Culture

කොරියාවේ ලද විදේශ අධ්‍යාපන අත්දැකීම …!!! ජපානයත් මීට සමාන වේද ….???

  • このエントリーをはてなブックマークに追加

කොරියාව පිළිබඳව සඳහන් කරන විට සිතට  එකවිටම මතකයට නැගෙන සුන්දර දිවයින ජපානය නොවේද ? මෙම ලිපිය කියවන ඔබ සැබවින්ම කොරියාවෙත් , ජපානයෙත් සුන්දරත්වයට ආදරය කරනවා මෙන්ම එම රටවල් තුලින් අප රටට ගත යුතුයි සිතන යහපත් දේ  උකහා ගැනීමටත් අමතක නොකරන්නේ යි සිතමි .

ලාංකිකයකු වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන කාල සීමාවේදී  කොරියානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට වරම් ලැබීම ඉමහත් භාගයක් යයි සිතමි . කොරියාවට ලගා වූ දිනය අද මෙන් මගේ සිත තුල ස්වප්නයක සේයා මැවුවද එය දැනටමත් යථාර්ථයක් වී  හමාරය .

  මා කොරියාවට පැමිණි දිනයේ , එය මගේ පළමු විදේශ අධ්‍යාපන සංචාරය වූ නිසා මහත් වූ පාළුව කැටිවූ  සංවේදී හැගීමක් මා සිත චංචල කලද , ඒ තනිකම  කැටිවූ දුක්මුසු ස්වරය නිම කරමින් කොරියානු විශ්වවිද්‍යාලයේ ගුරුමහත්ම මහත්මීන් අප මාපියවරුන්ගේ අඩුව පුරවන්නට විය .   

 

          

 

කොරියානු සංචාරය තුළින් මා ලද දේ…..

කොරියානු විශ්වවිද්‍යාලය තුල කොරියානු භාෂාව ඉගෙන ගැනීමට හැකිවූවා මෙන්ම සති අන්තයේ දී කොරියාවේ ඇති විශේෂ සංචාරක ස්ථාන කරා යාමට මහගු අවස්ථාවක් ලැබුණි . විශ්වවිද්‍යාලය තුළදී අපට ඉගෙන ගැනීමට සිදු වූයේ විවිධ රටවල් 20කින් පමණ පැමිණ සිටි ශිෂ්‍යයින් සමගය . ඔවුන් , බංගලාදේශය , තායිලන්තය, කාම්බෝජය , එක්වාදෝර් , මියන්මාරය , පේරූ , මොරොක්කෝ ජාතිකයින් විය . මේ සියලු කටයුතු සිදු කරනු ලැබුවේ විවිධ රට වලින් පැමිණි යහළුවන් සියලු දෙන එකට එක්වය .

 

 

          

සති අන්තයේදී සංචාරය කළ ස්ථාන

ඉතා පහසුකම් වලින් පිරුණු කොරියානු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබු කාල සීමාවේදී  සියලු දේවල් 100% ක් යි කිව හි තරම් විය . අප සංචාරය සඳහා රැගෙන ගිය බසයන්ද ඉතා සුඛෝපබෝගී ඒවා විය . අප විදේශිකයන් වූ  නිසා අප පිළිබඳ සැම මොහොතකදීම සොයා බැලීමට ගුරුවරුන්ද අමතක කළේ නැත .

අප සංචාරය කළ ස්ථාන අතර බොහොමයක් පෞරාණික ස්ථානද විය . තවද , ත්‍රාසයමුසු අත්දැකීම් ලබාගැනීමට හැකි ස්ථානද , හාස්‍ය මුසු අත්දැකීම් හෙබි ස්ථානද ඒ අතර විය . එම ස්ථාන අතර lotte world , everland සුවිශේෂී විය .

                                                                                            

           

 

කොරියානු සංචාරය තුළදී මා උගත් දේ ….

කොරියාව නම් ජපානය හා බොහෝ සමානකම් දක්වන රටක් බව සඳහන් කළ හැකිය . එහිදී මා කොරියාව තුළදී දුටු  සුවිශේෂී දෙයක් වන්නේ එහි ඇති පිරිසිදුකමයි. එසේම , කසල බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ද තිබුණු අතර විදේශ සිසුන් වූ අපටද එම ක්‍රමවේදය එලෙසින්ම අනුගමනය කලයුතු විය . රට සුන්දරත්වයෙන් පවත්වා ගැනීමට එකීනෙකා දායක වන අයුරු අද්විතීය විය . අප ලංකාව තුලද කසල බැහැර කිරීමීදී එවන් ක්‍රමයන් අනුගමනය කළේ නම් යැයි  මටද , සිතුනි .

 

 

     

 

සංචාරය තුළදී ලැබුණු අධ්‍යාපන දැනුම මෙන්ම අමිලවූ අත්දැකීම් …..

කොරියානු විශ්වවිද්‍යාලය තුළදී කොරියානු භාෂා දැනුම වර්ධනය කර ගැනීමට විශේෂ වූ පාඩම් මාලා ඉගැන්වූ අතර සවස් කාලයේදී අමතර දැනුම ලබා  ගැනීමට විශේෂ   දේශකවරුන්ගේ දේශනා වලට සවන් දීමටද අවස්තාව ලැබුණි .එසේම සාම්ප්‍රදායික ආහාර අප විසින්ම සැදීමටද අවස්ථාව ලැබුණි .

 

 

       

කොරියාවේ ඇති විවිධ ආහාර වර්ග වල රස බැලීමටද හැකි විය … එයද කොරියාවෙදී ලද අමතක නොවන අත්දැකීමකි . ඒ අතරින් මා වඩාත්ම ප්‍රිය කල ආහාරය ලෙස කිම්චි හා පජෝන් හඳුන්වාදිය හැකිය .

 

   

 

 

 

 

        

 

 

 

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views