Japanese

ජපානයේ සුබ දේවල් මොනවාදැයි ඔබත් දන්නවද ???…….

  • このエントリーをはてなブックマークに追加

ජපානයේද , ලංකාවේ මෙන්ම සුබ අසුබ දේවල් පිළිබඳව විවිධ විශ්වාස පවතී . එසේ විශ්වාසයන් ගොඩ නැගීමට හේතු වී ඇත්තේ පැරැන්නන් තුල තිබු විවිධ ආකල්ප බව අනුමාන කල හැකිය . ජපානයේ ද වැඩිහිටියන් පමණක් නොව තරුණ පිරිසද මෙවැනි මිත්‍යා විශ්වාස පිළිබඳ විස්වාස කරනු ලැබීම පුදුමයට හේතුවකි .

        

 චබශිර යනු මොනවාද ?

චබශිර  යනු , කොළ තේ ( green tea ) බඳුනක තේ දැමු විට තේ කොලයක් කෙලින් අතට පිහිටීම වේ . මෙසේ සිදු වුවහොත් එය ජපානයේ සුබ දෙයක් සිදු වනු ඇතැයි විශ්වාසය වේ . ජපන් ජාතිකයින් ඔචා ( green tea ) භාවිත කිරීම නිසා මෙවැනි සිදුවීමක් අහන්බෙන් සිදුවීමට ඉඩ ඇත . එබැවින් එය වාසනාවක් ලෙසින් සලකන්නට ඇතැයි යන්න මාගේ මතය වේ.

 

          

 

මනෙකි නෙකෝ

බොහෝවිට ජපානයේ මනෙකි නෙකෝ දැකගැනීමට හැකි වන්නේ කඩවල් තුළ වේ . තවද , ආපනශාලා , කාර්යාල තුලද මෙම මනෙකි නෙකෝ සරසා තිබෙනු දැකගත හැකි වේ .මුදල් වැඩි වශයෙන් ලබා ගැනීමට හැකිවේ යන විශ්වාසය මත ඔවුන් මෙසේ සිදු කරනවා වන්නට ඇත . තවද මනෙකි නෙකෝ වාසනාවේ සංකේතයක් ලෙසින් පිලිගනු ලබයි .

 

 

 දරුම

ජන්දයට යම් අපේක්ෂකයෙක් ඉදිරිපත් වී , ජන්දයෙන් දිනපු අවස්ථාවේදී එම නිවසේ අනිවාර්යෙන්ම දරුම යන වෙස්මුහුණ වැනි දේහි ඇසක් ඇඳීම සිදු කරනු ලබයි . එසේම , විභාගයකින් සමත් වූ විට , එම ජයග්‍රහණයට පත් අයගේ ස්වරූපය පිළිබිබු කිරීම සදහාද මෙසේ සිදු කරනු ලබයි . මෙම දරුම වෙස්මුහුණ තුළින් මෙම ජයග්‍රහණය සන්කීතවත් වේ.

 

        

 

 ජපානයේ අංකයන්ගේ සුබ අසුබ

ජපානයේ සුබ අංකයන් ලෙස පිළිගැනෙන්නේ 7, 5 , 3 යන අංකයන් වේ. මේවා වාසනාවන්ත අංකයන් යන්න ඔවුන්ගේ පිළිගැනීමයි . තවද , 7 , 5 , 3 යන වයස් ඛාණ්ඩ වල ළමුන්ව දෙමව්පියන් විසින් කිමෝනෝ අන්දවා පන්සල් , දේවාල වැනි අගමීක ස්ථාන වලට යන නිසාවෙන් මෙසේ විශ්වාසයන් ගොඩ නැගුණා විය හැකිය .

තවද , 4 , යන අංකය සුබ නැතැයි ජපන් ජාතිකයින්ගේ මතය වේ . මක්නිසාදයත් , 4 යන්න ජපන් උච්චාරණය “ශි “ යන්න වේ . මෙහි අර්ථය “මරණය “ වේ . එබැවින් 4 සුබ නැති අංකයක් ලෙස පිලි ගනියි .

           

 සුබ ලකුණු පෙන්වන සතුන්

කොකා සහ කැස්බෑවා සුබ ලකුණු පෙන්වන සතුන් ලෙස ජපන් ජාතිකයින් සලකනු ලබයි . මක්නිසාදයත් , මෙම සතුන් දිගු කාලයක් ජීවත් වනවා යයි කියන නිසාවෙනි . තවද , හාවා මාසයක උදාවට අඩගසනවා යයි කියන නිසා හාවාද සුබ ලකුණු පෙන්වන සතෙකු ලෙස පිළිගැනීම වෙයි . වඳුරා , ගෙම්බා , කුකුළා වැනි   සතුන්ද සුබ ලකුණු පෙන්වන සතුන් ලෙස සැලකේ .

 

 

    

 

      

 

 

  • このエントリーをはてなブックマークに追加

Views