සමාව ගන්නේ කොහොමද…
විවධ සංස්කෘතීන්ට අයත් විදේශිකයින් සමඟ ගන්දෙනු කරන විට වැරදි වැටහිම් ඇතිවෙන්න තියෙන ප්‍රවණතාව වැඩියි.ජපන් ජාතිකයින් සමඟ ගනුදෙනු කරන විට ඒ වගේ වරදින තැන් මොනවද? එවැනි අවස්ථා මඟහැර නිවරදි සන්නිවේදනයක් සිදු කරන්නේ කෙසේද… යන්න පිළිබඳව මේ ලිපියෙන් විමසා බලමු.
ජපන් ජාතිකයින්ගෙන් සමාව ගන්නේ කොහොමද…
ජපන් ජාතිකයින් බොහොම ආචාරශීලී කියන එක අපි හැමෝම හොඳින් දන්නා කරැණක්. ඒ වගේම තමයි ජපන් සංස්කෘතීය තුළ “සමාව දීම හා සමාව ඉල්ලීම” යන කාරණාවට මූලික තැනක් හිමිවෙනවා. ඒ නිසා ජපන් භාෂාව ඉගෙන ගන්න සිසුන්, ජපන් ජාතිකයින් සමඟ ගනුදෙනු කරන අය මේ පිළිබඳව දැන සිටීම වැදගත්.
තමා අතින් යම් වරදක්, තව කෙනෙක් අපහසුතාවයට පත් වෙන දෙයක් සිදු වූ විට ජපන් ජාතිකයින් එවලේම තම හිස නමා සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි වෙනත් කෙනෙකුගෙන් වරදක් සිදු වුනත් ඔවුන්ගේ අතින් සිදු වූ වරදට සමාව ගනියි කියල බලාපොරොත්තු වෙනවා.

බොහෝ ලාංකිකයින් තමන් අතින් යම් වරදක් සිදු වු විට මුලින්ම සමාව ඉල්ලීම වෙනුවට ඊට හේතුවුන කරැණ ඉදිරිපත් කරනවා. එනම් හේතුව පැවසිම තුළින් සිදු වූ වරදටද සමාව ඉල්ලන බව අදහස් කරනවා.
නිදසුනක් විදිහට,
දුම්රිය ප්‍රමාදයක් නිසා ඔබට කාර්යාලයට පැමිණීමට ප්‍රමාද වූවා යැයි සිතන්න.
එවිට කාර්යාල ප්‍රධානියාට ඔබ ප්‍රමාද වූ හේතුව පැවසිය යුුතුයි. එවිට බොහෝ ලාංකිකයින් සිදු කරන්නේ තමාගේ ප්‍රමාදයට සමාව ඉල්ලනවා වෙනුවට ඊට හේතුව පැවසීමයි.
ප්‍රධානියා : Mr.Perera අද පරක්කුයි නේද?

සේවකයා : ඔව් සර් අද කෝච්චි පරක්කු වුනානෙ….
නමුත් මෙවැනි අවස්ථාවදී ජපන් ජාතිකයින් සමාව ඉල්ලනවා කියන දෙයින් බලාපොරොත්තු වෙන්නේ මුලින්ම “මට සමාවෙන්න”,” Im sorry” වගේ සමාව ඉල්ලන යෙදුමකින් සමාව ඉල්ලීමයි. වරදට හෝ ප්‍රමාදයට හේතුව පැවසුවද නොපැවසුවද එහිදී ගැටළුවක් ඇති නොවේ. ජපන් භාෂාවෙන් සමාව ඉල්ලීම සඳහා
Sumimasen , Gomennasai ,Shitsurei shimas(u) වැනි යෙදුම් භාවිත කරන අතර Moushiwake arimasen , Owabi moushiagemas(u) වැනි යෙදුම් තමාට වඩා තත්වයෙන් උසස් අයගෙන් සමාව ඉල්ලීම සඳහා යොදා ගනියි.
ජපන් ජාතිකයින් සමාව ඉල්ලන ආකාරය පහත දැක්වේ. එහිදී කාන්තාවන් හා පිරිමින් සමාව ඉල්ලව අවස්ථාවේදී දෙඅත් තබාගන්නා ආකාරය එකිනෙකට වෙනස්ය බව ඔබට පෙනේවි.


මේ ආකාරයට සංස්කෘතික වෙනස්කම් නිසා එකිනෙකා බලාපොරොත්තු වෙන දේවල් වෙනස් බව අප වටහාගත යුතුයි වගේම වෙනත් ජාතීන්ගේ සංස්කෘතිය ඵිළිබඳව හොඳ අවබෝධයක් තිබේ නම් එකිනෙකා අතර වැරදි වැටහීම් මඟහරවා ගන්න පුළුවන්.
