Culture

ඔයාගේ චරිත ලක්ෂණය කොයි වගේද ….?? බලු පැටියෙක්ද… ?? පුස් පැටියෙක්ද???

  • このエントリーをはてなブックマークに追加

මොකද්ද මේ කියන්නේ ???

ඔයා කොහොම කෙනෙක්ද ? පැහැපත් කෙනෙක්ද ? තලෙළු කෙනෙක්ද ? මේක නේද මුලින්ම හිතට ආවේ ?? ඒත් මන් නම් කියන්න යන්නේ ඔයාගේ පැහැපත්කම , තලෙලුකම ගැනනම් නෙවේ . එහෙනම් …… ජපානයේ විදියට ඔයාගේ ගතිගුණ අනුව ඔයා පුසෙකුගේ ගතිගුණ ද ??? බල්ලෙකුගේ ගතිගුණ තියන කෙනෙක්ද ?? බලාගන්න කැමතිද ???

 

     

බලමුද ඔයාගේ ගතිගුණත්…. ?

ඔයත් තමගේ ස්වාමියාට අවනත කෙනෙක්ද , ස්වාමි භක්තිය තියන කෙනෙක්ද ? ගොඩක් හිතනවද  අනිත් අය ගැන … ස්වාමියට ලැදි කෙනෙක්ද … ,  මිත්‍රශීලි කෙනෙක්ද ?  එහෙනම් ඔයා අනිවාර්යෙන්ම  බල්ලෙකුගේ ගතිගුණ වලට සමාන කෙනෙක් …. වාසියට විතරක් අනිත් අය ගැන , තම ආදරණීයන් ගැන හිතන කෙනෙක් නෙවේ ඔයා ….

තමන් ආදරය කරන අය , කරදරයට පත් වුණ අවස්ථාවේදීත්  ඔවුන්ට සහය වන කෙනෙක් තමයි  බල්ලා කියන්නේ . සතුටේදී වගේම දුකේදීත්  තමන්ගේ ස්වාමියා ලගින් ඉදල , එයාව අත හරින්නේ  නැති කෙනෙක්  තමයි  මේ ගතිගුණ තියෙන්නේ …. එහෙනම් ඔයත්  බල්ලෙකුගේ ගතිගුණ තියන කෙනෙක් ….

 

        

 

ඔබත් පූසෙකුගේ චරිත ලක්ෂණ ඇත්තෙක්ද ?

පුස කියන්නේ මොන වගේ සතෙක්ද කියල අපි හැමෝම දන්නවනේ . ඉතින් ,  බල්ල එක්ක ගත්තම නම් පුසා කියන්නේ ගොඩක් වෙනස් සතෙක් . ඉතින් පුසා ගැන කියනවා නම් එයා ආත්මාර්ථකාමී කෙනෙක් කියල කියන්න පුළුවන් . තමන්ගේ වාසියට තමා ස්වාමියා එක්ක වුණත් ඇසුරු කරන්නේ .  ඔබත් එහෙමද ? ඔබම හිතල බලන්න ඔබේ චරිතය කොයි වගේද කියල ???

 

      

ඔයා කොයි වර්ගෙටද අයිති…???

ඔයා ආත්මාර්ථකාමී කෙනෙක්ද ? පරාර්ථකාමී කෙනෙක්ද ? වාසියට විතරක් වැඩ කරන කෙනෙක්ද ? නැත්නම් දුකේදීත් තමන්ගේ ස්වාමියා එක්ක ඉන්න කෙනෙක්ද ?  තීරණේ කරන්න ඔයාටම බාරයි .

 

 

 

 

 

 

  • このエントリーをはてなブックマークに追加

Views