Culture

වසර දෙකක් තුල මා දුටු ජපානය!

  • このエントリーをはてなブックマークに追加

වසර දෙකක් තුල මා දුටු ජපානය!

2014 ඔක්තෝබර් මස 24 වන දින මා ජපානයේ කුමාමොතෝ නගරයේ සොජෝ විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා අංශයට ඇතුලත් වී වසර 2ක පමණ කාලක් තුල ගත කල  ජපන් ජීවිතයෙන්  ලබාගත් අත්දැකීම් වලින් බිදක්…

ජපන් භාෂාව හා පාසල් ජීවිතය

ශ්‍රී ලංකිකයෝ විදියට බොහෝ විට අපි  භාවිතා කරන්නේ සිංහල භාෂාවයි. එය ජපන් භාෂාව ඉගෙන ගැනීමට ලැබෙන අත්වැලක් ලෙස ශ්‍රී ලාංකීකයෙක් ලෙස මට හොදින් වැටහුන බව නොපැකිලව කිව යුතුය. එයට හේතුව වන්නේ සිංහල වියාකරණ හා සිංහල භාෂාව හසුරුවන ආකාරයට, සමාන ආකාරයකින් ජපන් භාෂාව හැසිරවීමට හැකි වීමයි. ජපානයට යාමට පෙර මෙහිදී  ලබාගත් ජපන් දැනුමත් ජපන් භාෂාව ඉගෙන ගැනීමට ඇති ආශාවත් නිසාම ජපන් භාෂාව ඉතා කෙටි කාලයකදී මතකයේ රදවා ගනිමට හැකි විය.

ජපන්  භාෂාව හොදින් හැසිරවීමට හුරු වීම ජපන් ජීවිතය පහසු කරන වැදගත්ම සාධකයක් බව කිව යුතුය. එයට හේතුව වන්නේ ජපානෙයේ සියලුම දේ සදහා ඔවුන් යොදා ගන්නේ ජපන් භාෂාවයි. උදාහරණයක් ලෙස හදිසි අවස්ථාවක රෝහල්  ගතවූ විටකදී වුවද බාවිතා කිරීමට සිදුවන්නේ ජපන් භාෂාවයි. මෙවැනි අවස්ථා රැසක අත්දැකීම් හවුවේ ජපන් භාෂාව ඉගෙන ගැනිමට මා සතුව තිබු උනන්දුව හා වුවමනාව තව තවත් වැඩි විය. මා ඉගෙනගත් පාසලේ ශ්‍රී ලංකිකයෙක් ලෙස සිටියේ මා පමණකි. අනෙකුත් ශිෂ්‍යයන් සියල්ලන් සමග මා හට  කතා කිරීමට සිදු වුයේ ජපන් භාෂාව පමණි. එහි ප්‍රථිපලයක් ලෙස කෙටිකලකින් ජපන් භාෂාව පහසුවෙන් හැසිරවීමට හැකියාක් මට ලැබුණි.

ජපානයේ ගත කල කාලයේ වඩාත්ම අද්දැකීම් බහුල කාලය ජපන් පාසල් ජීවිතය බව නොපැකිලිව කිව යුතුය.ඇත්තෙන්ම එහි ඇති විශේෂත්වයක් ලෙස විවිධ ජාතින් හා මිතුරු වීමටත් ඔවුන් ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමටත් හැකියාව ලැබීම ඉතා වටිනා අවස්ථාවක් ලෙස මා දකී. ජපන් ජාතික ගුරුවරුන් හරහා ජපන් භාෂාව ඉගෙන ගැනීමට ලැබිමද මෙහිදී ලැබෙන මහගු අවස්ථාවක් ලෙස කිව යුතුය. පාසල් කාලය තුල ලැබෙන ජපන් භාෂා දැනුම පමණක් නොව ජපන් සංස්කෘතිය පිළිබද දැනුමද ඉතා වැදගත්වේ.

ජපන් ජාතිකයින්

ජපන් ජාතිකයින් කියූ විට සිහියට නැගෙන්නේ ඔවුන් සතු කඩිසරකම,නීති ගරුක බව හා ගුණ ගරුක බවය.ජපන්  ජාතිකයන් නිතරම අචාරශිලිය. ඔවුන් හා සංවාදයේ යෙදෙන විට ජපන් ආචාර විදි නිවරැදිව බාවිතා කිරිම වැදගත් බව කිව යුතුය.ජපන් ජාතියකයන් ඉතා කුඩා දෙයක් වූවද අගය කිරීමට සමත්ය. එය ඔවුන්ගෙන් අප වූවද ලබාගත යුතු වැදගත් ගුණධර්මයක් වේ. ජපන් ජතිකයන්ගේන් ගත යුතු අනෙකුත් වැදගත් දෙයනම් ඔවුන් සතු කාල කළමනාකරණයයි. ජපන් ජාතිකයන් වෙලාවට වැඩකිරීමට සමත්ය. ශ්‍රී ලාංකිකයන් ලෙස නොසලකා හරින දෙයක් වන කාල කළමනාකරණය අප ඔවුන්ගේන් ලබා ගත යුතු අනෙක් වැදගත් දෙය වේ.යමක් දක්ෂ ලෙස කිරීමේ හැකියාව ඔවුන්ට වඩා අපට තිබුණද උනන්දුව හා කැපවීම තුලින් ඔවුන් සැමවිටම අපට වඩා ඉදිරියෙන් සිටින බව මට හැගුන තවත් දෙයකි.

ජපන් ජාතිකයන් සතු ඉවසිලිමත් බව සහ මනා සංයමයකින් කටයුතු කිරිම හේතුවෙන් අනතුරු අවම වූ අතරම ඔවුන්ගේ ඇදුමේ සිට සියලු දෙයෙහි ක්රමානුකුල බවක් දක්නට ලැබීමද විශේෂ ලක්ෂණයකි.

ජපන් ආහාර

ජපන් ආහාර ඇත්තෙන්ම අලංකාරවත්ය. ජපන් ආහාර කෑමට පණක් නොව ඇස් පිනවීමටද සමත්ය.ජපන් ජාතිකයන් හා ආහාර ලබා ගැනීමේදී සැලකිය යුතු කරුණු බොහෝ ඇත. උදාහරණයක් ලෙස chop stick භාවිතා කිරීමේදී දැන ගත යුතු කරුණු, ආහාර ලබා ගැනීමේදී භාවිතා කරන භාජන භාවිතා කරන ආකාරය යන කරුණු දැන ගැනීම වැදගත්වේ. ඇත්තෙන්ම ජපන් ජාතිකයන් ආහාර ලබා ගැනීමේදී මනා  සංයමයකින් යුක්ත වේ. ජපන් ආහාර බොහෝ විට සෞඛ්‍යයට හිතකර ආකාරයට සැකසේ.ජපානයේ සාම්ප්‍රදායික ආහාර වේල බත්, මිසො සුප්, සහ සෘතුමය සංයෝජනයවලට මුල් තැනක් දෙමින් සකස් කර ගත් වැංජන දීසිවලින් යුක්ත වෙයි. ඊට අමතරව දීසි බොහෝවිට මළු, අච්චාරු දැමු එළවලු හා පිසු එළවලු වලින් සමන්විත වේ.අතර  අමුමාළු(sashimi) සහ සුෂී වලට හිමිවන්නේ ද ප්‍රධාන තැනකි. මුහුදු ආහාර හා එළවලු වර්ග බොහෝවිට “තෙම්පුරා” එනම් මෘදු පිටි තවරුමකින් යුක්තව තෙලේ බැදීමෙන් ද ආහාර වේලට එක් කර ගනී.

බත් හැරුණු විට සොබා සහ උදොන් (noodles) වර්ගද ආහාරයට එක් කර ගැනේ. එමෙන්ම බටහිර ආහාර වර්ගද ජපානයේ බොහෝ සෙයින් දැක ගත හැකි වෙයි. ඒ අතර යකිනිකු(Japanese BBQ)වලට හිමිවන්නේද ප්‍රධාන තැනකි.යකිනිකු ඉතා රසවත්  මස්, මළු හා එළවලු පුළුස්සා ආහාරයට ගන්නා ආහාරයකි. මෙය තරුණ තරුණියන් අතර වඩාත් ජනප්‍රිය ආහාරක් ලෙසද මට හැගුණි.එපමණක් නොව සුකියකි ආදී ජපන් ආහාරයන්ද ජපානයේ වඩාත් ජනප්‍රිය ආහාර ලෙස හැදින්විය හැක.

ජපන් නිවාස

ජපානයේ සෑම නිවසකම වගේ දක්නට ලැබෙන පොදු ලක්ෂනයක්නම්, නිවසට ඇතුල්වන ස්ථානය. එහිදී ඕනෑම කෙනෙකු තම පාවහන් ගලවා පිළිවෙලකට තැබිය යුතුය.ඉන්පසු නිවස ඇතුලත පළදින පාවහන් පැළද එම නිවෙසට ඇතුළු විය යුතුය.ජපන් නිවසක තවත් එක් ප්‍රධාන අංගයක්නම් ජපන් තතමි කාමරයයි. එය බොහෝ විට සෑම නිවෙසකම දක්නට ලැබෙන ස්ථානයක් වේ. එය බොහෝ විට ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර කිරීමට භාවිතා කරන බවක් මට දැනුනි.

ජපානයේ බොහෝ විට සාමාන්‍ය ජනයා ජීවත් වන්නේ තට්ටු නිවාස වලය.විශේෂයෙන් ටෝකියෝ වැනි කාර්යබහුල නගර වල එය සුලබ දසුනකි.එහෙත් කුමමොතෝ වැනි නගර වල බොහෝ විට තනි නිවාස වල ජීවත් වෙන අයද බහුලව සිටියි.

ජපන් අධ්‍යාපනය

ජපානයේ මා ගත කල කාලය තුල දක්නට ලැබුන තවත් දෙයක්නම් ඔවුන් කුඩා කලසිටම හුරු කරන්නේ දෙයක්ම තනිවම කරගැනීමටයි. උදාහරණයක් ලෙස පාසල් යන කුඩා ළමුන් වූවද පාසැල වෙත ගමන් කරන්නේ තනිවමය.එම රටාව තුල තරගකාරී බවකින් තොරව පාසල් අධ්‍යාපනය ලැබීමටද ඔවුන්ට අවස්ථාව ලැබීමද විශේෂ ලක්ෂණයකි. වැඩිහිටියන් ලෙස ලෝකය දැකීමට අරම්භ කිරිමීදීද ජපන් දරුවන් තනිව ජීවත් විමට හුරු කිරීම එම සංස්කෘතියේ දක්නට ලැබෙන අනෙක් විශේෂ ලක්ෂණයකි. සුළු රැකියා කරමින් මුදල් සොයමින් ජීවත් වීමෙන් මුදලේ වටිනාකම ඔවුන්ට ලබා දීමට දෙමාපියන් එහිදී ඉඩ ලබාදෙයි.අනෙක් අතට ජපන් අධ්‍යාපන ක්‍රමය තුල ” අධ්‍යාත්මික ගුණය” එක විෂයක් ලෙස ප්‍රථමික පාසලේ සිට උගන්වනු ලැබේ. එමගින් මිනිසෙකු කලයුතු දේ, නොකළ යුතු දේ උගන්වනු ලැබේ. එමෙන්ම කමන ප්‍රශ්නයක දී වූවද බාදා මැඩ ගනිමින් ඉදිරියට යා යුතු අයුරු මෙහිදී උගන්වනු ලැබේ. ඇත්ත වශයෙන්ම ස්වභාවික පරිසරයෙන් සිදුවන විනාශකාරී බලපෑම් බහුල රටක් වන ජපානය කුමන ප්‍රශ්නයක දී වූවද ප්‍රශ්න අභිබවා ජීවිතය ජය ගැනීමට දක්ෂ වුයේ ළමා කාලයේ සිටම මේ අධ්‍යාත්මික ගුණ වගාව ඔවුන්ගේ සිත් පෝෂණය කරන නිසාය යන්න මගේ හැගීමයි.

අනෙක් අතට ඔවුන්ගේ භාෂාවට ඔවුන් විසින් ලබා දෙන ප්‍රමුඛස්ථානය මෙහිදී මා දුටු තවත් සුවිශේෂී දෙයක් ලෙස කිව යුතුය. ප්‍රථමික අධ්‍යාපනයේ සිට උසස් අධාපනය පමණක් නොව රැකියවකදී වූවද ඔවුන් භාවිත කරන්නේ ඔවුන්ගේ මව් භාෂාවයි. මෙහිදී ඔවුන්ගෙන් ලබා ගත යුතු දෙයනම් පළමුව තමන්ගේ දේ අගය කිරීමට පෙලබවීම බව කිව යුතුය.

වසන්ත කාලය

ජපානයේ සෘතුවලට හිමිවන්නේ විශේෂ තැනකි. වසන්ත, ග්‍රීෂ්ම, සරත්, සහ සීත (haru, natsu, aki & fuyu) යනු සෘතුන් සතර වේ.මෙහිදී සැම  සෘතුවකටම අවේණික වූ විවිධාකාර වූ උත්සව රාශියක් දැකබලා ගත හැකිය.ඒ අතරින් වඩාත් ජනප්‍රිය කාලය වනුයේ වසන්ත කාලයයි. වසන්තයේ සකුරා මල්, මලින් බර වෙයි.මාර්තු මස මුල්දින කිහිපයේ මලින් විකසිත වන සකුර මල් මැයිමස අවසානය දක්වා දක්නට ලැබේ. ඒ කාලය ජපන් ජාතිකයන් සකුරා ගස් යටට වී විනෝදයෙන් කාලය  ගත කරන ආකාරය දක්නට ලැබෙයි. මෙම කාලය හනමි ලෙස හදුන්වනු ලබයි.

 

ජාපනයේදී ලද අත්දැකීම් ජීවිතය ජයග්‍රහණය කිරීමට මහත්වූ අත්වැසිල්ලක් සපයන බව ඇත්තෙන්ම කිවයුතුය.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views