Japan Expo කියන්නේ මොකද්ද ?
Japan Expo කිවූ සැනින් හිතට නැගෙන්නේ එහි අර්ථය නේද ? අලුතින් යමක් ගැන ගවේෂණය කරනවා යන්න නේද ? ඒත් මන් දැන් කියන්න යන්නේ Japan Expo යනුවෙන් කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු ජපානය හා සම්බන්ධව තිබු ප්‍රදර්ශනය පිළිබඳවයි.
Japan Expo බලන්න ඔයත් ආවද ?
මෙම ප්‍රදර්ශනය තුළදී ජපානය සහ එහි සංස්කෘතිය සමග බැඳී විචිත්‍රවත් දෑ රැසකින් සමන්විත කුටි දැකගැනීමට හැකි වූ අතර බොහෝ දෙනා මේ සඳහා සහභාගී විය . සහභාගී වූ සියලු දෙනාට පුංචි ජපානයක තනිවුවා සේ හැඟෙන්නට ඇත .
Takahashi JLC කුටිය වෙත ඔයා අවාද ?
අප ආයතනය මගින් Japan Expo ප්‍රදර්ශනය තුළදී සකස් කර තිබූ කුටිය වෙත ඔබත් ආවේ නම් , අප ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම් යන කෘතිය එළිදැක්වීම මෙන්ම එම පොත අලෙවි කිරිමද , සිදුවිය .
JLPT N5 විභාගයට නියමිත ව්‍යාකරණ මුල් කරගනිමින් මෙම පොත ලියා ඇත. එසේම මුලින්ම ජපන් භාෂාව ඉගෙන ගන්නා කෙනෙකුට පහසු වන අන්දමින් , තේරුම් ගත හැකිවන අන්දමින් ඉතා සරල ලෙස මෙම පොත සකස් කර ඇත .
පහසුවෙන් ජපන් ඉගෙන ගන්නට නම් …
අප ආයතනය මගින් සාදන ලද , මෙම කෘතිය ඔබත් මිලදී ගත්තේ නම් , එහි වටිනාකම ඔබට වටහා ගත හැකි වනු ඇත . එසේම , මෙම පොත මිලදී ගැනීමට ඔබත් අදහස් කරන්නේ නම් අප ආයතනයට පැමිණ ලබා ගැනීමේ හැකියාව ඇත . අප ආයතනයේ ලිපිනය පහතින් දැක්වේ .
තකහෂි ජපන් භාෂා ආයතනය ,
නො: 51 ,
කාමෙල් පෙදෙස ,
කොළඹ 03