පහසුවෙන් ජපන් ඉගෙන ගනිමු.
දහහතරවන පාඩම
යම්කිසිදෙයක් අවශ්‍ය බව කීමේදී පහත දැක්වෙන පරිදි වචන භාවිත කල හැකිය.නමුත් පුරුෂ භේදයන්ට අනුව භාවිත කරන වචන වෙනස් වේ.
~が ほしいです。
~ gā hoshii des(u).
~を ほしがっています。 ~ අවශ්‍යයි.
~ Wō hoshigatte imas(u).
~を ほしがります。
~ wō hoshigarimas(u).
- ~が ほしいです。
~ gā hoshii des(u).
උත්තම පුරුෂ සහ මධ්‍යම පුරුෂ(මම,අපි,ඔබ,ඔබලා) සමඟ නම්
⇓
~が ほしいです。
~ gā hoshii des(u).
わたしは くるまが ほしいです。
Watashi wā kuruma gā hoshii des(u).
මට වාහනයක් අවශ්‍යයි.
2.~をほしがっています。
~Wō hoshigatte imas(u).
ප්‍රථම පුරුෂ (ඔහු,ඇය,නයනි,කසුන්,ගුරුවරයා,ශිෂ්‍යයා) සමඟ නම්
⇓
~を ほしがっています。
~ Wō hoshigatte imas(u).
かのじょは パソコンを ほしがっています。
Kanojo wā pasokon wō hoshigatte imas(u).
ඇයට ලැප්ටොප් පරිගණකයක් අවශ්‍යයි.
- ~を ほしがります。
~ wō hoshigarimas(u).
පොදු පුද්ගල කණ්ඩායමක් සමඟ නම්
⇓
~を ほしがります。
~ wō hoshigarimas(u).
こどもが おかしを ほしがります。
Kodomo gā okashi wō hoshigarimas(u).
ළමයින්ට රසකැවිලි අවශ්‍යයි.
යම්කිසි ක්‍රියාවක් කිරීමට අවශ්‍ය බව කීමේදී පුරුෂ භේදයට අනුව භාවිතා කරන වචනය මෙන්ම නිපාතයද වෙනස් වේ.මෙහිදී ක්‍රියාපදයේ ます(mas(u)) ස්වරූපයේ ます(mas(u)) කොටස ඉවත්කර පහත දැක්වෙන අයුරින් වාක්‍ය වලදී යොදාගනී.
~が ます + たいです。
~ gā mas(u) + tai des(u).
~を ます + たがっています。 ~ අවශ්‍යයි.
~ wō mas(u) + tagatte imas(u).
~を ます + たがります。
~ wō mas(u) + tagarimas(u).
- ~たいです。
~taides(u).
උත්තම පුරුෂ සහ මධ්‍යම පුරුෂ (මම,අපි,ඔබ,ඔබලා) සමඟ නම්
⇓
~が/を ます + たいです。
~ gā/wō mas(u) + tai des(u).
わたしは おこまみやきを たべたいです。
Watashi wā okonomiaki wō tabetai des(u).
මට ඔකොනොමියකි (ජපන් ආහාර වර්ගයක්) කන්න අවශ්‍යයි.
- ~たがっています。
~ tagatte imas(u).
ප්‍රථම පුරුෂ (ඔහු,ඇය,නයනි,කසුන්,ගුරුවරයා,ශිෂ්‍යයා) සමඟ නම්
⇓
~を ます + たがっています。
~ wō mas(u) + tagatte imas(u).
かれは にほんへ いきたがっています。
Kare wā nihon e ikitagatte imas(u).
ඔහුට ජපානයට යන්න අවශ්‍යයි.
- ~たがります。
~ tagarimas(u).
පොදු පුද්ගල කණ්ඩායමක් සමඟ නම්
⇓
~を ます + たがります。
~ wō mas(u) + tagarimas(u).
ちいさいこどもは アイスクリームを たべたがります。
Chiisai kodomo wā aisukuriimu wō tabetagarimas(u).
පොඩි ළමයින්ට අයිස්ක්‍රීම් කන්න අවශ්‍යයි.