Culture

කොරියාවේ විදේශ සංචාරයේදී මා ලද අත්දැකීම් ඇසුරින්…….

  • このエントリーをはてなブックマークに追加

 ඔබත් ජපානයේ , කොරියාවේ විදේශ සංචාරය කරනවා නම් ……..

ඔබත් ජපානයේ හෝ කොරියාවේ සංචාරය කරනවා නම් , රැකියාවක් සඳහා යනවා නම් , දැනගෙන යායුතු බොහෝ දේ ඇතැයි සිතමි . එසේම එම දේවල් දැන සිටියේ නොමැති නම් බොහෝ අපහසුතාවන්ට පත් වීමට සිදුවේ .මාගේ අත්දැකීම් අසුරින් , මා හට මුහුණ පාන්නට සිදු වූ අත්දැකීම් පිළිබඳව අදහස් දැක්වීමට සිතමි .

 

 කොරියාවේ , ජපානයේ බසයක් තුළ ගමන් කිරීම කෙසේ වේද ….?

මා මුල් වතාවට මාගේ කොරියානු අධ්‍යාපන සංචාරයේදී , බසයට නැග්ගේ විශ්වවිද්‍යාලය සඳහා යාමටය . එහිදී , මා අතැතිව ප්‍රවාහන කාඩ් පතක් ( Transport Card ) තිබුණද එය බසයට නැග , කුමන අවස්ථාවේදී භාවිතා කල යුතුද යන්න නොදැන සිටියෙමි .

 

 

     

 

 මා බියට පත් වූ කරුණ නම්……

මා ලංකාවේදී මෙන් බසයට ගොඩවී කොන්දොස්තරවරයා පැමිණෙන තුරු සිටි විට , යම් ආකාරයක වරදක් කල අයකු වෙත පැමිණෙන්නා සේ බසය තුල සිටි මෙහෙයවන්නා මා වෙතට පැමිණ මුදල් ගෙවන්නේ නැද්දැයි කෝපයෙන් මෙන් විමසූ විට , මා තිගැස්සී යන්නට විය .

ප්‍රවාහන කාඩ්පත තබා අවශ්‍ය ගමනාන්තය තෙක් මුදල් කපා ගැනීමේ යන්ත්‍රය වුයේ බසයට අතුලුවත්ම රියදුරු අසුන අසලය . එබැවින් බසයට ඇතුල් වීමේදීම කාඩ්පත එම යන්ත්‍රය මත තැබිය යුතු වේ . ඔබත් , මෙය හොදින්ම මතක තබා ගන්න .

 

           

 

              

 

 

 රැකියා ස්ථානය , විශ්වවිද්‍යාලය ට යනවානම් නියමිත වෙලාවට යාමට අමතක නොකරන්න .

සාමාන්‍යයෙන් අප ලංකාව තුළ නිසි වෙලාවට වැඩ කලයුතුය යන්න පැවසුවද එසේ සිදු නොවන බව , ඔබත් මාත් හොඳින් දන්නා දෙයකි . එහෙත් , ජපානයේ , කොරියාවේ නම් වෙලාව යන්න අත්‍යවශයෙන් පිළිපදින දෙයකි . උදෑසන 9 යනු , 9.02 , එසීත් නැති නම් 9.05 හෝ 9.10 නොවනු ඇත .

එසේ ප්‍රමාද වීම ඔවුන් වරදක් සේ පිළිගනු ඇත. සිත් තැවුල් ද සිදු වනු ඇත . එසේ හෙයින් ලාංකිකයින් වන ඔබත් මමත් , රැකියා ස්ථානයට යනවා නම් නිසි වෙලාවට යාමට අමතක නොකළ යුතුය .

 

 

ආහාර පාන , අවශ්‍ය දේ …. මිලගණන් ???

අප මුලින්ම ජපානයට හෝ කොරියාවට ගියවිට එම ජීවන රටාවට හුරු වීමට අපට යම් කාලයක් ගත වනු ඇත . එම අහාර පාන පවා වෙනස් ය. මාංශ බහුල අහාර වැඩිය . එබැවින් අප විදෙස් ගත වේනම් අනිවාර්යෙන්ම අප එම රටේ ජීවන රටාවට හුරුවන තෙක් අහාරය සඳහා ගැනීමට ලංකාවෙන් එම අහාර කිහිපයක් හෝ ගෙනයාමට අමතක නොකරන්න .

 

              

 

  අධික ජීවන වියදම

ජපානයේ මෙන්ම කොරියාවේ ද ජීවන වියදම් අධික බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ , උපකරණ ආදිය පහසු මිලට ගැනීමට මෙම රටවල් 2හිම දයිසෝ නම් කඩ ඇත . එම කඩවලට යා හැකි නම් අතැති මුදල් යම් තරමක් හෝ ඉතිරි කර ගැනීමට හැකි වේ .

 

                 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views