Japanese

How to learn Japanese easily-Lesson 07

  • このエントリーをはてなブックマークに追加

       පහසුවෙන් ජපන් ඉගෙන ගන්න කැමතිද…

තකහෂි ජපන් භාෂා ආයතනය මඟින් හදුන්වා දුන් “පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම්” පොතෙහි හයවන පාඩම දක්වා  අපි මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කළා . හත්වන  පාඩමේ ඇතුළත් වන්නේ ජපන් භාෂාවේ යෙදෙන ක්‍රියාපද හා එවා භාවිත කරන ආකාරයයි.  පෙර ඉදිරිපත් කරපු ලිපි වගේම මෙම ලිපියෙත් හත්වෙනි පාඩම පිළිබඳව බොහොම කෙටි හැදින්වීමක් තමයි තියෙන්නේ. නමුත් පොත තුළ නිදසුන් සහිතව වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

              හත්වෙනි පාඩම

ජපන් භාෂාවේ එන ක්‍රියා පද කිහිපයක් හා ඒවා භාවිත කරන ආකාරය මේ පාඩමෙන් දැක්වේ.ජපන් භාෂාවේ ක්‍රියාපද කාණ්ඩ 3කට බෙදා දක්වයි.එනම් ,

1.පළමු කාණ්ඩය

2.දෙවන කාණ්ඩය

3.තුන්වන කාණ්ඩය  ලෙසිනි .   

 

                          පළමු කාණ්ඩය

මෙහිදී පළමුවන කාණ්ඩයේ ක්‍රියාපද [ つ、す、う、く、む、ぬ、ぶ、ぐ、る ] යන අකුරු වලින් අවසන් වේ .එම අකුරු වල “ඉ” කාරයත් සමඟ ますයෙදීමෙන් “මස්” ස්වරූපය සෑදේ.

        

 

 

ශබ්දකෝෂ ස්වරූපය “මස්” ස්වරූපය
かつ Katsu かちます Kachimas(u) දිනනවා
はなす Hanasu はなします Hanashimas(u) කතාකරනවා
いう Iu いいます Iimas(u) කියනවා
かく Kaku かきます Kakimas(u) ලියනවා
のむ Nomu のみます Nomimas(u) බොනවා
しぬ Shinu しにます Shinimas(u) මැරෙනවා
とぶ Tobu とびます Tobimas(u) පියාඹනවා
およぐ Oyogu およぎます Oyogimas(u) පීනනවා
うる Uru うります Urimas(u) විකුණනවා

 

       දෙවන කාණ්ඩය

මෙහි ක්‍රියාපද සියල්ලම RU ශබ්දයෙන් අවසන් වේ. මෙහිදී අග ඇති る[ru] ඉවත් වී එයට ますmas(u) ස්වරූපය එකතුවේ.

       

ශබ්දකෝෂ ස්වරූපය “මස්”ස්වරූපය
たべる Taberu たべます Tabemas(u) කනවා
あげる Ageru あげます Agemas(u) දෙනවා
おしえる Oshieru おしえます Oshiemas(u) උගන්වනවා
でる Deru でます Demas(u) පිටවෙනවා
あける Akeru あけます Akemas(u) අරිනවා

 

          තුන්වන කාණ්ඩය

තුන්වන කාණ්ඩයට අයත් ක්‍රියාපද ඇත්තේ දෙකක් පමණි.මේවා පළමුවන හා දෙවන කාණ්ඩවල ක්‍රියාපද සාදන ආකාරයට වඩා  වෙනස් වේ.

ශබ්දකෝෂ ස්වරූපය “මස්”ස්වරූපය
くる Kuru きます Kimas(u) එනවා
する Suru します Shimas(u) කරනවා

 

මෙම වීඩියෝව නැරඔීමෙන් ක්‍රියාපද පාඩම පිළිබඳව වැඩිදුර තොරතුරැ දැන ගත හැකිය.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views