මොනවද මේ ඉකෙබනා කියන්නේ?
ජපානය කියන්නෙ විවිධ කලාවන්ගෙන් විචිත්‍රවත් වූ රටක්. ඒ අතරින් ජපන් මල් කලාවත් විශේෂ තැනක් ගන්නවා. අපේ නිවස, කාර්යාලය වගේම වටපිටාවත් මල් වලින් සරසන්න අපි බොහොම කැමතියි. ඒ වගේ මල් වර්ග, කොළ වර්ග, අතු වර්ග, අාදිය විවිධ රටාවන්ගෙන් යුතු බදුන්වල ක්‍රමානුකූලව සිටවීම තමයි මේ ඉකෙබනා කලාව කියන්නෙ. මේ සඳහා බහුලව යොමු වන්නේ කාන්තාවන්.
මල් හිටවන එකත් කලාවක් කියල ඔබ දැනගෙන හිටියද?
මෙම මල් කලාව ජපන් බසින් “ඉකෙබනා” 生け花 (Living Flowers) ලෙසින් හා කදෝ 華道 (Way of flowers) නමින් හදුන්වනවා. මෙහිදී තරමක් උස බදුන්වල හා පැතලි බදුන්, මල් සැකසීම සඳහා යොදා ගන්නවා. මේ කලාව ඉගැන්වීම සඳහාම වෙන්වූ පාසල් තිබෙන බව ඇසුවොත් ඔබ පුදුම වේවි. විශේෂයෙන්ම මෙලෙසින් මල් සැකසීම සඳහා අනුගමනය කරන නීති මාලාවක් තිබෙනවා. ඒවා සකසන්නෙත් විවිධ කෝණයන්ට අනුවයි. අවසානයට ඇති ඡායාරෑපය මගින් ඔබට ඒ බව පැහැදිලි වේවි. පිටතින් බැලුවම බොහොම සරල දෙයක් ලෙස පෙනුනත් ඇත්තෙන්ම මේ ආකාරයට මල් බදුනක් සැකසීම ලේසි නැහැ.
මනසට හොඳ විවේකයක් !
මෙවැනි කලාවක් පුහුණු වීම තුළින් කිර්යබහුල ජීවන රටාවකට සිර වී සිටින අපගේ මනස සැහැල්ලු කර ගැනීමට වගේම සිත විසිර යා නොදී එකම අරමුනක පවත්වා ගැනීමටත් නිරායාසයෙන්ම හැකි වනවා නොවේද..