Culture

KIMONO-කිමෝනෝ(きものー着物)

  • このエントリーをはてなブックマークに追加

ඈත අතීතයේ ජපන් ජාතිකයන් එදිනෙදා ජීවිතයේදීද කිමෝනෝවෙන් සැරසී සිටිය නමුත් මෑත කාලයේ එම ස්වාභාවය ඔවුන්ගේ කාර්යබහුලත්වයත් සමග දක්නට නොලැබේ. එහෙත් ඔවුන්ගේ සුවිශේෂී අවස්ථාවන්ට කිමොනෝවෙන් සැරසීමට ජපන් ජාතිකයන් අමතක නොකරයි. ඔවුන් සෘතු සතර පිලිබදව මනා අවබෝදයකින් යුක්තව ඇදුම් පැළදුම් භාවිත කරයි. ඔවුන් තම ජීවිතය අදියරයෙන් අදියරට සකස් කරගෙන සිටියි. නිදසුනක් ලෙස දරුවන්ගේ වර්ධනයේ සුවිශේෂී අවස්ථා සිහිපත්ව කිරීම සඳහා විශේෂ සිදුවීම් පවත්වනු ලබන අතර, ඒ ඒ සමයට ගැලපෙන පරිදි කිමෝනෝ වලින් සැරසෙයි.

කිමෝනෝවෙන් සැරසෙන අවස්ථා 

දරුවා උපතින් පසු දින 30 සිට 100 දක්වා කාලය තුළ දරුවාගේ උපත වාර්තා කිරීම සඳහා දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ ආච්චිලා සීයලා ශුද්ධස්ථානයකට පැමිණේ. දරුවා කිමෝනොවට යටින් සුදු පැහැති ඇදුමකින් සැරසී සිටියි. එම ඇදුමට උඩින් ගැහැණු දරුවෙක් නම්, දීප්තිමත් වර්ණ වලින් යුක්ත යුෂෙන කිමෝනෝවකින් සැරසෙයි. පිරිමි ළමයෙකු නම්, කිමෝනෝව කළු වර්ණයෙන් හැඩගන්වයි.

දරුවෙකුගේ ජීවිතයේ තවත් වැදගත් සිදුවීමක් වන්නේ නොවැම්බර් මාසයේ සිදු වන ෂිචි-ගෝ-සන් (“හත්වන-පස්වන-තුන්වන”) නමින් හදුන්වන, වයස අවුරුදු හත, පහ  සහ තුන යන අවදි සදහා පවත්වන උත්සවයයි. මේම උත්සව කාලයේදී දෙමාපියන් ඔවුන්ගේ පස් හැවිරිදි පිරිමි ළමයා සහ අවුරුදු 7 ක් වයසැති හෝ අවුරුදු 3 ක් වයසැති ගැහැනු ළමයා සිද්ධස්ථානයට රැගෙන යන අතර, ඔවුන්ගේ දරුවන්  සොඛය සම්පන්නව තබා ගනිමින් නිරෝගීමත්ව වර්ධනය කර ගැනීමට හැකිවීම සඳහා දෙවියන්ට ස්තූති කරති. මෙම අවස්ථාවටද ළමයින් අලංකාරවත් කිමෝනෝ වලින් සැරසෙයි.

වයස අවුරුදු 20 දී යෞවනයන් වැඩිහිටි යුගයට පැමිණීම සමරයි. වයස අවුරුදු 20 ලබන වසරේ ජනවාරි දෙවන දිනයේ පන්සලක් වෙත ගොස් සංචාරය කරති. මෙම අවස්ථාව සඳහා ගැහැණු ළමුන් ඉතා අලංකාරවත් ලෙස හැඩවෙන අතර කිමෝනෝවද එලෙසම සිත් ඇදගන්නා එකක් වෙයි.  කිමොනෝවේ දෙඅත් දිගුව ගලා යන ලෙස සැකසී ඇත.එමෙන්ම පිරිමි ළමයින් හාරෝයි නම් වූ අර්ධ කබායෙන් සැරසෙයි.

විවාහ මංගල්‍යයේදී මනාලිය ෂිරෝමුකු ලෙස හඳුන්වන පිරිසිදු සුදු පැහැති කිමෝනෝවෙන් සැරසී සිටින අතර මනාලයා කළු පැහැති කිමොනෝවෙන් සැරසී සිටියි. සුදු වර්ණය ගමනක ආරම්භයක් සලකුනු කරයි. තම ඥාතීන්ගේ විවාහ මංගල්‍යයන් වැනි විධිමත් අවස්ථාවන් සඳහා කළු පැහැති අලංකාරවත් කිමෝනෝවෙන් සැරසෙයි. 

බොහෝ විට තනි කළු වර්ණය අවමංගල්‍ය අවස්ථාවන්ට භාවිතා කරන අතර වර්ණවත් කිමෝනෝව ප්‍රීතිමත් අවස්ථාවන්හිදී භාවිත කරයි. 

කිමෝනෝවෙහි වෙනස්කම්

ෆුරිසොදේ කිමෝනෝව(දෙඅත් දිගු කිමෝනෝව) පැළඳ සිටින්නේ අවිවාහක කාන්තාවන් විසිනි. අතීතයේ තරුණ ජපන් කාන්තාවන් තම ෆුරිසොදේ කිමෝනෝවෙහි දිගු අත් කපා දැමීම මගින් පුරුෂයන්ට ආදරය ප්‍රකාශ කළා යැයි සැලකේ.

කාන්තාවක් විවාහ වූ පසු ඇයට තවදුරටත් ෆුරිසොදේන්(දිගු දෙඅත්) සැරසීමට නොහැක. ඒ වෙනුවට ඇය තෝමෙසොදේ(කෙටි අත්) සහිත කිමෝනෝවෙන් සැරසීමට සිදු වේ. තොමෙසොදේ බොහෝ විට කළු හෝ වෙනත් වර්ණයක් විය හැකිය.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views