි. මේ පාඩම තුළින් නාම විශේෂණ භාවිතා වන්නේ කුමන ආකාරයෙන්ද යන්න ඉගෙන ගනිමු .
පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් නවවෙනි පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.
නවවන පාඩම
- いけいようし (” i “keiyōshi) – ‘ ඉ ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ
おおきい | Ōkii | ලොකුයි |
さびしい | Sabishii | පාලුයි |
ふとい | Futoi | මහතයි |
ほそい | Hosoi | සිහින් |
ながい | Nagai | දිගයි |
くろい | Kuroi | කලුයි |
පහත දැක්වෙන්නේ ” i “keiyōshi සහිත නාම විශේෂණ පදයක් යොදා ගනිමින් සාදන ලද වාක්‍යකි .මෙම නාම විශේෂණ භාවිතා වන්නේ නාම පදයකට පසුව වේ. යම්කිසි නාම පදයකට යම්කිසි ලක්ෂණයක් තිබෙන බව පැවසීමට නාම විශේෂණ භාවිතා වන අතර ‘ ඉ ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ කිහිපයක් ඉගෙන ගනිමු .
- 2. ~は~です。
~ (Noun) wā ~(” i “keiyōshi ) des(u) .
ぶどうは おいしいです。
budou wā oishii des(u) .
මිදි රසවත් වේ .
මීට අමතරව ‘ ඉ ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ භාවිතා කලහැකි තවත් ආකාරයක් ඇත . එනම් නාම පදයට පෙර ද නාම විශේෂණ භාවිතා කල
හැකිය .උදාහරණ මගින් විමසා බලමු .
おおきい いえ
Ōkii ie
විශාල නිවස
- ‘ ඉ ‘අකුරෙන් අවසන්වන නාම විශේෂණ පදවල කාල භේදය
たかい | Takai | මිල අධිකයි |
たかくない | Takakunai | මිල අධික නෑ |
たかかった | Takakatta | මිල අධික වුණා |
たかくなかった | Takakunakatta | මිල අධික වුණේ නෑ |
- い ( I ) විශේෂණ පදයක් තවත් い ( I ) විශේෂණ පදයකට හෝ な ( Na ) විශේෂණ පදයකට සම්බන්ධ කිරීම.
මෙහිදී い ( I ) විශේෂණ පදයේ ඇති い ( I ) ඉවත් කර එයට くて ( Kute ) ආදේශ කරනු ලබයි .
~ Adjective い( I ) + くて
おいしい ⇒ おいしくて
この ㇾストランの 料理は おいしくて たかいです。
kono resutoran no ryouri wa oishikute takai des(u).
මෙම අවන්හලේ ආහාර රසවත් වගේම මිල අධික වේ.
දෙවන කොටස
なけいようし (“Na “ Keiyōshi) – ‘න’ අකුරෙන් අවසන්වන නාම විශේෂණ
පහත දැක්වෙන්නේ ” Na ” keiyōshi සහිත නාම විශේෂණ පදයක් යොදා ගනිමින් සාදන ලද වාක්‍යකි .මෙම නාම විශේෂණ භාවිතා වන්නේ නාම පදයකට පසුව වේ . යම්කිසි නාම පදයකට යම්කිසි ලක්ෂණයක් තිබෙන බව පැවසීමට නාම විශේෂණ භාවිතා වන අතර ” Na ” keiyōshi සහිත නාම විශේෂණ පදයක විශේෂත්වය වන්නේ , වාක්‍යක යෙදීමේදී විශේෂණ පදයේ ඇති “න” ඉවත් කර භාවිතා වීමයි .
1.1 ~は~です。
~ ( Noun )wā ~ ( “ Na “ keiyōshi ) des(u).
このはなは です。
kono hana wa kirei des(u).
මේ මල ලස්සන වේ .
මීට අමතරව ‘ න ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ භාවිතා කල හැකි තවත් ආකාරයක් ඇත . එනම් නාම පදයට පෙර නාම විශේෂණ පදයක් ලෙස භාවිතා කල හැකිය . උදාහරණ මගින් විමසා බලමු .
きれいな はな
Kireina hana
ලස්සන මල
きれいな | Kireina | ලස්සන |
じょうぶな | Jōbuna | ශක්තිමත් |
にぎやかな | Nigiyakana | ගෝෂාකාරී |
しずかな | Shizukana | නිශ්ශබ්ද |
かんたんな | Kantanna | සරල |
ふくざつな | Fukuzathsuna | සංකීර්ණ |
මීට අමතරව ‘ න ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණ භාවිතා කල හැකි තවත් ආකාරයක් ඇත . එනම් නාම පදයට පෙර නාම විශේෂණ පදයක් ලෙස භාවිතා කල හැකිය . උදාහරණ මගින් විමසා බලමු .
- ‘ න ‘අකුරෙන් අවසන් වන නාම විශේෂණපදවල කාල භේදය
じょうず | jōzu | දක්ෂයි |
じょうずではない/じょうずでは
ありません |
jōzu dewa nai / jouzu dewa arimasen | දක්ෂ නැහැ |
じょうず でした | jōzu desh( i )ta | දක්ෂ විය |
じょうずでは
ありませんでした |
jōzu dewa arimasen desh(i)ta | දක්ෂ වුණේ නැහැ |
- な ( Na ) විශේෂණ පදයක් තවත් い ( Ī ) විශේෂණ පදයක් හෝ な ( Na ) විශේෂණ පදයක් සමඟ සම්බන්ධ කිරීම .
මෙහිදී な ( Na ) විශේෂණ පදයේ ඇති な ( Na ) ඉවත් කර එයට で ( de ) ආදේශ කරනු ලබයි .
Adjective な ( Na ) + で ( de )
じょうずな ⇒ じょうずで
彼女は じょうずで しんせつ です。
kanojo wa jouzu de shinsetsu des(u).
ඇය දක්ෂ වන අතර කරැණාවන්ත වේ.