Culture

සැබෑ වූ ජපන් සිහිනය​

  • このエントリーをはてなブックマークに追加

ජපානයට ගියේ කොහොමද

මා ජපන් බස ඉගෙනීම ආරම්භ කලේ 9වන වසරේදීය​. සැබවින්ම එය ඉතා රසවත් හා හරවත් භාෂාවක් වූ අතර ඉගෙනීමේ ආශාව දිනෙන් දින වර්ධනය වූයේ මා නොදැනුවත්මය​. මුල් කාලයේදී ජපන් යා යුතු යැයි නොසිතුන ද ජපන් කථික තරගාවලියකට සහභාගී වී බැලීමි. එය සැබවින්ම අභියෝගාත්මක වූ බැවින් මා හට පරාජය බාර ගැනීමට සිදු විය​. මෙලෙස එකම තරගයට වසර 3ක් අයදුම් කලද ජයග්‍රහනය කිරීමට තරම් මා වාසනාවන්ත නොවීය​.  උත්සාහය අත් නොහරිමින් 4වන වරටත් එකම තරගයට සහභාගී වූ මා වාසනාවකට මෙන් එම තරගයෙන් ජයග්‍රහනය ලබා ගත් අතර සති දෙකක ජපන් සංචාරයක් හිමි වූයේ නොසිතූ ආකාරයටය​.රටවල් 64ක් නියෝජනය කරමින් සිසුන් පැමින සිටි අතර ලංකාව නියෝජනය කරමින් මා ජපානයට ගොඩබැස්සේ ඉමහත් අභිමානයෙනි. මෙතෙක් කල් සිතින් මවාගෙන සිටි ජපානය නොව මා දැන් සිටින්නේ සැබෑ ජපානයේ‍ය​. බැලූ බැලු අත වර්ණවත් කඩ සල් පිල් ය​, රසවත් අාහාර දුටු පමනින් කුස පිරේ.

 

 

ජපානයේදී ලද අත්දැකීම්

එකිනෙකාට ආචාර කර ගනිමින් යන්නා වූ ජපන්නුන් දුටු විට අැති වන්නේ සැබවින්ම ප්‍රීතියකි. ලංකාව හා ජපානය අතර සැබෑ වෙනසක් මා හට දැනුනි. මා වෙනත් ලොවක අතරමං වූවාක් වැනිය​.ජපානයෙහි ගත කල පලමු රාත්‍ර්‍රිය සැබවින්ම විනෝදජනක විය​. ලාඔස​, මියන්මාර්,ගෝතමාලා වැනි රටවල් වලින් පැමිනි සිසුන් සමග මිත්‍ර වීමටත් , නව අත්දැකීම් ලබා ගැනීමටත් හැකි විය​. එහිදී කිමෝනා , යුකතා හැද බැලීම​, ජපන් අක්‍ෂර කලාව හැදෑරීම , ඉකෙබනා නැමැති ජපන් මල් සැරසීමේ කලාව වැනි දෑ සිඇසින් අත්දැකීමට හැකි විය​.එමෙන්ම කැරොකේ නම් ජපානය ඉතාමත් ප්‍රසිද්ධ සින්දු කීමේ කලාවද අත්හදා බැලීමි.සැබවින්ම මේවා ජපන් සංස්කෘතිය මැනවින් විදහා පාන අංගයන් වේ.

ජපානයේ නගර සංචාරය​

අපගේ සංචාරයේ සැලැමට අනුව ජපානයේ ප්‍රසිද්ධ නගරයක් වන kyotoනගරයේ සංචාරය කිරීමට ද අවස්ථාවක් හිමි විය​. එහිදී හිරොෂිම නාගසකි පෙදෙස් හි සංචාරය කිරීමට අවස්ථාව උදා විය​. දෙවන ලෝක යුද්ධයේදී ජපනුන්ට මුහුන දීමට සිදු වූ එම අමිහිරි අත්දැකීමේ සුන් බුන් තවමත් එහි ශේෂව ඇත​. එමෙන්ම එහි අතුරු විපාකවලට තවමත් ඔවුනට මුහුන දීමට සිදුව ඇත​.

හිරෝ‍ෂිම ෙකෟතුකාගාරයෙහි බෝම්බය හෙලන අවස්ථාවේ වේලාව සටහන් වූ ඔරලෝසුවක් නටබුන් වශයෙන් තවමත් ශේෂව පැවතීමද විශ්මයට කරුනකි. මෙම සිදු වීමෙන් අනතුරුව නගසාකි ගොඩනැගිල්ල සම්පූර්නයෙන්ම ඉවත් කර දැමීමට එකල උත්සාහ කලද​, එම ප්‍රදේශයේ ජපන් වැසියන් එයට විරුද්ධ වී ඇති බැවින් දෙවන ලෝක යුද්ධයේ නොමැකෙනා මතක සටහනක් ලෙස එය ඉතිරිව අැත​. ෙකෟතුකාගාරය නැරඹීමේදී මාගේ දෑසට කදුලක් ඉනුවේ නිරායාසයෙනි. මන් ද යත් එම බෝම්බ ප්‍රහාරයට ලක්ව දිවි පිදූ 7වයසැති කුඩා පිරිමි දරුවෙකුගේ පාසල් නිල ඇදුමක් හා සපත්තු යුගලයක් ප්‍රදර්ශනයට තබා තිබුනි.

OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA

එවැනි අදුරු යුගයක් යලිත් ජපානයට හෝ ලංකාවට නොඒවා යන්න මාගේ පැතුමයි.

තවද​, ඕඕසකා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ මාලිගයක් වන ඕසකජෝ නැරඹීමට ද ඉඩ කඩ සැලසුනි. එය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මාලිගයකි. ජපානයේ ඉතිහාසය මැනවින් විද්‍යාමාන කරවන්නකි. එහිදී නින්ජා වරුන්ගේ සටන් ක්‍රම​, එම ඇදුම් අාඉත්තම්, රනින් නිම කරන ලද මකර පිලිරුව , හාත් පස පැතිර ගිය ස්වභාවික පරිසරය සංචාරක රුචිය නිතැතින්ම වර්ධනය කරයි. එමෙන්ම එය නැරඹීමට එනජපන්චාරකයන් තුල මා දැක්කේ මනා සංයමයක් හා ආචාර්ශීලි බවකි.  

ජපන් නිවසක අසිරිය​

මාගේ සංචාරය තව තවත් රසවත් කරමින් මා හට ජපන් නිවසක නැවතීමට අවස්ථාවක් උදා විය​. එහිදී ජපානයේ සාම්ප්‍රදායික නිවසක අංගයන් දැක ගැනීමට හැකි විය​. තොකොනොමා , කකෙජිකු, ෆුතොන්, සබුතොන් ආදිය ජපානයේ සෑම නිවසකම පාහේ දැක ගත හැකි අංගයන් වේ. එම නිවසේ අයිතිකාරිය මම යුකා මහත්මිය ලෙස හැදින්වීමට කැමතිය​. යුකා මහත්මිය සමග ජපන් අාහාරයක් සැදීමට මට අවස්ථාවක් උදා විය​. අප තකොයකි නම් ජපන් ආහාරය සාදා බැලුවා. එය සැබවින්ම රසවත් වූ අතර මා ජපන් ආහාරයක් සෑදූ ප්‍රථම අවස්ථාවද විය​.එපමනක් නොව ජපනුන්ගේ තේ සැදීමේ කලාවද අත්හදා බැලීය​. ඔවුන් එය කරනුයේ මනා සංයමයකිනි. පුදුමයට කරුන නම් ජපානයේ සාම්ප්‍රදායික නිවෙස් හි හිද ගැනීමට පුටු නැන​. නුපුරුදු අපට තරමක් අපහසු වූවත් දෙදන නමා හිදගැනීමේ කලාවක් ඔවුන් සතුව තවමත් පවතී. පුදුමයට කරුන නම් ජපානයේ සාම්ප්‍රදායික නිවෙස් හි හිද ගැනීමට පුටු නැන​. නුපුරුදු අපට තරමක් අපහසු වූවත් දෙදන නමා හිදගැනීමේ කලාවක් ඔවුන් සතුව තවමත් පවතී.

මා පුදුමයට පත් කෙරූ තවත් කරුනක් නම්, ජපානයේ bathroom උපාංගයන්හි ඇති නවීනත්වයයි. ජපන් තාක්‍ෂනයේ අද්විතීයත්වයත්, ජපනුන් හපනුන් බවත් මැනවින් දක්වාලයි. පෙර පුහුනුවක් නොමැතිව ඒවා භාවිත කිරීමටද නොහැක​. සැබවින්ම විශ්මයජනක අත්දැකීමක් විය​.

එමෙන්ම ජපන් නිවෙස් එතරම් විශාල නොවන අතර​, ඉඩමක් මිලදී ගෙන තමන් ගේ කියා නිවෙසක් සාදා ගැනීමට අති විශාල මුදලක් වැය වේ. ජපන් ජාතිකයන් බහුතරයක් මන්ශොන් හො apartmentහි කුලියට වාසය කරයි.එය අනිත්‍ය මෙනෙහි කිරීමක් ලෙස මට සිතේ. මන්ද යත් ස්වභාවික ව්‍යසනයන් ගෙන් නිවෙස විනාශ වූවද තමන් ගේ නිවෙසක් නොවන නිසා එතරම් දුකක් නැත​. තවද මිය ගිය යන දිනයකදී වූවද තමාගේ දේපල පිලිබඳව පසුතැවීමට සිදු නොවන බැවිනි.

ජපානයේ ආගමික සිද්ධස්ථාන

ජපන් සංචාරය තුල ජපානයේ දේවාල හා පන්සල් වලටද යාමට හැකි විය​. එහි දේවාල සියල්ලක්ම පාහේ තැඹිලි වර්නයෙන් යුක්තය​. ඉතා ප්‍රසිද්ධ kyoumizutera නම් පන්සලට ගියා. එහි විශේෂත්වය නම් දැවයෙන් නිර්මානය කර තිබීමයි.එහි දිය ඇලි 3ක් තිබෙන අතර එක් එක් දිය ඇලිවලින් නිරෝගීබව​, අධ්‍යාපනය​, පවුල් ජීවිතයේ සාර්ථකත්වය එම එක් එක් ඇලිවලින් වතුර පානය කර ප්‍රාර්ථනා කල හැක​.

OLYMPUS DIGITAL CAMERA

 

පන්සල අවට පරිසරයේද ඇත්තේ මහත් වූ නිස්කලංක බවකි. මියජිම නැමැති දේවාලය නැරඹීමට ද ගියෙමු. එයද හාස්කම් සහිත දේවස්ථානයක් විය​. එහි ඇති විශේෂත්වය නම් දේවාලයට පිවිසෙන ප්‍රධාන මකර තොරන සහිත ද්වාරය දහවල් කාලය වන විට ජලයෙන් යට වීමය​. මෙහි සිටින මුවන් මිනිසුන් සමග ඉතාමත් සමීපය​. මිනිසුන් සමීපයට විත් අතේ තිබෙන දේ කඩාගෙන කෑමට පවා මෙම මුවන් නිර්භීතවේ.සංචාරක ආකර්ශනයට එය හේතුවේ. මෙම දේවාලයට යාමට ඇත්තේ බෝට්ටුවකින් වීමද තවත් විශේෂත්වයකි. ඉන් අනතුරුව අප හට ජපන් සාම්ප්‍රදායික රාත්‍රි ආහාර වේලක රස බැලීමටද අවස්ථාවක් උදා විය​. එයද ඉතාමත් නවුම් වූ අත්දැකීමක් විය​. එය පහත ඡයාරූපයෙන් ඔබට පැහැදිලි වේ යයි සිතමි.චවන් නමැති කුඩා බදුන් වල කූරු දෙකක ආධාරයෙන් අහාර ගැනීම සැබවින්ම ආශ්වාදජනකය​.

මාගේ ජපන් සංචාරය අතර තුර ශින්කන්සෙන් සිංහල භාෂාවෙන් අධිවේගී දුම්‍ රියක ගමන් කිරීමට අවස්ථාවක් ලැබුනි. එය කෙතරම් වේගවත් ද පැවසුවහොත් ඇසිපිය ගසන නිමේශයකින් ගොස් හමාරය​.  එයද ඉතාමත් සොදුරු අත්දැකීමක් විය​.

එමෙන්ම කින්කකුජි හෙවත් ගෝල්ඩන් ටෙම්පල් නැරබීමටද ගියෙමු. එය තනිකරම රත්‍රං කොල වලින් පිටත ආවරනය කර ඇත​. එම පන්සලෙහි ඉපැරනි බොන්සායි ගසක් ද පිහිටා තිබේ.ජපානයේ වදයිගෝ නමින් බෙර වාදන කලාවක් ඇත. මෙය සමූහ වශයෙන් වාදනය කරන අතර මෙය වාදනය කල දවසට පසු දවසේ වර්‍ෂාව ලැබෙන බවට ජපන් ජාතිකයන් ගේ විශ්වාසයයි. එය සැබවින්ම අත් දැකීමට මට අවස්ථාවක් ලැබුනි.

  •  වෙනත් දේ
    තවද ජපානයේ හ්‍යාකු එන් ශොප් (ලංකාවේ නම් 100යේ බඩු කඩේ ) නම් ඉතා ලාබෙට බඩු ගැනීමට හැකි කඩ ද පවතී. සෑම භාන්ඩයකටම පාහේ බදු මුදලක් අය කරයි. එය විදේශිකයන්ට ද ජපන් ජාතිකයන්ට ද එක සමාන වීමද විශේෂත්වයකි.ඇතැම් ජපන් ජාතිකයන් තමා කැමති මන්ගා හෝ ඇනිමෙ චරිතයන්ට අදාලව සැරසී පාරේ ගමන් ගන්නා ආකාරය දුටු විට උපහාසාත්මක හැගීමක් ජනිත වූවත් එය ඔවුන්ගේ සම්ප්‍රදායේ එක් මුල් බැසගත් අංගයකි. මෙය ජපන් තරුණ තරුණියන් අතර පැවතීම ද එක් විශේෂත්වයකි.

මේ අයුරින් දෙසතියක් වැනි කෙටි කාලයක් තුල ජපානය පිලිබද අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට මා හට හැකි විය​. දුම්‍රියක​, බසයක , පාරක ඇවිද ගියත් අනෙකාට කරදරයක් නොවෙන ආකාරයෙන් ඉතාමත් විනීත ලෙසත් , ආචාරශීලි ලෙසත් කටයුතු කිරීම ජපන් ජාතිකයන්ගේ සැලකිය යුතු ගති ලක්‍ෂනයන් වේ.

මේ ආකාරයෙන් මාගේ සැබෑ වූ ජපන් සිහිනය කිසි දිනෙක අමතක නොවන අත්දැකීමක් වේ. ජපන් යාමට ආශාවෙන් සිටින ඔබට ද මෙවැනි අත්දැකීම් රැසක් කෙදිනක හෝ ලබාගැනීම ට හැකි වන අතර , takahashi japanese language center වෙත පැමින ඔබගේ ජපන් සිහිනය , සිහිනයක් නොව සැබෑවක් කර ගන්න​.

  • このエントリーをはてなブックマークに追加

ජපන් භාෂාව ඉගෙන ගනිමු....

ජපානයේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය අවස්ථා..


                 -ජපන් ජාතිකයෙකු හරහා සිදුවන විශ්වාසනීය සේවය-


 

                        ජපානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • ජපන් ප්‍රවීණතා විභාගය (JLPT N5 /NAT 5 )  සමත්වීම.

  • අ.පො.ස(සා/පෙළ) අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 25 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 30 අතර වීම.


අඩුම ගාස්තු යටතේ උසස් සේවාවක්!

අප ආයතනය මගින් තෝකියෝ, ඕසකා , නාගසාකි ඇතුළු ජපානයේ ප්‍රධාන නගර වල පාසල් සදහා සිසුන් යොමු ලැබේ.

ඇතුලත් වියයුතු පාසල් සිසුන්ගේ කැමැත්ත පරිදි තෝරාගත හැකිය.

 

වයස් භේදයක් නොමැතිව ජපන් භාෂාව ඉගෙන ගන්න..
1 . විදේශ ගත වීමට බලාපොරොත්තු වන අය සඳහා ජපන් භාෂා පාඨමාලා (තුන් මාසික පාඨමාලාව සඳහා අයකිරීම  රු.30.000)
2. අ.පො.ස.(සා/පෙළ)
3. අ.පො.ස.(සා/පෙළ)

4. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT/NAT - N5/N4)                                                        

තකහෂි ජපන් භාෂා අධ්‍යන ආයතනය මගින්, උසස් අධ්‍යාපනයට හෝ විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ජපන් භාෂාව හදාරන්නන්(JLPT N5 /  අ.පො.ස.(සා/පෙළ) ,අ.පො.ස.(සා/පෙළ)නවක සිසුන්) හට අවශ්‍ය මූලික ව්‍යාකරණමය දැනුම  අන්තර්ගත කෘතියක් හදුන්වා දී තිබේ. ව්‍යාකරණ රටාව පහසුවෙන් අවබෝධ වන පරිදි සරල නිදසුන් මගින් ඉදිරිපත් කර ඇත. එම නිදසුන්, ජපන් භාෂාවෙන් ද ජපන්උච්චාරණය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ආකාරයද එහි සිංහල තේරුම ද පැහැදිලි කර තිබේ. එමෙන්ම සෑම පාඩමක් ආරම්භයේදීම, පාඩම තුළ හමුවන අලුත් වචන එකතුව මගින් භාෂා දැනුම පුළුල් කරගත හැකිය.

 

                      තායිවානයේ උසස් අධ්‍යාපනය


අවම සුදුසුකම්

  • අ.පො.ස(සා/පෙළ) ,අ.පො.ස(උ/පෙළ) සමත්වීම.

  • ලක්ෂ 6 ක මුල්‍යමය තැන්පතුවක් ඉරිපත් කිරීමේ හැකියාව.

  • වයස අවු  18 - 40 අතර වීම.


( චීන භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන පවත්වන  අතර කළමණාකරණය, සංචාරක අධ්‍යයනය, භාෂා අධ්‍යයනය හා තාක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකිය.)

සියලු ගෙවීම් සහිතව පිටත් වීම ලක්ෂ 6 න් (පළමු වසර සඳහා පාසල් ගාස්තු ද ඇතුළත්ව)

 

 



Takahashi Japanese Language Centre

නො.51 , කාමෙල් පෙදෙස, කොළඹ 03

 විමසීම් - 077 886 2384

 මෙහෙයවීම 
 KEI TAKAHASHI

    

ඔබගේ පාසල තෝරා ගැනීමට!(click here)

Views