Culture

ජපන් වැසිදින!

  • このエントリーをはてなブックマークに追加

වැස්ස කියුවිට ලංකාවේනම් වැසි හැදින්වීමට භාවිතා කරන්නේ ඉතා සුලබ නම් කිහිපයකි. එහෙත් ජපනයේනම් වැස්ස හැදින්වීමට ‌‍ඍතු අනුව වෙන් වෙන් වූ වචන භාවිතා කරයි.අතීතයේ ජපන් ජාතිකයන් වැස්සට කැමැත්තක් දැක් වූ බවක් හැගේ. 

එහෙත් මෙහිදී මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ජපන් වැසි දිනක අත්දැකීම්ය.ජපන් වැසි දින සහ ලංකාවේ වැසි දින පිලිබදව මා ලද අත්දැකීම් හමුවේ කතා කිරීමට බලාපොරොත්තු වේ. ජපන් වැසි දින ඇත්තෙන්ම තරමක් අපහසු දිනයක් මෙන්ම සියලු දේ පහසු ලෙස පෙර සුදානම් කර  දවස ඇරබිය හැකි දිනයක් ලෙස කිවහොත්  මා නිවැරදිය. 

ජපන් කාලගුණ අනාවැකි

ජපානයේ වැසි දිනක් නම් කාලගුණ අනාවැකි මගින් නිවැරදිව පෙර දින දැන ගත හැකි වීම සුවිශේෂී දෙයකි. උදාහරණයක් ලෙස උදේ 7 වහිනවා කිවහොත් අනිවාර්යයෙන්ම ඒ වෙලාවට වැස්ස බලාපොරොත්තු විය හැකිය. එමහගින් ලැබෙන වාසියනම් පෙර සුදනමයි.උදාහරණයක් ලෙස රෙදි සෝදා වේලා ගැනීමට හැකියාව ලැබීම ජපන් ජීවිතයේ කර්බහුලත්වය සමග ඉතා වැදගත් දෙයකි. ඒ හා සැසදීමේදී ලංකාවෙනම් එසේ වන්නේ නැත. කාලගුණ අනාවැකි පිලිබදව ලාංකිකයන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේද එහි ඇති අසත්‍යතාවය නිසාම විය හැකිය. එහෙත් ජපනයයේදීනම් නිතරම කාලගුණ අනාවැකි බැලීමට විදේශිකයන් වුවද පෙළබී සිටියි. ජපන් ජාතිකයන්ගේ කලට වෙලාවට වඩා කිරීමෙහි එක් අංගයක ප්‍රතිපලයක් ලෙස මෙය දැක්විය හැකිය.

විදේශිකයන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතා

එහෙත් වැසි දිනයන්හිදී ජපානයේදී මුහුණ දීමට සිදු වන අමිහිරි අත්දැකීම් නැතුවාම නොවේ. ජපානයේ බොහෝ දෙන පා පැදි භාවිතා කරන නිසා ම පොදු ප්‍රවාහන සේවා භාවිතය ලංකාවට සාපේක්ෂව එතරම් බහුල නොවේ. එම හේතුව නිසාම බස්රථ සේවාවනම් ලංකාව මෙන් කාර්යක්ෂම නොවේ යැයි මගේ හැගීමයි.එහෙත් දුම්රිය සේවාව ඇත්තෙන්ම කාර්යක්ෂමය. එසේ වුවත් විදේශිකයන් වන අප බොහෝ විට පාපැදිය භාවිත කරයි. එහි ප්‍රතිපලයක් ලෙස වැසි දිනක වුවද භාවිතා කිරීමට සිදු වන්නේ පාපැදියයි.ජපන් ජාතිකයන්ටනම් ඇත්තෙන්ම මෙය සාමාන්‍ය දෙයක් වුවත් අපහටනම් වැහි කබා දමාගෙන පාපැදියෙන් ගමන් කිරීම ඇත්තෙන්ම අපහසුය. ලංකාවේනම් වැසිදිනයකදී බොහෝ විට ත්‍රීවීල් වැනි පහසු ගමනාගමන මාර්ග තිබුනත් ජපනදීනම් එවැනි පහසු ගමන් මාර්ග විදේශිකයන් වන අපට සිතීමටවත් නොහැකිය.

වැසි දින ජපන් ළමුන්

මෙහිදී කිව යුතු අනෙක් දෙයනම් ජපනයේ කුඩා ළමුන් පවා පාසල වෙත ගමන් කරන්නේ පාගමනින් හෝ පාපැදියෙනි.ලංකාවෙනම් වැසි දිනක් වූ විට බොහෝ මව්වරුන් දරුවන් පාසලට එවීමට අකමැත්තක් දක්වයි.එයට හේතුව වන්නේ වැස්සට තෙමි අසනීප වේයැයි ඇති බිය ලෙස මට හැගෙයි.එහෙත් ජපන්යෙදිනම් එසේ දක්නට නොලැබේ.වැසි දිනකට වුවද දරුවා හුරු කිරීමට ඔවුන් මැලි වන්නේ නැත.කුමන වැසි දිනයක් වුවද ඔවුන්ගේ සාමන්‍ය ගමන් මාර්ගයේම ගමන් කිරීමට ජපන් දරුවන් හුරු වී සිටියි. එමෙන්ම වැසි කාලයේදී බොහෝ කඩසාප්පුවල පහසුවෙන් මිලදී ගත හැකි ලෙස කුඩ සහ වැහි කබා ප්‍රදර්ශනය කර තිබේ. 
ජපානයේ වැසි කලයේදිනම් ලංකාවේ වැසි කාලය තරම් බිය විය යුතු නැත. ලංකාවේ වැසි දිනයක්නම් අකුණු ගැසීම් වැනි ස්වාභවික විපත් බහුලව වාර්තා වන අතර ජපනයේදිනම්  එසේ නොවෙන තරම්ය.ලංකාවේ බොහෝ නිවෙස්වල ගිගුරුම් සහිත වැසිදිනයක්නම් බොහෝ විට ආරක්ෂක හේතුන් මත විදුලි මාර්ග විසන්ධි කිරීම සිදුවේ.එහෙත් ජපානයේදීනම් විදුලිය නොමැති වීම් හෝ විදුලි මාර්ග විසන්ධි කිරීමක් තමන් විසින් හෝ බාහිරව හෝ සිදුවන්නේ නැත. සිදු වුවහොත් එය අත්තෙන්ම අහබු සිදු වීමකි. 
 මෙහිදී ශ්‍රී ලාංකිකයන් ලෙස අපහට ගත හැකි ආදර්ශය නම් ජපන් ජාතිකයන් කුමන බාදාවකදී වුවද ඔවුන්ගේ එදිනදා වැඩ කටයුතු අතපසු කර ගැනීමක් හෝ ප්‍රමාද කර ගැනීමක් සිදුකර නොගන්නා බවය.
  
  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views