ඔබේ පුංචි දුව / පුතා ත් මේ වගේද….
පෙර පාසල් යන හා ප්‍රාථමික පංතිවල ඉගෙන ගන්නා පුංචි දරැවන් සිටිින දෙමව්පියන්ට තිබෙන ව්ශාල ගැටළුවක් තමයි පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම. පෝෂ්‍යදායී ආකාරයට ආහාර සකසා ගත්තත් පුංචි දරැවන්ට කෑම කවාගන්න එක නම් ලේසි නෑ……
විශේෂයෙන්ම ධාන්‍ය වර්ග කොළ වර්ග නම් කොහොමත් කන්න කැමති නෑ.


නමුත් ජපානයේදි නම් මේ තත්වය බොහොම වෙනස්. ජපානයේ දෙමව්පියන් දරැවන්ගේ කෑම පෙට්ටියට ආහාර අසුරන ආකාරය හරිම සිත් ගන්නා සුළුයි. දැකපු ගමන් කන්න ආස හිතෙනවා. ජපානයේ පුංචි දරැවොත් හරිම කැමැත්තෙන් කෑම ඔක්කොම කනවා.
ඔයාලත් කැමතියි නේද මේ රහස දැනගන්න .
ජපානයේ ආහාර අසුරන ලද කෑම පෙට්ටිය お弁当/弁当 (obentou/ bentou) කියල හදුන්වනවා. පුංචි දරැවන් වගේම වැඩිහිටියනුත් මේ ආහාර අසුරන ලද කෑම පෙට්ටි වලට කැමතියි. නමුත් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ පුංචි දරැවන් වෙනුවෙන් සකසන කෑම පෙට්ටි ගැන.
කුඩා දරැවන් සඳහා කෑම පෙට්ටිවල ආහාර සකසන ආකාර දෙකක් තියෙනවා .එනම්,
01. Kyaraben
02.Oekakiben
01. Kyaraben
එනම් ආහාර ජපානයේ කුඩා දරැවන් අතර ප්‍රසිද්ධ කාටූන් චරිත හා වීඩියෝ ගේම් ආදියෙහි නිරෑපණය වන වීර චරිත ආදී රෑප මතුවන ආකාරයට ආහාර සැකසීම.


02. Oekakiben
එනම් මිනිස් රැප, සත්ව රැප ,ගොඩනැගිලි , මල් හා ගස් වර්ග ආදී රෑප මතුවන ආකාරයට ආහාර සැකසීම.


මේ ආකාරයට කෑම සැකසීම නිසා කුඩා දරැවන් නොදැනුවත්වම ධාන්‍ය වර්ග,කොළ වර්ග ආදි වැඩිය කන්න කැමත් නැති දේවලුත් ආහාරයට ගන්නවා. එතුළින් දරැවන්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වෙනවා වගේම දරැවන්ට බල කරමින් කෑම කවන්න වෙහෙස වෙන්න ඕනත් නැහැ…..