Halloween ඉතිහාසය
Halloween ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ ද වාර්ෂික නිවාඩු දිනයක් වන අතර පැරණි චාරිත්‍රයක් ලෙස ද මෙය සෑම වසරකම ඔක්තෝබර් මස 31 වන දින සමරනු ලබයි. මෙය පැරණි Samhain (සමහේන්) උත්සවය සමග ආරම්භ වූ අතර, ජනයා ගිනි මැල ගසා විවිද ඇඳුම් ආයිත්තම්ගෙන් සැරසී යකුන්ගේ පැමිණීම වැලැක්වීම සංකේතවත් කරයි. halloween දිනට පෙර දිනයන් Halloween eve ලෙස හඳුන්වන ලද අතර පසු දින Halloween දිනය ලෙස හැඳින්වේ. කාලයාගේ ඇවෑමෙන් halloween ලොව පුර ප්‍රසිද්ධියට පත් වූ අතර කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ ඇදුම් වලින් සැරසී halloween සැමරීම සිදු කරයි.මෙය රටින් රටට වෙනස් වූ ආකාරයකින් සමරන අතර ජපානයේද මෑත කාලයේදී තරුණ පරපුර අතර ජනප්‍රියව පවතියි.
ජපානයේ Halloween හි ආරම්භය
ටෝකියෝවේ ඩිස්නිලන්තය, සැන්රියෝ පුරෝලන්තය, යුනිවර්සල් ස්ටුඩියෝ වැනි තේමා උද්‍යාන වල halloween දිනයට පවත්වනු ලබන උත්සව නිසාත් මෙය ක්‍රමක්‍රමයෙන් ප්‍රසිද්ධියට පත්විය. ජපානයේ විවිධ ඇදුම් වලින් සැරසීමට කැමති වැඩිහිටියන් අතරද මෙය ජනප්‍රියතාවයක් දක්වයි. එහෙත් ගෙයින් ගෙට ගොස් රසකැවිලි ලබා ගැනීම වැනි දේවල් ජපානයේ දක්නට නොලැබේ.
ජපානයේ සියලු දෙනාම Halloween සමරනවාද?
ජපන් සමාජයේ සියලු දෙනාම Halloween සැමරීම සදහා උත්සහයක් නොගනියි. කැමත්තක්ද නොදක්වයි. ඔවුන් Halloween ලෙස සිතන්නේ විදේශිකයන්ට ඇති විවිධාකාර වූ කෝලම් සහිත ඇදුම් වලින් සැරසී පොදු ස්ථානයක(දුම්රියපලක) වුවද සාද පවත්වන අවස්ථාවක් ලෙසටය.එය අනෙකුත් යට බාදාවක් ලෙස දකින ජපන් ජාතිකයන්ද සිටියි.
Halloween ක්‍රියාකාරකම්
ජපානයේ ටෝකියෝ, ඕසකා , කනගවා ඇතුළු සෑම ප්‍රදේශයකම උද්‍යාන halloween තේමාවෙන් සරසා තිබෙන අයුරු දැනට ලැබෙන අතර බොහෝ විනෝදකාමී දිනයක්ද වේ. එමෙන්ම වීදි සාදයන්, පෙළපාලි, ෆ්ලෑෂ් මැරයින්, සෝම්බී ධාවන හා නැටුම් සාද ද දක්නට ලැබේ.
ජපනුන් ගිම්හාන කාලයේදී අවතාර නැතහොත් භූත ආත්මයන් පිළිබද වූ විවිධ කතා කතා කරමින් ආකර්ෂණීය ස්ථාන නැරබීමට කැමැත්තක් දක්වයි.
ජපන් Cosplay
කොසුපුරෙ(kosupure) යනු cosplay (costume play) යන්නෙහි ජපන් යෙදුම වේ. මෙය ජපන් තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය අංගයක් ලෙස හැදින්විය හැකිය. cosplay සමාන්‍යයෙන් සිදුවන්නේ ඒ ඒ කාලයට අදාල ප්‍රසිද්ධ චරිත අනුකරණය කොට එම ඇදුම් පැළදුම් වලින් සරසීමයි. එය anime වල දක්නට ලැබෙන ප්‍රසිද්ධ චරිත, පරිගණක ක්‍රීඩා චරිත ආදී වූ විවිධ ය ලෙස සැරසී holloween දිනයේදී විනෝද වීමද දක්නට ලැබේ.cosplay වසරේ ඕනෑම විනෝදජනක අවස්ථාවන් වලදී දක්නට ලැබේ.