Culture

ජපානෙයේ සකේ පානය!

  • このエントリーをはてなブックマークに追加

ජපානයේ සංස්කෘතියෙන් හා ඉතිහාසයෙන් වෙන්කළ නොහැකි දෙයක් ලෙස සකේ පානය හදුන්විය හැකිය. පිරිසිදු ජලය හා සකේ පානය උපයෝගී කර ගනිමින් සකේ පානය නිෂ්පාදන කරේ.ඈත අතීතයේ සිට සිය සංස්කෘතියේම ප්‍රධාන අංගයක් ලෙස මත්පැන් පෙරා රසබලමින් විනෝද  වුහ.සියවස් ගණනකට පෙර ජපානයේ ප්‍රධාන ආහාර බෝගය වන සහල් ජලය සමග මුසු කොට නිහොන්-ෂු නම් ජපාන සකේ නිෂ්පාදනයට මුල පිරුණි.ඊට ස්වභාවික හා අවට පරිසරයේ යහපත් බලපෑමද නිරන්තරයෙන් ඔවුන්ට හිමි විය.ආසියානු මහාද්වීපයෙන් ජපාන දුපත් සමුහය මුහුදින්වෙන්ව පිහිටා තිබීමද සකේ නිෂ්පාදනයට වාසිදායක තත්වයක් නිර්මාණය කෙරෙනි.සෙසු නැගෙනහිර ආසියාතික රටාවල් ගණනාවකට වඩා නැගෙනහිරට වන්නට ජපානය පිහිට තිබීම නිසා එම සංස්කෘතීන් වලට කිසිදු අයුරකින් බලපෑමක් නොවන සේ නිදහසේ තමන්ටම ආවේණික රසයකට සකේ නිෂ්පාදනය කර ගැනීමට ජපනුන්ට හැකිවිය. 

සකේ පානයේ විකාශය

සකේ නිෂ්පාදන සදහා භාවිතා කෙරෙන තාක්ෂණයද ජපානයටම ආවේණික තාක්ෂණයක් භාවිතා කරයි. සහල් සුදු පැහැ ගැන්වෙනතුරු කොටා පසුව හුමාලයෙන් තැම්බීමකට ලක්කෙරේ.ඒ සමහ තවත් කාර්යන් දෙකක් එකවර සිදු කෙරේ.එනම් සහල් සීනී බවට පත් කිරීම සහ ස්වාභාවික යීස්ට් ක්‍රියාවලියක් මගින් මත්පැන් ලෙස පෙර ගැනීම එම ක්‍රියාවලියයි.සකේ නිෂ්පාදනය ආරම්භ වන්නේ ජන්නතව දෙවියන් වන්දනා කල කාලයේදීය. එහි ප්‍රතිපලයක් ලෙස සකේ වලටද දේවත්වයක් අරෝපනයක් වී තිබේ.සකේ සම්බන්ද දෙවියන් යනු ගොවිතැනට හා අස්වනු නෙලීමට දා අධිපති දෙවියෝය.ජනතාව දෙවියන් හා සම්බන්ද කිරීමට සකේ උපකාරීවිය.එහි ප්‍රතිපලයක් වශයෙන් විවිද උත්සව අවස්ථාවාදී මෙන්ම මංගල්‍ය සහ අවමංගල්‍ය අවස්ථාවන්වලදී පවා සකේ පානයට වැදගත් ස්ථානයක් හිමිවිය.

සකේ පානය කරන අවස්ථා

සකේ පානය විවිද මාර්ග ඔස්සේ ජපානයේ සංස්කෘතිය හා බැදී ඇති අතර එය විවිද ආකාරයෙන් ජපනුන් හා සම්බන්දවේ.උදාහරණයක් ලෙස ෂින්ටෝ වන්දනාමාන ස්ථානවලට කමි(දෙවියන්) වන්දනාමාන කරනු ලැබීය. සැණකෙළි හා ආගමික උත්සවවල දී ඒවා කිසියම් දානමය ආකාරයෙන් පිළිවන අතර විනෝදාස්වාදය සදහා එකිනෙකා වෙත සකේ විසිකර ගත අතර, භුමිය මත විසුරුවා හරිනු ලැබීය. ඒ ප්‍රීතිය ප්‍රකාශ කිරීම, පවිත්‍රත්වය හෝ දෙවියන් සතුටු කිරීම ආදී කරුණු සදහායි. අලුත් අවුරුදු සමයේදී, බෝනික්කන්ගේ සැණකෙළියේ දී සහ වෙනත් විශේෂ අවස්ථාවන්හි දී දෙවියන් පිළිගැනීම සදහා සකේ පිලිගන්වුණු අතර පසුව ආහාර සමග ඒවා පානය කෙරිණි. විශාල ව්‍යාපාර කටයුත්තක් ආරම්භයේ හෝ ගිවිස ගැනීමකදී සකේ පානයට විශේෂිත වූ කෝප්පයක් යොදා ගනු ලැබේ.

මනාලයාහා මනාලිය හුවමාරු කර ගන්නා සන්-සන්-කුඩෝ බීම උගුරු 3ක්,කෝප්ප 3ක් ඊට හොදම උදාහරණයයි.එම අවස්ථාවේදී මනාලයා හා මනාලිය එකම භාජනයකින් සකේ පානය කරමින් ඉදිරි අනාගතයේදී පැන නැගිය හැකි ඕනෑම ගැටළුවක් සමව බෙදා ගැනීමේ කැමැත්ත ප්‍රකශ කරති.

එක් ඍතුවක් අවසන් වී තවත් ඍතුවක ආරම්භය සනිටුහන් කිරීමටද සකේ පානය යොදා ගනී.වසන්ත කාලයේ මලින් බර වූ චෙරි ගස් යටට වී සකේ පානය කිරීමට ජපනුන් අමතක නොකරයි.

සකේ බෝතලය

සකේ, ලෝකයේ වෙනත් අංශයන්ගෙන් ද පොහොසත්ය.විවිද මෝස්‌තරයෙන් යුත් කෝප්ප සහ බෝතල් හා ඇසුරුම් නිර්මාණයටද එය පිටිවහලක් වී තිබේ. සුදු පැහැති බෝතල් දෙවියන් සදහා වන්නා වූ පුජනීයත්වයක් පිළිබිබූ කරයි. එය පිරිසිදු හා ශුද්ධ වූ ස්වභාවයක් උසුලයි.එහි ඊටම වෙනික වූ ලක්ෂණද පවතී.රතු සහ කළු පැහැති බෝතල් තරමක වෙනස් සුවරූඋපයක් ගනී.රන් හා රීදී පහන් සරසන ලද බෝතල්වල සකේ රසය වෙනස්ය.මංගල සාද වැනි උත්සව වඩාත් විශේෂත්වත් කිරීමට ඒවා භාවිතා කෙරේ.

ජපානයේ ළමයෙකු වැඩිහිටියෙකු ලෙස පිළිගනු ලැබෙන්නේ 20වැනි උපන් දිනයේදීය. මත්පැන් පානය කල හැකි නිත්‍යානුකුල වයස් සීමාවද එයයි. වැඩිහිටියෙකු වීමේ ප්‍රීතිය සැමරීමට ද ඔමිකී(o-miki) සකේ පානය කරති.

ජපාන් ජනතාවට සකේ මධ්‍යසාර පානයක්ම ම පමණක් නොවන බව මින් පැහැදිලි වෙයි. එය ඔවුන්ගේ සංස්කෘතියේ හා සිරිහ්විරිත්වල වැදගත් ස්ථානයක් දා උසුලන්නාකි.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views