ජපන් ඉගෙන ගනිමු.
- に (Ni) නිපාතය
ජපන් භාෂාවේදී මේ නිපාතය අර්ථ කීපයකින් භාවිත වෙයි.
- “ට” අර්ථය හැඟවීමට
- “ගෙන්” අර්ථය හැඟවීමට
- ~に~が います / あります。
~ ni ~ gā imas(u)/arimas(u).
යම්කිසි ස්ථානයකට පසුව “Ni” නිපාතය භාවිතා කළ හැකිය.එනම් එම ස්ථානයේ යම්කිසි පුද්ගලයෙක් සිටිනවා හෝ යම්කිසි දෙයක් තියනවා යන අර්ථයෙනි.එමගින් “Ni” නිපාතයට පෙර එන නාම පදය අවධාරණය කිරීමකට ,දැඩිව කීමකට ලක්වෙයි.
しょくどうに がくせいが* います。
Shokudou ni gakusei gā imas(u).
ආපනශාලාවේ ශිෂ්‍යයින් සිටී .
*Gā නිපාතය පිළිබඳව මේ පාඩමේ 2 කොටසින් විස්තර කෙරේ
- ~は~にいます / あります。
~ wā ~ ni imas(u)/arimas(u).
ඊට අමතරව පහත උදාහරණ ආකාරයෙන්ද මේ “Ni”නිපාතය යෙදේ.
タールカーさんは としょかんに います。
Tarukasan wā toshokan ni imas(u).
තාරුකා පුස්තකාලයේ සිටී.
4.~の~に~が います / あります。
~ no ~ ni ~ gā imas(u)/arimas(u).
きの したに ねこが います。
kii no shita ni neko gā imas(u).
ගස යට පූසෙක් සිටියි.
දෙවන කොටස
1.や ~ や ~ などが ~
yā ~ yā ~ nado gā ~
[හා ~ හා ~ යනාදිය ] නමැති අර්ථය ගෙනදෙයි
わたしは りんごや みかんや ぶどうなどが すきです。
Watashi wā ringo yā mikan yā budou nado gā sukides(u).
මම ඇපල් හා දොඩම් හා මිදි යනාදියට කැමතියි.
- が (Gā) නිපාතය
“Gā” නිපාතය යනු ජපන් භාෂාවේ යෙදෙන ප්‍රධාන නිපාතයකි.මෙම නිපාතය います[imas(u)]、あります[arimas(u]යන පදවලට පෙර යෙදෙන නාමපදයට පසුව යොදයි.いますයන්නෙන් “ඉන්නවා”යන අර්ථයද ありますයන්නෙන් “තිබෙනවා”යන අර්ථයද හැඟවේ.