Culture

ජපන් දරුවන්!

  • このエントリーをはてなブックマークに追加

මෙවර තරමක් වෙනස් දෙයක් ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා එනම් ජපන් ජාතිකයන් කුඩා කල සිට දරුවන් හදන ආකාරය පිලිබදවයි.ජපන් දෙමාපියන් විසින් දරුවන් නිතරම හුරුකරන්නේ තනිව දෙයක් කිරීමටය. එය ඇත්තෙන්ම ඉතා හොද දෙයක් ලෙස දැක්විය හැකි අතර ලංකාව හා සැසදීමේදී මෙය තරමක් වෙනස් ස්වරුපයක් ගනී.

උදාහරණ ලෙස ජපන් දරුවන් තනිව ආහාර ගැනීමේ සිට තනිව වෙළදසලකට ගොස් යමක් මිලදී ගැනීම දක්වා වයස අවුරුදු 3-4 කාලයේ සිටම පුරුදු  කරයි. ඇත්තෙන්ම ලංකාවේ මෙවැනි දර්ශන දුර්ලබය. එය ලංකාවේ සමාජ මට්ටම හා ජපානයේ සමාජ මට්ටම පවතින ආකාරය අනුව විය හැකි වුවත් දරුවෙක්ට එවැනි දේ කුඩා කල සිට පුරුදු කිරීමෙන් සමාජයේ ජීවත් විමට ඇති බිය පහව යන බවක් මට හැගේ.ජපානයේ හා ලංකාව සැසදීමේදී මා හට දැනුන සහ හැගුන අත්දැකීම් කිහිපයක් ඔබ හා බෙදා ගැනීමට කැමතිය.

ජපන් දරුවන්ගේ ආහාර ගැනීම

ජපන් දරුවන් අවුරුදු 2-3 කාලයේ සිටම පුටුවෙහි වාඩි වී මේසයට ලංව ආහාර ගැනීමට පුරුදු කිරීම පවා මා අත්දැකීමෙන් දන්නා කරුණකි.ජපන් මව්වරුන් කාර්යබහුලය.ඔවුන්ට එක් දරුවෙක් වෙනුවෙන් බොහෝ කාලයක් ගත කිරීමට නොහැකිය.එපණක් නොව තමන්ගේ වැඩ තනිව කර ගැනීමට කුඩා කල සිටම හුරු කිරීමේ ආරම්භය වශයෙන් මෙය සිදු කරයි. එහෙත් ලංකාවේ මෙම ස්වරුපය තරමක් වෙනස්ය එයට හෙතුව දරුවන්ට ඇති අසීමට සෙනහසද නැත්තම් දරුවාට යමක්  තනිවම කිරීමට හැකියාවක් නොමැති යැයි සිතීමද යන්න නොවැටහේ.ලංකාවේ බොහෝවිට අවුරුදු 6-7 ක කාලය වන තුරුම මව විසින් ආහාර ලබා දෙන ස්වරුපයක් ලක්නට ලැබේ.

මෙහිදී මා ලද අත්දැකීමක් ප්‍රකාශ කිරීමට කැමතිය.මා ජපානයේ සිටින කාලයේ මගේ මව සංචාරයක් සදහා ජපනයෙට පැමිණි අවස්ථාවක මා සහ මගේ සහෝදරයා මවගේ අතින් ආහාර ගන්නා දෙස බලා සිටි මගේ සොහොදරයාගේ ජපන් බිරිද පුදුමයට පත් වු ආකාරය පුදුමසහගතය.ඇත්තෙන්ම ජපන් ජතිකයන්ටනම් මෙය තරමක් සිනා උපදවන කාරණාවක් ලෙස හැදින්වුවාට වරදක් නොමැත. ලාංකිකයන්මෙය මව් සෙනෙහසින් දුටුවත් ජපනුන්ගේ ජීවන රටාව තුල මෙය ඇත්තෙන්ම අදහා ගත නොහැකි කරුණකි.

පාසල වෙත ගමන් කීරීම

මෙහිදී විශේෂයෙන්ම සදහන් කල යුතු දෙයක්නම් ලංකාවේ දක්නට ලැබෙන පාසලකට ඇතුලත් කිරීමේදී දක්නට ලැබෙන තරකාරී ස්වරුපය ජපාන්යේනම් දක්නට නොලැබේ.ජපානයේ සෑම දරුවෙකුම යා යුත්තේ තම නිවස අසල ඇති පාසලටය. පාසල් යාමේදී පවා තම දරුවන් තනිව පාසල වෙත ගමන් කරවීමට දෙමාපියන් වග බල ගනී. උදෑසන තම නිවස අසල සිටින යහළුවන් සමග එක්ව පා ගමනින් පාසල වෙත ගමන් කරන ජපන් දරුවන්ගේ දර්ශනය ඇත්තෙන්ම සිත් අද ගන්න සුළුය.ලංකාව හා සැසදීමේදී මෙයද දැඩි ලෙස කැපී පෙනෙන අවස්ථාවකි.ලංකාවේනම් පාසල් යන බොහෝ දරුවන් දෙමාපියන් සමග හෝ පාසල් ප්‍රවාහන සේවයක් මහින් පාසලට යෑම දක්නට ලැබේ.

ජපන් ඔෆුරෝ!

ජපානයේදී මා දුටු තරමක් වෙනස් වූ අත්දැකීමක් මෙහිදී සදහන් කිරීමට කැමතිය. එනම් ජපන් කුඩා දරුවන් වයස අවුරුදු 6/7 පමණ කාලය වනතුරුම තම පියා සමග ස්නානය කිරීම (ඔෆුරෝ) වැනි පිරිසිදු කටයුතු කරන අතර එය ජපානයේ සිරිතක් ලෙස සෑම නිවසකම වගේ සිදුවන දෙයකි.ශ්‍රී ලාංකියෙක් ලෙස මෙය තරමක් නුහුරු අත්දැකීමක් ලෙස දැකිවිය හැකිය.එහෙන්ම ලංකාවේ බොහෝ විට දරුවන්ට රාත්‍රී කාලයේදී නෑමට අවසර නොලැබෙන අතර ජපන්යේදී රාත්‍රියේදී නෑම ඇත්තෙන්ම සාමාන්‍ය දෙයකි.

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views